ගෝඨාට උනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් ද ?
මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී මහමග දමා යාම සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස බලාපොරොත්තු වූයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරහා තමන්ට ගැලවීමක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව රාජපක්ෂලා සහ ඔවුන්ට නීති උපදෙස් ලබාදෙන නීති විශාරදයන් මහින්දගේ ප්‍රකාශය කලින් සැලසුම් කළ අතර මහින්දට උපදෙස් දුන්නේ සැලසුම් කළ අකාරායෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශය ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාල ප්‍රකාශය හේතුවෙන් මහින්ද පාර්ශ්වය දැඩි ලෙස කලබලයට පත්ව තිබේ. විශේෂයෙන් කලබල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. මහින්දගේ ප්‍රකාශය හරහා තමන්ට ගැලවීමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි ඔහුට දැන් සිදුව තිබෙන්නේ 'ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා' වගේ වැඩකි.
මහින්ද රාජපක්ෂ ලබාදුන් ප්‍රකාශය හරහා කීත් නොයාර් පැහැර ගැනීමක් සිදු වූ බව සහ එය තමා දැන සිටි බව ඔහු පිළිගෙන තිබේ. මේ හේතුවෙන් ගෝඨාභයට දැන් කිසිසේත්ම ගැලවීමක් නොමැති බවයි වාර්තා වන්නේ.
මහින්ද රාජපක්ෂ අදාල ප්‍රකාශය ලබාදීමේ අවස්ථාවට ඔහුගේ නීතිඥ ජයන්ත වීරසිංහ සහ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥ අලි සබ්රි ද සහභාගි වූ අතර ඔවුන්ට අමතරව එහි සිටියේ හිටපු අග විනිසුරු සරන් එන්. සිල්වා සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන අයයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය හරහා කියවුනේ මහින්ද රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට 'මට මතක නෑ' යනුවෙන් ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් සිය ප්‍රකාශය හරහා මහින්ද මෙවැනි සිදුවීමක් සිදු වූ බව පිළිගෙන ඇති අතර එපමණක් නොව එය තමන් දැන සිටි බව ද පිළිගෙන තිබේ.
මෙම ප්‍රකාශය අතරතුර එවකට රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා තමන් ඇමතූ බව ද පිළිගෙන තිබේ. ජයසූරිය මහතා තමන් අමතා, කීත් නොයාර් මහතා පැහැර ගැනීම සම්බන්ධයෙන් විමසූ බවත් 'මේ වගේ කැබිනට් මණ්ඩලයක ඉන්නත් ලැජ්ජයි, කීත් නොයාර් ගැන බැලුවෙ නැත්තං මම ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා' යනුවෙන් කලකිරීමෙන් ප්‍රකාශ කළ බවත් පවසා තිබේ.
හිටපු ජනාධිපතිවරයා රහස් පොලිස් නිලධාරීන් සමග මෙම සිදුවීම ගැන පැවසීමත් සමග එහි සිටි අයෙකු පවසා ඇත්තේ 'ආ...... ඌ එහෙමත් කියලද ? ඌ මාර පරයෙක් නේ' යනුවෙනි.
මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ අන් කවරෙකුවත් නොව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාය. ඔහු මෙසේ ඌ-මූ යනුවෙන් අමතන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාටයි. එදා ඔහු මැදිහත් නොවන්නට කීත් නොයාර් මහතා පිළිබඳව අපට අද කතා කරන්නට සිදුවන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කතා කරන පරිද්දෙනි.
නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු, හිටපු අගවිනිසුරුවරයෙකු අද වැටී සිටින තත්වය මෙයයි.
අලි සබ්රිලා සැළසුම් කළ පරිදි හිටපු ජනාධිපතිවරයා කටයුතු නොකරන බැවින් මහින්ද සිය ප්‍රකාශය කරන අතරතුර අලි සබ්රි හදිසියේ නැගිට ගොස් ඇත්තේ අතිශය කළකිරීමෙනි. තම සේවාදායකයා වන ගෝඨාභයට ගැලවීමක් නැති බව ඔහු දැන් හොඳින්ම දනී.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සටහන් කර ගැනීම අවසානයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසා ඇත්තේ බැඳුම්කර වංචාවේ චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ මන්දැ'යි කියාය.
ජී.එල්. ගේ ප්රශ්නය මෙම අවස්ථාවට කිසිසේත් නොගැලපෙන්නක් වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ඉන්ටර්පෝල් හරහා එවැන්නක් සිදුකළ නොහැකි බවයි. එම නිළධාරීන්, 'ඉන්ටර්පෝල් එක ඉන්නෙ ඒ වගේ අත්අඩංගුවට ගැනීම් කරන්න නෙවෙයි කියලා ඔබතුමා දන්නෙ නැද්ද' යනුවෙන් ජී.එල්. ගෙන් විමසා තිබේ. කෙසේ වෙතත් මහා නීතිවේදී, නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එය පිළිගෙන නොමැති අතර ඔහු පවසා ඇත්තේ ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකි බවයි.
මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි සේ කලබලයට පත්ව සිටි බව වාර්තා වේ. එසේම ඇතැම් අවස්ථාවලදී කේන්තියෙන් සිටි බවයි වාර්තා වන්නේ. ඇතැම් විට පෙර සැලසුම් කළ පරිදි ප්‍රකාශය ලබාදීමට ඔහු අසමත් වන්නට ඇත්තේ ද මේ නිසාය. කෙසේ වෙතත් අවසානයේ එම කේන්තිය පිටවූයේ හිටපු ජනාධිපතිවරයාගේ සියලු බැල මෙහෙවරකම් කරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර පිටිනි. ඔහුට කිසිදු හේතුවක් නොමැතිව සුද්ද සිංහලෙන්ම අසා ගැනීමට සිදු වූයේ හිටපු ජනාධිපතිවරයාගේ මේ කේන්තිය නිසාය.
- https://lankanewsweb.net/sinhala/පු...නේ-ගහෙන්-වැටුණු-මිනිහට-ගොනා-ඇන්නා-වගේ-වැඩක්-ද