ලසන්ත වික්‍රමතුංග ඝාතනය - බුද්ධි අංශ ප්‍රධානියාගේ කණ්ඩායමක වැඩක්
March 20, 2017 01:16 pm
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් සඳහන්ය.
මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික සුවයෙන් පසුවන මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරියාට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් විසින් නියෝග කර තිබේ.
මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිතව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
-
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=71129
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්,
@monson mewa serama kare gothabayge advise nisa neda???
nathuwa මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ mun ekka monawada thibba case eka??