මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    ගෝඨාට උනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් ද ?

    මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී මහමග දමා යාම සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කළේය.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස බලාපොරොත්තු වූයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරහා තමන්ට ගැලවීමක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව රාජපක්ෂලා සහ ඔවුන්ට නීති උපදෙස් ලබාදෙන නීති විශාරදයන් මහින්දගේ ප්‍රකාශය කලින් සැලසුම් කළ අතර මහින්දට උපදෙස් දුන්නේ සැලසුම් කළ අකාරායෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශය ලබාදෙන ලෙසයි.

    කෙසේ වෙතත් මේ වනවිට අදාල ප්‍රකාශය හේතුවෙන් මහින්ද පාර්ශ්වය දැඩි ලෙස කලබලයට පත්ව තිබේ. විශේෂයෙන් කලබල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. මහින්දගේ ප්‍රකාශය හරහා තමන්ට ගැලවීමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි ඔහුට දැන් සිදුව තිබෙන්නේ 'ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා' වගේ වැඩකි.

    මහින්ද රාජපක්ෂ ලබාදුන් ප්‍රකාශය හරහා කීත් නොයාර් පැහැර ගැනීමක් සිදු වූ බව සහ එය තමා දැන සිටි බව ඔහු පිළිගෙන තිබේ. මේ හේතුවෙන් ගෝඨාභයට දැන් කිසිසේත්ම ගැලවීමක් නොමැති බවයි වාර්තා වන්නේ.

    මහින්ද රාජපක්ෂ අදාල ප්‍රකාශය ලබාදීමේ අවස්ථාවට ඔහුගේ නීතිඥ ජයන්ත වීරසිංහ සහ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥ අලි සබ්‍රි ද සහභාගි වූ අතර ඔවුන්ට අමතරව එහි සිටියේ හිටපු අග විනිසුරු සරන් එන්. සිල්වා සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන අයයි.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය හරහා කියවුනේ මහින්ද රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට 'මට මතක නෑ' යනුවෙන් ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් සිය ප්‍රකාශය හරහා මහින්ද මෙවැනි සිදුවීමක් සිදු වූ බව පිළිගෙන ඇති අතර එපමණක් නොව එය තමන් දැන සිටි බව ද පිළිගෙන තිබේ.

    මෙම ප්‍රකාශය අතරතුර එවකට රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා තමන් ඇමතූ බව ද පිළිගෙන තිබේ. ජයසූරිය මහතා තමන් අමතා, කීත් නොයාර් මහතා පැහැර ගැනීම සම්බන්ධයෙන් විමසූ බවත් 'මේ වගේ කැබිනට් මණ්ඩලයක ඉන්නත් ලැජ්ජයි, කීත් නොයාර් ගැන බැලුවෙ නැත්තං මම ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා' යනුවෙන් කලකිරීමෙන් ප්‍රකාශ කළ බවත් පවසා තිබේ.

    හිටපු ජනාධිපතිවරයා රහස් පොලිස් නිලධාරීන් සමග මෙම සිදුවීම ගැන පැවසීමත් සමග එහි සිටි අයෙකු පවසා ඇත්තේ 'ආ...... ඌ එහෙමත් කියලද ? ඌ මාර පරයෙක් නේ' යනුවෙනි.

    මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ අන් කවරෙකුවත් නොව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාය. ඔහු මෙසේ ඌ-මූ යනුවෙන් අමතන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාටයි. එදා ඔහු මැදිහත් නොවන්නට කීත් නොයාර් මහතා පිළිබඳව අපට අද කතා කරන්නට සිදුවන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කතා කරන පරිද්දෙනි.

    නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු, හිටපු අගවිනිසුරුවරයෙකු අද වැටී සිටින තත්වය මෙයයි.

    අලි සබ්‍රිලා සැළසුම් කළ පරිදි හිටපු ජනාධිපතිවරයා කටයුතු නොකරන බැවින් මහින්ද සිය ප්‍රකාශය කරන අතරතුර අලි සබ්‍රි හදිසියේ නැගිට ගොස් ඇත්තේ අතිශය කළකිරීමෙනි. තම සේවාදායකයා වන ගෝඨාභයට ගැලවීමක් නැති බව ඔහු දැන් හොඳින්ම දනී.

    මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සටහන් කර ගැනීම අවසානයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසා ඇත්තේ බැඳුම්කර වංචාවේ චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ මන්දැ'යි කියාය.

    ජී.එල්. ගේ ප්‍රශ්නය මෙම අවස්ථාවට කිසිසේත් නොගැලපෙන්නක් වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ඉන්ටර්පෝල් හරහා එවැන්නක් සිදුකළ නොහැකි බවයි. එම නිළධාරීන්, 'ඉන්ටර්පෝල් එක ඉන්නෙ ඒ වගේ අත්අඩංගුවට ගැනීම් කරන්න නෙවෙයි කියලා ඔබතුමා දන්නෙ නැද්ද' යනුවෙන් ජී.එල්. ගෙන් විමසා තිබේ. කෙසේ වෙතත් මහා නීතිවේදී, නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එය පිළිගෙන නොමැති අතර ඔහු පවසා ඇත්තේ ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකි බවයි.

    මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි සේ කලබලයට පත්ව සිටි බව වාර්තා වේ. එසේම ඇතැම් අවස්ථාවලදී කේන්තියෙන් සිටි බවයි වාර්තා වන්නේ. ඇතැම් විට පෙර සැලසුම් කළ පරිදි ප්‍රකාශය ලබාදීමට ඔහු අසමත් වන්නට ඇත්තේ ද මේ නිසාය. කෙසේ වෙතත් අවසානයේ එම කේන්තිය පිටවූයේ හිටපු ජනාධිපතිවරයාගේ සියලු බැල මෙහෙවරකම් කරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර පිටිනි. ඔහුට කිසිදු හේතුවක් නොමැතිව සුද්ද සිංහලෙන්ම අසා ගැනීමට සිදු වූයේ හිටපු ජනාධිපතිවරයාගේ මේ කේන්තිය නිසාය.


    - https://lankanewsweb.net/sinhala/පු...නේ-ගහෙන්-වැටුණු-මිනිහට-ගොනා-ඇන්නා-වගේ-වැඩක්-ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    52657080-2383364418558751-1092516904167276544-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    රවිරාජ් ඝාතකයන්ට ගෝඨාගෙන් කෝටි 5 ක්

    Saturday, පෙබරවාරි 27, 2016 - 01:00
    සිරන්ජනී කුමාරි

    බුද්ධි අංශ කොස්තාපල් අභයරත්න සාක්කි දෙමින් කියයි

    යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය.

    මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා කරුණා පාර්ශ්වය වෙත ලබා දුන් බවත් මෙම ඝාතනය නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩූල් හා කරුණා පාර්ශ්වයේ වැරන්ගේ දැනුවත්කමින් සිදු වූ බවට හෙතෙම වැඩිදුරටත් සාක්කි දෙමින් පැවසීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය.

    මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා.

    තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා.

    2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා.

    කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ්ටි හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි.

    2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්‍රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා.

    විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා.

    මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා.

    ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට ‍වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා.

    ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා.

    ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා.

    ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා.

    මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ.

    සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්‍රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා.

    තවත් අයෙක් හිටියා. ඔහු ජනාත් රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා.

    වැඩිදුර විභාගය ලබන මස 2 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එතෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකළේය. ඇසින් දුටු සාක්කි අංක 4 වැනි ඇන්ජලෝ රෝයි මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය.


    - http://www.dinamina.lk/2016/02/27/පුවත්/රවිරාජ්-ඝාතකයන්ට-ගෝඨාගෙන්-කෝටි-5-ක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    ගෝඨාට ඇමරිකානු අධිකරණයකින් සිතාසි බාරදේ !

    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ.


    එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.
    සිය පියා ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව එම පෙත්සමින් අවධාරණය කර තිබේ.
    ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිතාසිය බාරදී ඇත්තේ ඔහු කැලිෆෝනියාවේ පිහිටි Traders Joe’s American Grocery Store සුපිරි වෙළඳ සංකීර්ණයක් තුල සිටියදීය.

    සිය සමීප මිතුරකු වන සංජිව ගුණසේකර මහතාගේ දියණියකගේ විවාහ මංගල්‍යට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මේදිනවල ඇමරිකාවට ගොස් සිටියි.

