මිනී දෙකක් මැරූ ඇමති මාර පුත්‍රයා රට පැනී&#351

The news

Banned
Jan 31, 2012
51
3
0
මිනී දෙකක් මැරූ ඇමති මාර පුත්‍රයා රට පැනී&#351

මිනී දෙකක් මරා අයෙක් මාරාන්තික කළ ඇමැති රත්තරන්ගේ මාර පුත්‍රයා පයියාගලින් සිංගප්පූරුවට ලිස්සන්න යයි: නපුංසක පොලීසිය බේබදු මිනීමරුවාගේ ඩෝප් බස්සන්න දෙහි හදා පොවලා------------------

(ලංකා ඊ නිව්ස් -2012.ජන.31, ප.ව.4.30) පයාගල දී දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මාරාන්තික තුවාල කළ ආන්දෝලනාත්මක ත්‍රිපුද්ගල අනතුරේ චූදිත ඇමැති රෝහිත අබේගුණවර්ධන ගේ ඥාති පුත්‍ර බේබදු මිනීමරුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පයාගල පොලීසියේදී එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ විසින් බේබදු මිනීමරු රියැදුරාට දෙහි පොවමින් 'ඩෝප් බැස්සවීමට' ක්‍රියා කළා යැයි එම පොලීසියේම නිලධාරීහු දැඩි කළ කිරීමෙන් චෝදනා කරති.

මෙම අනතුරු ජාලය සිදුකළ බේබදු ඇමැති පුත්‍රයා චෝදනාවෙන් වසන් කිරීමට මරා රෙජීමයට කඩේ යන පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ නම් දේශද්‍රෝහීන් දෙදෙනා සියළු වැර වෑයම් දරද්දී අපි ඊයේ හෙළි කළ සත්‍යය තවදුරටත් මෙසේ ඉදිරියට ගෙන එන්නෙමු.

මෙම අනතුරු ජාලය පයාගල පොලිස් පොතේ ලියැවී ඇත්තේ රාත්‍රී 11.55 ට ය. ඒ එම පොලීසියේ රිය අනතුරු සටහන් පොත හෙවත් zඇක්සිඩන්ට් ඉන්ෆොමේෂන් බුක්Z නම් ඒ.අයි.බී පොතේ අංක 91/139 දරන අංකය යටතේය. එහි අනතුරු 3 ක් ගැන සටහන් තබා ඇත.

අනතුරු ජාලය සිදු කළ කාරයේ අංකය ඩබ්.පී. කේ.ඕ. 1214 ය. (එහි සේයාරුවක් මෙහි දැක්වේ)

පලමුවැන්න- පා පැදි අනතුරකි - අනතුරට ලක් වූ අය මියගොස් ඇත. වයස: 28 යි. නම: නුවන් සංජීව

දෙවැන්න - පා පැදි අනතුරකි - වයස: 31 යි නම: මහබදුගේ ගයාන් ප්‍රනාන්දු
අනතුරට ලක් වූ අය මීටර් 23.7 ක් උස වහලයක් උඩට විසි වී එම වහලයේ රීප්ප සහ උළු කඩාගෙන නිවස තුලට වැටී මියගොස් තිබේ. මෙවන් අනතුරක් සිදුකිරිමට නම් එම රථය පැයට කි.මී 110 ක පමණ වේගයෙන් පැමිණිය යුතුයැයි ද පරීක්ෂන කළ පොලිස් නිලධාරීහු පවසති.

තෙවැන්න - මෝටර් සයිකල් අනතුරකි - රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් ගණනාවකි. තත්ත්වය මාරාන්තිකයි.

මෙම සටහන් තැබීමට පෙර මෙම ඇමැති ඥාති පුතා එළැවූ කාරයේ මාරාන්තික ගමන ගැන පොලීසියට ලැබුනු දුරකථන ඇමැතුම් 3 ක් වේ. ඉන් එකක් අනූ නවයෙන් අනතුරක් වලක්වාගත් ගාල්ල බලා යමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකි. තවත් දුරකථන ඇමැතුම් දෙකකින් මෙම කාරය ගැන පොලීසියට දන්වා තිබේ.

පෞද්ගලික බස්රථයෙන් දුරකථන ඇමැතුම දුන් පුද්ගලයා ලංකා ඊ නිව්ස් වෙත පැවසූවේ තමා මෙම කාරය ගැන දැනුම් දෙන විට එම ඇමැතුම ලබා ගැනීමට පයාගල පොලීසියේ කිසිවෙකු නොසිටිය බවයි.

