මිනීමරු එබෝලා ආපහු එනවා

tsirt

Banned
May 27, 2014
67
6
0
එබෝලා අප්‍රිකාව අඳුරු කරයි
2014 ජූලි මස 29 12:06:24 | වේරගොඩගේ සජිව විජේවීර
fb.png

මාරක එබෝලා වෛරසය පැතිරීම වැළැක්වීමට බටහිරි අප්‍රිකානු රටවල් දැඩි වෙහෙසකින් සියළු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර ලයිබීරියාව දැඩි අවධානමකට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය සතිඅන්තයේ දී ලයිබීරියාවේ ජනාධිපති එලන් ජොන්සන් රට වටා දේශසීමාවන්ගේ සියළු ප්‍රවේශමාර්ග වසා දැමීමට කටයුතු කැර තිබිණි. එබෝලා වෛරසය පරීක්ෂා කිරීමට පහසුකම් ඇති ස්ථාන කිහිපයක පමණක් දොරටු යළි විවෘතකැර ඇත.
මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන අවන්හල් සහ අනිකුත් විනෝදාස්වාදය සපයන ස්ථානවල වෛරසයෙන් වැළකෙන ක්‍රම විදහා දක්වන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමට ද ලයිබීරියා රජය කටයුතු කැර ඇත.
‘‘මෙය ජාතික ප්‍රශ්නයක්, එය අපගේ ජීවිතවලට ප්‍රහාර එල්ලකරනවා. ඉතා බැරෑරුම් ලෙස ආර්ථිකය සහ සමාජීය ජීවිතය කඩා වැටෙනවා. අපගේ සියළුම ශක්තිය ජාතියක් වශයෙන් මේ සම්බන්ධව යෙදවීම අවශ්‍යයි. “ ජනාධිපති ජොන්සන් පවසයි.
නයිජීරියාවේ විශාලතම ගුවන් සමාගම වන අරික් එයා සමාගම ලයිබිරායට ඇතුලු වෛරසය පැතිරෙන අනෙක් අප්‍රිකානු රටවලට සිය ගුවන් ගමන් ද නවතා දමා ඇත.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන දත්ත අනුව ලයිබීරියාවේ පමණක් එබෝලා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 224කි. ඉන් 127ක් මියගොස් ඇත. බටහිර අප්‍රිකාවේ රටවල දැනට පුද්ගලයන් 660ක් මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛද්‍යවරු පවසන්නේ එබෝලා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු මිය යාමේ සම්භාවිතාව සියයට 90ක් බවයි.
පසුගිය සතියේ ලයිබීරියාවේ වෛද්‍යවරයකු සහ සහන සේවකයෝ දෙදෙනකු ද මියගියහ. සහන සේවකයින් උත්සාහ දරන්නේ වෛද්‍යවරුන්ට මෙම වෛරසය පැතිරයාම වළක්වා ඔවුන් හැකිතාක් රෝගීන් වෙත යොමු කිරීමයි.
එබෝලා වෛරසය කලාපයේ අනෙක් රවටලට ද පැතිරීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහන සේවකයන් විශාල පිරිසක් යොදවා ඇතත් මේ දක්වාම එය පාලනය අපහසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එබෝලා වෛරසය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් හෝ වෙනත් ඖෂධයක් හෝ සොයාගෙන නැත.
රෝග වාහකයා ලෙස ක්‍රියාත්මක වන්නේ පළතුරු වවුලාය. සෙම, කෙළ, සොටු, ශුක්‍ර තරළ ආදී සිරුරේ ඇති තරළ හුවමාරුවෙන් මේ රෝගය බෝවන බව සොයාගෙන ඇත.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    අපේ immigration department වල කට්ටිය මෙවා දන්නවද දන්නෙනැ. අපේ කට්ටිය ලැස්තිවෙද්දි නැවගිහින් තියෙයි.
    උන් දන්නේ මැති ඇමතිවරුන්ට ගොට්ට අල්ලන්ඩ විතරයි බන්.. උගත්කමට ගිය උන් ඉන්නවයේ ඔව්වයේ....
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    mewa ලෝක විනසයත් එක්ක එන ලෙඩ රෝග පුළුවන්තරම් ආගමික ජිවිතයක් ගත කරන්න
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මේ කියනකන් මෙහෙම ලෙඩක් ගැන දන්නේ නෑ. දැනුවත් කලට ගොඩක් පිං !
    ඉක්මනට මේකට විසඳුමක් හොයගනී නේද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයන්ට පිටසක්වල ජීවීන් යම් කිසි පණිවුඩයක් ලබාදීලා තියෙනවා.නමුත් ඔවුන් ඒක ජනතාවගෙන් වසන් කරගෙන ඉන්නවා.මේක ගැන හුඟක් දේවල් මම දන්නවා.නමුත් ඒක කියන්න මම කැමති නෑ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    සවුදි වල මේ දවස්වල තියෙන්නෙ එබොලා නේද?
     