    Gota_pettion.jpg


    - https://sinhala.srilankamirror.com/news/18858-2019-04-08-03-10-47
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    රාජපක්ෂ රජයේ කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සේවකයින්ට වන්දි ගෙවීමට අධිකරණ නියෝගයක් !

    katunayaka-attack-01.jpg


    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ලකෑමට රාජපක්ෂ රජය දැරූ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණය කළ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ට පොලිසිය ලබා වෙඩි තැබවීමේ සිද්ධියේදී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට ඊයේ (05) නියෝග කළේය.



    ඒ, තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිමක් පෙත්සම් විභාගයෙහි තීන්දුව ලබා දෙමිනි. විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් අදළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

    ඒ අනුව පළමු පෙත්සම්කරුට රුපියල් 250,000ක් සහ සෙසු පෙත්සම්කරුවන්ට රුපියල් 50,000 - 75,000 අතර වන්දි මුදල් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ.

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් රජයේ භාවිතයට ගැනීමට උත්සාහ දරමින් ගෙන ආ සේවක විශ්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් 2011 මැයි 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 600 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නියැළුණි. රාජපක්ෂ රජය විසින් එම උද්ඝෝෂණයට පොලිසිය ලවා වෙඩි තබවා ම්ලේච්ඡ ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.

    එහිදී රොෂේන් චානක නම් තරුණයා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ තවත් සේවක සේවිකාවන් ගණනාවක් තුවාල ලැබූහ. වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල සහ සේවකයින්ගේ දේපළවලට ද පොලිසිය විසින් හානි කර තිබුණු අතර ගැබිණි මව්වරුන්ට පහරදීම, වෙඩි වැදීමෙන් තුවාල ලත් රොෂේන් චානක තරුණයාව රෝහල්ගත කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ද පොලිසියට චෝදනා එල්ල වී තිබිණි.

    සේවකයින්ට වන්දි ගෙවීමට රජයට නියම වුවත් මෙම අපරාධයට අණ දුන් රාජපක්ෂලා සහ ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කළ පොලිස් ම්ලේච්ඡයින් අදටත් කිසිදු දඬුවමකින් තොරව නිදැල්ලේ සිටීම ද විශේෂත්වයකි. එම ලේ පිපාසිතයින්ගේ ක්‍රියාවට අදාළ වන්දියත් අවසානයේ ගෙවීමට සිදුව ඇත්තේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවටය.

    RN


    - https://lankanewsweb.net/sinhala/පු...ල-ලැබූ-සේවකයින්ට-වන්දි-ගෙවීමට-අධිකරණ-නියෝගයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විතානගේ වාර්තාව තොරතුරු කොමිසම විසින් මුදා හැරේ.

    Vithanage_Report.jpg


    ලංකා නිව්ස් වෙබ් විසින් මෙය මීට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබීම තොරතුරු කොමිසමේ විශේෂ අවධානයට ලක් වෙයි.

    පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, එයට සම්බන්ධ සමාගම් සහ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ ‘විතානගේ කමිටු වාර්තාවේ‘ පිටපතක් ප්‍රසිද්ධ ලේඛනයක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ඊයේ (02) ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව කටයුතු කළේය.

    මෙය ශ්‍රී ලංකාවේ තොරුතුරු නීතිය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා තොරතුරු කොමිෂන් සභාව විසින් ගනු ලැබූ විශිෂ්ට තීරණයකි.

    අභියාචක තිරු නඩේසන් මහතා විසින් එම කමිටු වාර්තාවේ පිටපතක් සහ 2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු ("උපදේශක සමාගම් හා අදාළ ගෙවීම්") ඉල්ලමින් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය එම තොරතුරු ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසානයේ තොරතුරු කොමිෂන් සභාව වෙත ඔහු විසින් අභියාචනය යොමු කර තිබිණි.

    එවිට අදාළ පොදු අධිකාරිය වූ අමාත්‍ය මණ්ඩලය තොරතුරු කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණේ රහස්‍ය ආවරණයක් යටතේ එම කමිටු වාර්තාවේ පිටපතක් ලබාදිය හැකි බව ය.

    එම කමිටු වාර්තාවේ පිටපත තොරතුරු කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් කර, පසුව 2019.04.02 දින එම අභියාචනය වැඩිදුර විභාගයට ගන්නා අවස්ථාවේදී එය ප්‍රසිද්ධ ලියැවිල්ලක් සේ මුදා හැරීමට නියෝග කරන ලදී. ඒ සඳහා තමන්ගේ විරෝධතාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ද අවසානයේ ප්‍රකාශ කළේය. ඉන්පසු එම අවස්ථාවේදීම එම ලේඛනය තිරු කුමාර් නඩේසන් මහතා වෙත ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව පියවර ගත්තේය.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිෂම ඉදිරියේ පෙනී සිටියේය.

    RTICAppeal/216/2018 යටතේ මෙම අභියාචනය තොරතුරු කොමිසම හමුවේ විභාගයට ගැනිණි.

    ලංකා නිව්ස් වෙබ් සහ විතානගේ වාර්තාව

    ලංකා නිව්ස් වෙබ්, දැනට වර්ෂ 3 ක පමණ කාලයක පටන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දිගින් දිගටම ගවේෂණාත්මක පුවත් පළ කළ අතර, තොරතුරු කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ මුදා හරින ලද විතානගේ වාර්තාව ද ලංකා නිව්ස් වෙබ් විසින් සම්පූර්ණයෙන්ම පළ කර තිබිණි.

    මෙම ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිට්ටු සහචරයෙකු වන මුදිත ජයකොඩිට අයත් සමාගමකට ලබාදී තිබීම සහ ඒ වෙනුවෙන් සිදුකර තිබෙන බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඒ වන විට රටෙහි ඇති වී තිබූ ආන්දෝලනය එයට හේතු විය.

    ඒ අනුව මෙම අභියාචනය තොරතුරු කොමිෂන් සභාව ඉදිරිපිට විභාග වන අවස්ථාව වන විටද ලංකා නිව්ස් වෙබ් විසින් එය අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් කර තිබිණි.

    මේ බව ද මෙම අභියාචන විභාගයේදී තොරතුරු කොමිෂන් සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබු අතර, ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ විතානගේ වාර්තාව ‘‘මහජනයා වෙත දැනටමත් විවෘතව පවත්නා අදාළ වාර්තාවේ නිල නොලත් පිටපතක්‘‘ යනුවෙන් තොරතුරු කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.

    අභියාචක තිරු කුමාර් නඩේසන් මහතා විසින් මෙකී වාර්තාව සහ ඊට අදාළ ව ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ ප්‍රවෘත්ති පත්‍රිකා තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දී තිබිණි.

    මේ අනුව රහස්‍ය ආවරණයක් යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී තිබූ විතානගේ කමිටු වාර්තාව සහ ලංකා නිව්ස් වෙබ් විසින් ඒ වන විටත් පළ කර තිබූ සම්පූර්ණ වාර්තාව අතර වෙනස්කමක් තිබේද යන්න ද අවසන් නියෝගය ලබාදීමේදී තොරතුරු කොමිෂන් සභාවේ අවධානයට ලක්ව තිබේ.

    ‘‘මට උවමනා වුණේ මහා පරිමාණ දූෂණයක් හෙළිදරව් කරන්නයි“ - තිරු කුමාර් නඩේසන්

    ‘‘මට අවශ්‍ය වුණේ බිලියන ගණනක දූෂණයක් හෙළි කරන්නයි. අත්දැකීමෙන් ඉතාම අඩු කෙනෙකුට බිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් ලබාදෙමින් සිදුකර තිබෙන මේ මහා පරිමාණ දූෂණය පිළිබඳ ඒ වන විටත් පළ වී තිබූ තොරතුරු, නිල වශයෙන් ලබාගන්නට උත්සාහ කිරීමේදී මට විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. එය මේ රටේ තොරතුරු සංස්කෘතිය කොතරම් වැසුණු මට්ටමක තිබෙනවාද යන්නට උදාහරණයක්. අවසානයේ නිල වශයෙන් එම තොරතුරු ලබාදීමට කටයුතු කළ තොරතුරු කොමිෂන් සභාව වෙත මම ස්තූතිවන්ත වෙනවා“ යැයි තිරුකුමාර් නඩේසන් මහතා ලංකා නිව්ස් වෙබ් සමග පැවසීය.

    අමාලි ජයවීර

    විතානගේ වාර්තාව 2016 වසරේදී Lanka News Web විසින් සම්පූර්ණයෙන් පළ කර තිබූ අයුරු - Here is the Withanage report that exposed ‘patriotic’ Gota’s unpatriotism!


