මිනීමරු ශාකයක්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මිනීමරු ශාකයක්

    භෞතික විද්‍යාවේ බාඳුරා මල් වැනි විලෝපික ශාක ගණනාවක් ගැන සඳහන් වෙනවා. මිනීමරු ශාකයක් ගැන කතාවක් ඇතුළත් හාස්‍යජනක සංගීතමය වේදිකා නාටකයක් හා ඒ අනුසාරයෙන් තැනූ චිත‍්‍රපටයක් 1986 දී ආවා. එහි නම වූයේ ‘ලිට්ල් ෂොප් ඔෆ් හොරර්ස්’ Little Shop of Horrors කියායි. එය සිහිගන්වන මිනීමරු ශාකයක වීඩියෝ රූප පෙළක් ‘යූ ටියුබ්’ එකේ ගියා. ලක්ෂ ගණනක් ඒක නැරඹූ බව සඳහන් වෙනවා.

    1.JPG

    මේ මීයා දන්නෙ නෑ ඌ ඉන්නෙ ‘මීමරු’ පැළෑටියක් මත බව.

    2.JPG

    දැන් ප‍්‍රමාද වැඩියි!

    අපේ රටේ හුරුපුරුදු පැළෑටියක් වන බාඳුරා මල් අයත් වන්නේත් උද්භිද විද්‍යාත්මකව Nepenthaceae කියා හැඳින්වෙන පවුලටයි. අපේ රටේ වැවෙන ‘වෙල් බාඳුරා’ ශාකය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ නෙපැන්තස් ඩිස්ටිලටෝරියා Nepenthes distillatoria කියලයි.

    පිලිපීනයේ හා බෝනියෝ දූපත්වල හමු වන නෙපැන්තස් ස්පාතුලාටා Nepenthes spathulata නම් ශාකයත් අයත් වන්නේත් ඒ පවුලටයි. ඒත් ඒ මාංශභක්ෂක ශාකය කලින් සඳහන් කළ චිත‍්‍රපටයේ ‘ ඕඞ්රි II’ නම් පැළෑටිය තරම් භයානක නෑ. ඒත් ඒ තරමට ම විශාලව වැඩෙනවා. එහි කඳ මීටර 5ක් විතර උසට වැඩෙන බව සඳහන්. එහි ඉහළ කෙණ්ඩිය අඩියක් විතර දිගට වැඩෙනවා.


    ඒ කෙණ්ඩියෙහි මුව විට ලිස්සනසුලූයි. ඒ අසලට එන සතුන් ලිස්සා ඒ තුළට වැටෙනවා. ඒ තුළ ඇති දියරයෙහි ගිලෙන ඒ සතා එහි ඇති එන්සයිම මගින් දියකර ආහාරයට ගැනීමයි, ඊළඟට සිදු වන්නේ.


    මෑත දී ස්වාභාවික ඉතිහාස ගවේෂකයකු වූ රෙඞ්ෆර්න් නැචුරල් හිස්ටි‍්‍ර ප‍්‍රඩක්ෂන්ස් ප‍්‍රකාශන ආයතනයේ ප‍්‍රධානියා වූ ස්ටුවට් මැක්ෆර්සන් අලූත් බාඳුරා ශාක විශේෂයක් සොයා ගෙන තියෙනවා. ඔහු මේ බාඳුරා ශාක ගැන විශේෂඥ ලේඛකයක්. ඔහු තවත් උද්භිද විද්‍යාඥයන් දෙදෙනකු වූ ඇලස්ටෙයාර් රොබින්සන් හා ෆෝකර් හෙන්රිච් යන අය සමඟ පිලිපීනයේ වික්ටෝරියා කන්දේ ගවේෂණයේ යෙදී සිටියදීයි මේ ශාකය සොයා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත්තේ.


    3.JPG

    ‘ලිට්ල් ෂොප් ඔෆ් හොරර්ස්’ චිත‍්‍රපටයේ ආ ලේ පිපාසයෙන් පෙළුණු ඕඞ්රි II නම් බඳුන්ගත ශාකය.

    පසුව නිවේදනයක් නිකුත් කරමින් ඒ පිරිස කීවේ, ‘මේ තරම් විශාල මාංශභක්ෂක ශාකයක් හඳුනා නොගෙන 21 වැනි සියවස තෙක් පැවතීම පුදුමයට කරුණක්.’ කියායි.

    ‘බොහොමයක් බාඳුරා ශාක කෘමීන් විතරක් නෙවෙයි, මීයන් වැනි කෘන්තක සතුන් අල්ලා ගෙන කනවා. මේ අලූතින් හඳුනා ගත් ශාකය, නෙපැන්තස් ඇටන්බරෝයි, Nepenthes attenboroughii එහි ප‍්‍රමාණයේ හැටියට මීයකු වැනි සතකු අල්ලා ගෙන කන එක එයට එතරම් අමාරු දෙයක් නෙවෙයි.’