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    අල්ලට පිංසිද්ද වෙන්න මක්කමට එබෝලා සාර්ස්, මර්ස් කියන වෛරස් ඔක්කොම එනවා(EBOLA,SARS,MERS)
     

    waligamaya

    Well-known member
  • මම අද උදේම වැඩට අපුගමන් අපේ immgation office එකේ උන්ගෙන් ඇහුව උබල මෙක ගැන දැනුවත් කරලතියනවද කියල උන් මෙගැන මෙලොදෙයක් දන්නේනැ, අඩුමගනේ medicale officers ලවත මෙගැන දැනුවත්නැ:baffled::baffled::dull::dull::dull::angry::angry:
     

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    මම අද උදේම වැඩට අපුගමන් අපේ immgation office එකේ උන්ගෙන් ඇහුව උබල මෙක ගැන දැනුවත් කරලතියනවද කියල උන් මෙගැන මෙලොදෙයක් දන්නේනැ, අඩුමගනේ medicale officers ලවත මෙගැන දැනුවත්නැ:baffled::baffled::dull::dull::dull::angry::angry:

    ඕක ලංකාවට අවොත් නම් හද්ද අනාථයි.මුන් ගාව බෙහෙතක්වත් නෑ.අඩුම ගානේ ඕක හැදුන එකාට මොනාද කරන්නේ කියලවත් දන්නේ නෑ.:D
     

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    අප්‍රිකාවෙන් එන ගුවන් යානා අත් හි‍ටුවන්න ඕන.මම හිතන්නේ ලංකාවේ එකක් ෂිසල්ස් වලට හැමදාම රෑට යනවලු.මුන් දැන් අප්‍රිකාව එක්ක බඩවෙල් බැඳගෙන නේද ඉන්නේ.එහෙන් උගන්ඩාවෙන් එනවා.මෙහෙන් මොසැම්බික් එනවා.අරහෙන් දකුනු අප්‍රිකාවෙන් එනවා.නොදකින්.
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Read the book Hotzone:

    Preston, Richard (1995-07-20) [1994]. The Hot Zone, A Terrifying True Story. Anchor Books (Random House), Sagebrush Education Resources, Tandem Library Books. ISBN 0-385-47956-5.



    The Hot Zone: A Terrifying True Story is a best-selling[1] 1994 non-fiction thriller by Richard Preston about the origins and incidents involving viral hemorrhagic fevers, particularly ebolaviruses and marburgviruses. The basis of the book was Preston's 1992 New Yorker article "Crisis in the Hot Zone".
    The filoviruses Ebola virus (EBOV), Sudan virus (SUDV), Marburg virus (MARV), and Ravn virus (RAVV) are Biosafety Level 4 agents. Biosafety Level 4 agents are extremely dangerous to humans because they are very infectious, have a high case-fatality rate, and there are no known prophylactics, treatments, or cures. Along with describing the history of the diseases caused by these two Central African diseases, Ebola virus disease (EVD) and Marburg virus disease (MVD), Preston describes an incident in which a relative of Ebola virus named Reston virus (RESTV), was discovered in Reston, Virginia, less than fifteen miles (24 km) away from Washington, DC. The virus found was a mutated form of the original Ebola virus, and was initially mistaken for Simian Hemorrhagic Fever (SHV) The original Reston, VA, facility located at 1946 Isaac Newton Square was torn down sometime between 1995 and 1998.

    http://en.wikipedia.org/wiki/The_Hot_Zone

    The_Hot_Zone_%28cover%29.jpg
    http://en.wikipedia.org/wiki/The_Hot_Zone#cite_note-2