මිනීමරු එබෝලා ආපහු එනවා

tsirt

Banned
May 27, 2014
67
6
0
මිනීමරු එබෝලා ආපහු එනවා

මේක ලෝකයේ තියෙන භයානකම වෛරසය.මේක හැදුනොත් 90%ක මැරෙනවා.ඒ විතරක් නෙවෙයි මේක ලේසියෙන් හෙම්බිරිස්සව වගේ පැතිරෙන එකක්.දැනටමත් රටවල් 13කට ගිහිල්ලා ඉවරයි.මේකට බෙහෙත් නෑ.
 
  • Like
Reactions: kites and enadun

tsirt

Banned
May 27, 2014
67
6
0
එබෝලා රෝගයෙන් බටහිර අප‍්‍රිකාවෙන් 660ක් මියයති
එබෝලා රෝගයෙන් බටහිර අප‍්‍රිකාවෙන් 660 දෙනෙක් මියයති. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ තවත් රෝගීන් දහසකට වැඩි පිරිසක් පිළිබද තොරතුරු වාර්තාවී ඇති බවයි. රක්තපාත උණ මෙන්ම මස්පිඬු වේදනාව, වමනය සහ අතීසාරය සමඟ හටගන්නා මෙම රෝග තත්ත්වයෙහි මරණ අවදානම සියයට 90 කට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. සියරාලියෝන්, ලයිබේරියා, ගිනියා ඇතුලු රටවල් රැසකට මෙම රෝග තත්ත්වය බලපා තිබේ.
 

tsirt

Banned
May 27, 2014
67
6
0
සයිරා ලියෝන්ස්හි (Sierra Leone) එබෝලා (Ebola) වෛරසය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙක් මරණයට පත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර කයිලාහුන් (Kailahun) ප්‍රදේශයේ පදිංචි පිරිසක් එලෙස මරණයට පත් ව තිබේ.

එම වෛරසය මාර්තු මාසයේ පැතිරීම ආරම්භ කර ඇති අතර එමගින් තවත් පුද්ගලයින් 145 දෙනෙක් මරණයට පත් ව ඇතැයි වාර්තා වේ.

ලොව මාරාන්තික වෛරසවලින් එකක්වන එබෝලා වෛරසය සඳහා කිසිඳු එන්නතක් හෝ ඖෂධයක් නොමැත.

මිනිසුන් සහ සතුන් මගින් ව්‍යාප්තවන එම එබෝලා නමැති වෛරසය ශරීරගත වූ පුද්ගලයින්ගෙන් 90% ක් මරණයට පත්වන බවට අනාවරණ වී තිබේ
 

tsirt

Banned
May 27, 2014
67
6
0
අපේ immigration department වල කට්ටිය මෙවා දන්නවද දන්නෙනැ. අපේ කට්ටිය ලැස්තිවෙද්දි නැවගිහින් තියෙයි.

ekek avat ati lankavatanam
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    aawa kiyala witharak madi machan meka kohomada bo wenne kohomada awama karaganne ewath daapan. :)
     
    Last edited:

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    ලයිබීරියාව සහ සියරා ලියෝන්හි එබෝලා රෝගීන් පිලබද නව නීති පනවයි
    WRITTEN BY ලොඅත ON 30 JUNE 2014. POSTED IN FOREIGN REPORT

    බටහිර අප්‍රිකාවේ රටවල් කීපයක වේගයෙන් පැතිරියන එබෝලා වෛරස් රෝගී තත්වය මැඩලීම සදහා රටවල් කීපයක් මේවන විට නව නීති පනවා තිබේ.ඒ අනුව එබෝලා වෛරස් රෝගය වැලදීමෙන් පසුව පතිකාර නොගෙන සිටන පුද්ගලයන් මින් ඉදිරියට නීතිය ඉදිරියේ වරද කරුවන් ලෙස සලකන බව ලයිබීරියානු ජනාධිපති President Ellen විසින් ප්‍රකාශ කර ඇත.

    සියරාලියෝන් රාජ්‍යද මීට පෙර නිවේදනයක් නිගුත් කරමින් ප්‍රකාශ කොට සිටියේ එබෝලා රෝගීන් නිවාසවල සගවා තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.එබෝලා රෝගීන් පිලබද මෙවැනි තදබල නීති ගෙන ඒමට බටහිර අප්‍රිකානු රජයන් තීරනය කර තිබෙන්නනේ ඇතැම් එබොලා රෝගීන් හිතාමතාම ප්‍රතිකාර ගැනීමෙන් වැලකී සිටීම හේතුවෙනි.මේවන විට එබෝලා රෝගය වැලදීමෙන් Guinea රාජ්‍යයේ පුද්ගලයන් 280 ලයිබීරියාවේ පුද්ගලයන් 63 සහ සියරාලියෝන්හි පුද්ගලයන් 41 මියගොස් තිබේ.
     
    • Like
    Reactions: Mr.Tom