එනම් පොලීසිය එක් අනතුරක් සිදුවූ පසු හෝ මෙම රථය නවතා ගැනීමට කිසිදු උත්සාහක් හෝ දරා නැති බව සනාථ වී තිබේ.

අවසානයේ මෙම රථය තවත් යා ගත නොහැකිව නතර වූ පසු මෙම රිය එළැවූ ඇමැති මාර පුත්‍රයා පොලීසියට ගෙන ආ පසු ඔහු රැගෙන යාමට නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන පැමිණෙන තුරු පයාගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ විසින් ඔහුගේ නිල කාමරයේදී දෙහි යුෂ සාදා මිනීමරු රියැදුරාට පොවමින් සාත්තු කළ බව එම පොලීසියේම නීතිගරුක නිලධාරීන් පවසන්නේ දැඩි ආත්ම අනුකම්පාවකිනි.

පසුව නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණ බේබදු මිනීමරු රියැදුරු වූ තම සොයුරියගේ පුත්‍රයා ලෑන්ඩ් කෘෘෂර් රථයකින් ආරක්ෂාකාරීව ගෙදර යවා ඇති අතර තවත් රථයකින් ගෙන්වා ගත් ඛෙනරගම විදානලාගේ ශිරන්ත හරිප්‍රිය නම් ඔහුගේ හෙංචයියෙකු රියැදුරා ලෙස ඉදිරිපත් කර තිබේ.

රත්තරන් හෙවත් රෝහිත අබේගුණවර්ධන නම් වසල ඇමැතියාගේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති පිරිස මෙසේය :

පළමු දුෂ්ඨයා කළුතර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී එස්.ඩී. පෙරේරා ය. දෙවැන්නා පයාගල පොලීසියේ ඕ.අයි.සී. චමින්ද කුලසිංහ ය. තුන්වැන්නා පයාගල පොලීසියේ රථ වාහන අංශයේ ප්‍රධානී උප පොලිස් පරීක්ෂක කොළඹගේ නම් පුද්ගලයා ය.

අනෙක් අය නම් පෙර සඳහන් කළ පොලිස්පති ඉලංගකෝන් සහ ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ය.

මේ සියල්ලෝම ක්‍රියා කරන්නේ මරා රෙජීමයේ උපදෙස් පරිදිය.

මොවුන් එකතු වී දැන් කරන්නට යන්නේ අමුතුම ගැල විජ්ජාවකි. මේ වන විට ව්‍යාජ රියැදුරු ශිරන්ත හරිප්‍රිය නමැත්තා පෙබරවාරි 08 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. පසුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට තැබීමට නියමිතය.

ප්‍රධාන ප්‍රශ්නය නම් බීමත් රියැදුරකු අත් අඩංගුවට ගත් විට හඳුනාගැනීමේ පෙරට්ටු තැබීමක් ශ්‍රී ලංකා නීතියේ නැත. රියැදුරුගේ බීමත් කම පරීක්ෂා කිරීමේ බැලූම් පිම්බීමේ පරීක්ෂාව කළ යුතුය. එය අධිකරණය ඉදිරියේ බිඳලිය නොහැකි, කිසිවෙකුට අභියෝග කළ නොහැකි සාක්කියකි. මෙම අනතුරේ එවැන්නක් සිදුකර නැති අතර හඳුනාගැනීමේ පෙරට්ටු සහ ඉන් පසු නීතිපති උපදෙස් ආදී කාරණා හරහා මොවුන් අවනීතිය නීතිය කිරීමට උත්සාහ දරති. නීතියේ වංගු ගැසීමට හදති. ඊටම සරිලන විනිසුරුවරුන් සිටින නිසා එය ඉතා ලෙහෙසියෙන් සිදු කළ හැක.

නමුත් මෙයට ඉඩ දිය නොහැක. ජනතාවට මේ සියළු කුමන්ත්‍රන පරාජය කළ හැක. ඒ සඳහා එකමුතු විය යුතුය.

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා නීතිය අවනීතිය කිරීම සඳහා නීතිඥ ලේබලයෙන් පෙනී සිටී. අජිත් රෝහන නම් ඔහු ගැන පසු සටහනක් තැබිය යුතුය. zබත් බඩාZ නම් අන්වර්ථ නාමයෙන් පොලීසිය තුල හැඳින්වෙන මොහු 88-89 කාලයේ උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස පොලීසියට බැඳී එකළ උප පොලිස් පරීක්ෂක වරුන්ට නීති ප්‍රවේශ විභාගයට පෙනී නොසිට නීතිය හැදෑරීමට ලැඛෙන අවස්ථාවෙන් නීතිඥයෙකු වූ අයෙකි. පසුව ඔහු සේවය කරන දකුණු කලාපයේදී වත්මන් මරා රෙජීමයේ එක් පුරුකක් වන නිරූපමා රාජපක්ෂ සමග ඇති කරගන්නා අමනා සම්බන්ධයක් හරහා ඉහල නිලයකට නගින්නෙකි. මනමාලයෙකු වූ මොහුගෙන් රාත්‍රී කාලයේ නිරූපමා තම නිල නිවාසයේ තබා ගැනීම ගැන එකළ දකුණු කළාපය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිදහසට කාරණා විමසා තිබේ. අජිත් රෝහණ නම් මේ නසරාණී නීතිඥ ලේබල් ධාරියා අද නීතිය නපුංසක කිරීමේ යෙදී සිටිමින් මාධ්‍ය ප්‍රකාශකයා ලෙස මෙම සිදුවීමේ දී අවනීතිය නීතිය ලෙස හුවා දැක්වීමේ ප්‍රධාන චරිතයක් වී සිටී.

ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුණු තොරතුරු මත මෙම අනතුර සිදුකළ ඇමැති ඥාති පුතා වහාම සිංගප්පූරුවට හෝ දකුණු කොරියාවට යැවීමේ වැඩ පිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වේ. සමහර විටෙක මෙය ප්‍රසිද්ධ වන විට එය සිදුව තිඛෙන්නට ද පිළිවන.

දේශපාලන හෙංචයියලාගේ අමන කෙළියෙන් සාමාන්‍ය මිනිසුන්ට ජීවිතය බේරාගෙන සිටීමේ අයිතියක් තිබිය යුතුය. මොන සක්කරයා හෝ නීතිය කැඩුවා නම් ඊට ද~ුවම් විඳිය යුතුය. මහින්ද රාජපක්ෂලාගේ මේ කුප්ප ක්‍රමය වෙනස් කළ යුතුය. ඒ සඳහා ඔබගේ හ~ නගන්න

පොලිස්පති ඉලංගකෝන්ගේ දුරකථන අංකය -
0777 581111 නැතහොත් 077 2106651
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ඩී පෙරේරාගේ දුරකථන අංකය -
072 9061829 නැතහොත් කාර්යාලය - 034 2222 333
පයාගල රථවාහන පොලිස් ස්ථානාධිපති කොළඹගේ දුරකථන අංකය -
077 2922801 හෝ 071 8348300
 
  • Like
Reactions: minipura

The news

Banned
Jan 31, 2012
51
3
0
මෙය lankaenews හි පලවූ ප්‍රවෘත්තියක් වන අතර සියලුම ප්‍රවෘත්ති අඩවි වල පවතින වැදගත් කමකින් යුතු ප්‍රවෘත්ති ඔබට වාර්ථා කිරීමට බලපොරොත්තු වෙමු
 

The news

Banned
Jan 31, 2012
51
3
0
මෙය අනික් lankaenws news මෙන් තනිකර මඩ ගැසීමක් නොවන අතර මමද දළුවත්ත ප්‍රදේශයේ පදිංචි බැවින් මෙය සත්‍යක් බව හොදාකාරවම දන්නෙමි
 

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචංලා...
    කුඩු දුමින්දයව කිසිම ප්‍රශ්නයක් නැතුව සිංගප්පූර් යවපු එකේම තවත් සීන් එකක් ඔය.
    මගේ පුද්ගලිකව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කැමැත්තක් තිබුන..
    ඒත් මේ වෙන දේවල් එක්ක බලද්දි මහින්දගෙයි චන්ද්‍රිකාගෙයි ලොකු වෙනසක් නෑ වගේ...
    මර්වින් සිල්වා පොන්නයට විරුද්ධව තාම මොකුත් කලෙත් නෑ, ඇමති මණ්ඩලෙත් ලොකු කරගෙන මිනිහත් පරණ පාරෙම යනව වගෙයි...
    ඊලඟ චන්දෙදි සොරි තමයි මහින්ද !!!!
    :yes::yes::yes: