මිනීමැරුම්

Stein

Member
Jul 29, 2016
67
30
0
6. ඇඩ්ලින් විතාරණ මිනීමැරුම – විල්පත්තු වනබිමේ දඩයම

2rdf8sk.jpg


ස්වර්ණා මල්ලවාරච්චි සහ රවීන්ද්‍ර රණ්දෙනිය රඟපෑ වසන්ත ඔබේසේකරගේ “දඩයම” චිත්‍රපටය ඔබ නරඹා තිබෙනවද? දඩයම චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ අපි මේ කියන්නට යන ඇඩ්ලින් විතාරණ මිනීමැරුමයි.

1959 මාර්තු මාසයේ දිනක‍ තිඹිරිවැව ගම්මානයට කිට්ටුව විල්පත්තු අභය භූමියට හැරෙන තැනදී අඩනිරුවත් කාන්තා මළසිරුරක් සම්භවෙනවා. ඒ මාර්ගයේ ගමන්ගත් ලොරි රථ රියදුරෙක් තමයි මේ කාන්තා මළසිරුර මුලින්ම දකින්නේ. මළසිරුර අවට ලේ පැල්ලම් සහ ටයර් සළකුණු දකින්නට ලැබෙන අතර මළසිරුරේ ග්‍රීස් සහ තෙල් පැල්ලම් සටහන්ව තිබෙනවා. මරණ පරීක්ෂණ කටයුතු අතරතුර හෙළි වන්නේ මියගොස් ඇති තැනැත්තිය පස් මස් ගැබිණියක් බවයි.

මේ කාන්තාව පිළිබඳ අවට ගම්මාන වලින් විමසීමක් කලත් කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නැහැ. අබිරහස් ලෙස මරාදමා ඇති මේ රූමතිය පිළිබඳව එකල පුවත් පත් වලත් වාර්තා පිට වාර්තා පලවෙන්න ගන්නවා. මේ එක පුවතක් කන වැකුණු මවක් සහ දියණියක් අනුරාධපුර පොලිසිය සොයාගෙන එනවා. ඔවුන් කියා සිටින්නේ තමන් මියගිය කාන්තාවගේ මව සහ සොයුරිය බවයි. මරාදමන ලද කාන්තාවගේ ඇඳුම් ආයිත්තම් ඔවුන් විසින් හඳුනාගන්නා අතර නැවත ගොඩගන්නා ලද මළසිරුරද හඳුනා ගන්නවා. මරා දමා ඇත්තේ ඇඩ්ලින් විතාරණ නම් තරුණ එක්දරු මවක් හැටියට තොරතුරු හෙළි වනවා.

වැඩිදුර පරීක්ෂණ වලදී සැකය යොමු වන්නේ ජයලාල් ආනන්දගොඩ නම් ගුරුවරයෙක් වෙතටයි. ඔහුත් ඇඩ්ලිනුත් අතර පෙම් සබඳතාවයක් පැවතී ඇති අතර ඇඩ්ලින්ගේ පළමු දරුවාගේ පියා වන්නේද ආනන්දගොඩ නම් අයයි. තමන්ව විවාහ කරගන්නා ලෙසට නිතර කරන ඇවටිලි වලින් බේරෙන්නට ආනන්දගොඩ විසින් ඇඩ්ලින්ව මරාදමා ඇතැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ අරඹනවා. අපරාධයට ආසන්න දිනවල ඇඩ්ලින් සහ ආනන්දගොඩ එකට සිටිනවා ඇසින් දුටු සාක්ෂිද මීට බලපානවා. අලුතින්ම සර්විස් කරගෙන තිබූ ආනන්දගොඩගේ ‍ෆියට් මෝටර් රථය පරික්ෂා කිරීමේදී පොලීසියට එහි රැඳී තිබුණු කෙස් ගස් කිහිපයක් හමුවනවා. ලේ වැකුණු වාහනයේ අමතර රෝදයද ඔවුන් විසින් සොයාගනු ලබනවා. මේ ලේ සහ කෙස් ඇඩ්ලින්ගේම බව තහවුරු වීමත් සමග ආනන්දගොඩගේ දෑතට විලංගු වැටෙනවා.

ඇඩ්ලින් විතාරණ සහ මාස පහක් වයසැති ඇඩ්ලින්ගේ කුසේ බිළිඳාව වාහනයට යටකොට ඝාතනය කිරීමේ වරදට ජයලාල් ආනන්දගොඩට එල්ලුම් ගස නියම වෙනවා. 1962 ජුනි 21 වැනිදා බෝගම්බරදී ඔහුව එල්ලා මරණු ලබනවා[/QUOTE]


වසන්ති චතුරානි කියන නිලිය මේ ඇඩ්ලින් විතාරනගෙ දුව කියල කතාවක් තියනව...!:eek:
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය කොබෙයිගනේ අවුරුදු කුමාරි සීන් එකේ පුච්චන්න ටයර් දීලා තියන පොර දැනටත් එහෙ ඉන්නවා:shocked:,හැබැයි මිනිහගේ වරදක් නෑ,:(දන්නෙ නැතුව දීලා තියෙන්නෙ,පස්සෙයි විස්තරේ දැනගන්නෙ,:sorry:ඉස්සර සමූපාකාර ජී.එම් කෙනෙක්:cool:
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    :frown::frown:
    ඔය කොබෙයිගනේ අවුරුදු කුමාරි සීන් එකේ පුච්චන්න ටයර් දීලා තියන පොර දැනටත් එහෙ ඉන්නවා:shocked:,හැබැයි මිනිහගේ වරදක් නෑ,:(දන්නෙ නැතුව දීලා තියෙන්නෙ,පස්සෙයි විස්තරේ දැනගන්නෙ,:sorry:ඉස්සර සමූපාකාර ජී.එම් කෙනෙක්:cool:
     

    Similar threads