    - https://lankanewsweb.net/sinhala/පු...තානගේ-වාර්තාව-තොරතුරු-කොමිසම-විසින්-මුදා-හැරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    Two civil damages cases filed in California against former Defence Sec. Gotabhaya

    The International Truth and Justice Project (ITJP) together with the US law firm Hausfeld have filed a civil damages case in California against former Defence secretary Gotabaya Rajapaksa.

    The case was filed on behalf of Roy Samathanam in the Central District Court of California, ITJP said in a press statement.

    ITJP claimed that Canadian national, Roy Samathanam was detained in Sri Lankan in September 2007 by the Terrorism Investigation Division of the Sri Lanka police, who reported directly to Mr Rajapaksa.

    Further the statement claimed that Mr Samathanam was "physically and psychologically tortured and forced to sign a false confession before being released in August 2010 on a plea deal and payment of a fine. In 2016. Mr. Samathanam won a UN human rights committee case but Sri Lanka has failed to abide by the compensation ruling."

    Accordingly, ITJP said that summons were issued on Mr. Rajapaksa yesterday (Apr 07) night after private investigators tracked down Mr Rajapaksa who was on holiday. Notice was officially served to Mr Rajapaksa at a parking lot of Trader Joe's store in California.

    At the same time ITJP said notice was also served in a seperate case filed by another organisation on behalf of Ahimsa Wickrematunge the daughter of slain journalist Lasantha Wickrematunga.

    “Mr Rajapaksa has to give up his US citizenship to be able to stand in presidential elections so this was probably the last chance for a long time to begin to hold him accountable,” ITJP’s executive director Yasmin Sooka was quoted as saying.

    - http://www.sundaytimes.lk/article/1...lifornia-against-former-defence-sec-gotabhaya
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    Civil suit against Sri Lanka's former Defense Secretary on killing of Lasantha Wickrematunge unsealed in US court

    Tue, Apr 16, 2019, 09:25 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Apr 16, Colombo: The Center for Justice and Accountability (CJA) says the civil suit filed in a U.S. court against Sri Lanka's former Defense Secretary Gotabaya Rajapaksa for his alleged role In killing of journalist Lasantha Wickrematunge was unsealed in a U.S. federal court.

    The San Francisco-based human rights legal organization in a Twitter post said the CJA's civil suit against former Sri Lankan Defense Secretary Gotabaya Rajapaksa for the killing of journalist Lasantha Wickrematunge and systematic attacks on the Free Press was unsealed by a federal judge in U.S. District Court for Central District of California on Tuesday (15th).

    On April 4, 2019, CJA filed a civil suit on behalf of Ahimsa Wickrematunge, daughter of the journalist Lasantha Wickrematunge against Gotabaya Rajapaksa, brother of former President Mahinda Rajapaksa, for his alleged involvement in the killing of journalist Lasantha Wickrematunge and the widespread and systematic targeting of journalists perceived to be critical of the Rajapaksa government.

    The CJA says the defendant was personally served the notice on April 7, 2019 in Montrose, California.

    Gotabhaya Rajapaksa, who is a dual citizen of Sri Lanka and the U.S. has three weeks from the time of service (until April 29) to respond to CJA's complaint, by either affirming or denying the facts it alleged or by filing a motion to dismiss. If he does not respond, the case can still proceed without him, and the court will assess the strength of CJA's claims against him, the group explained.

    - - http://www.colombopage.com/archive_19A/Apr16_1555386946CH.php

    අහිම්සා ගෝටාබයට විරුද්ධව පැවරූ නඩුව ගැන ඔබ දැනගත යුතු කරුණු

    ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්ට​ එවරහිව ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු ඉලක්ක කොට​ මරා දැමීම සම්බන්ධවෙන් පවරා ඇති නඩුව ප්‍රසිද්ධ කර ඇත. ඝාතනයට දස වසරක සැපිරීමත් සමග ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් තමන්ගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂට එරෙහිව​ නඩු පවරන ලදී.

    ahimsa.jpeg


    More:
    https://www.colombotelegraph.com/index.php/ct16-april-2019/

    මූ ගැන මෙච්චර කියලත් කෝ ඇහුවද? ඇහුවද ? :lol:
    ------ Post added on Jul 1, 2022 at 7:25 PM

    up
    ------ Post added on Jul 1, 2022 at 7:40 PM

    :lol:
    ------ Post added on Jul 1, 2022 at 7:41 PM