    මේ නව ශාක විශේෂය, නෙපැන්තස් ඇටන්බරෝයි ගැන විස්තරයක් ස්වාභාව විද්‍යාඥයකු හා බීබීසී වැඩසටහන් සම්පාදකවරයකු වූ ශී‍්‍රමත් ඬේවිඞ් ඇටන්බරෝට ගෞරව කිරීමක් හැටියට ඔහුගේ නම තැබීම ගැනත් විස්තර සහිත ශාස්තී‍්‍රය ලේඛනයක් ලීනියන් සංගමයේ උද්භිද විද්‍යා සඟරාවේ පළ කෙරුණා.


    මේ පිළිබඳව එක්සත් රාජධානියේ පූ(Poole) හි සිට ඬේලිමේල් ඔන් ලයින් වෙත ප‍්‍රකාශයක් කරමින් මැක්ෆර්සන් කීවේ, ‘මේ ශාකයේ කෙණ්ඩියට වැටෙන සතකුට එහි ඇති අම්ල හා එන්සයිම සහිත දියරයෙහි ගිලී දිය වී යාම හැර වෙනත් කළ හැකි කිසිවක් නෑ. කෙණ්ඩිය ඇතුළේ දිය නොවී ඉතිරි වන්නේ අස්ථි කොටස් විතරයි’ කියායි.


    5.JPG

    අලූතින් සොයා ගන්නා ලද නෙපැන්තස් ඇටන්බරෝයි ශාකය.

    මැක්ෆර්සන් තවදුරටත් කියන්නේ, ‘සියලූ ම බාඳුරා පැළෑටි වර්ග ශාකභක්ෂක වන අතර ඒවා ගොදුරු තමන් වෙත ඇද ගැනීමට හැකි වන ආකාරයේ වර්ණවලින් යුක්ත බවයි. කෘමීන් මල්වල වර්ණ අනුව ඒවා සොයා යනවා වාගේ මේ බාඳුර පැළැටි කරාත් ඇදෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒවා වැඩෙන්නේ පසෙහි පෝෂක හිඟ ශූෂ්ක ප‍්‍රදේශවලයි.’ කියායි.

    ‘පිලිපීනයේ දී සොයා ගන්නා ලද මේ නව ශාක විශේෂයෙහි කෙණ්ඩිය දම් පැහැති පැල්ලම් ඇති කොළ පැහැති එකක්. එය අවට කොළ පැහැති පරිසරයේ හොඳින් කැපී පෙනෙනවා.’


    ඒ පිරිස කියන්නේ එහි ශාක පත‍්‍රවල ව්‍යුහය, කෙණ්ඩිවල ස්වභාවය මල් අනුව ඒවා බෝනියෝවල හමුවන නෙපැන්තස් රාජා නම් විශාලව වැඩෙන බාඳුරා ශාකයේ සමීප නෑයකු බවයි. එසේ ම ඒ ශාකය බෝනියෝහී හා පලවාන්හී දක්නට ලැබෙන නෙපැන්තස් ෆ්ලෝරා ශාකයට නෑකම් කියනවා යනු ඔවුන්ගේ අදහසයි.


    ශී‍්‍රමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉමහත් සතුටට පත් වුණා, මේ විසිතුරු පැළෑටියට ඔහුගේ නම යෙදීම ගැන. ‘මට ඒ කණ්ඩායම කතා කළා, මේ ශාකය සොයා ගත් විගසම. ඔවුන් ඉල්ලීමක් කළා අවසර ඉල්ලා ඒ ශාකය මගේ නම් කිරීමට. මම සතුටට පත් වුණා. මම කිව්වා ඒ ගැන ඔවුන්ට ප‍්‍රශංසා කරන බව.’ ඔහු කියනවා. ‘ඔවුන්ගේ සොයා ගැනීම විශිෂ්ටයි. ඒ ශාකය සුවිශේෂී එකක්. බාඳුරා වර්ගයට අයත් ලොකුම ශාකය එයයි’ ඔහු තවදුරටත් කියනවා.



    ශී‍්‍රමත් ඬේවිඞ් ඇටන්බරෝ බාඳුරා ශාක සොයා ගිය ගමනක් මේ වීඩියෝ වෙන් නරඹන්න.




    http://www.malkakulu.com/2012/04/blog-post_10.html
     

    BRAINY

    Active member
  • භෞතික විද්‍යාවේ බාඳුරා මල් වැනි විලෝපික ශාක ගණනාවක් ගැන සඳහන් වෙනවා.

    මම අහල තිබ්බෙ බාදුරා තියෙන්නෙ "උද්භිද" විද්‍යාවෙ කියල. :rolleyes: දැන් බලං ගියාම "භෞතික" විද්‍යාවෙත් තියෙනවනෙ.... :sorry:

    කොහොම උනත් අන්තර්ගතය සුපිරියි ... එල..
    11.gif
     
    Last edited: