මිනී මැරුමක්...

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    .....................................................................

    chair-jpg.jpg



    හෝම්ස් උදෑසන ව්‍යායාම සඳහා එදිනද නිවසින් පිටවූයේ අධික සීතල සඳහා ඇඟ උණුසුම් කර ගැනීම උචිත යයි හැඟුණු බැවිණි. ඔහු නඟර පාලම මතින් දුවමින් සිටියදී දුටුවේ ගං ඉවුරේ වටවී සිටින මිනිසුන් සමූහයකි. වහා එතැනට දිවගිය ඔහුට දක්නට ලැබුණේ වතුරේ පාවෙන කාන්තා මළ සිරුරකි. තවත් කිහිප දෙනෙකුගේ උදව්ද සහිතව මිනිය ගොඩට ගත් ඔහු ගං ඉවුරේ තිබූ ඇයගේ අත් බෑගය රැගෙන සෝදිසි කරන්නට විය. ඇයගේ හැඳුනුම්පත සහ ඇයගේ ජංගම දුරකතනය ඔහුට හමුවිය. හැඳුනුම්පතට අනුව ඇයගේ නම රෙබෙකා නම් විය. ජංගම දුරකතනයේ අංක පිරිස්සූ ඔහු වහාම ඇයගේ නිවහනට දුරකතන ඇමතුමක් ලබාදුනි.

    ''හෙලෝ, මේ රෙබෙකාගේ ගෙදරින් ද කතා කරන්නේ?''

    ''ඔව්, මම එයාගේ husband කතා කරන්නේ. ඇයි මොනවද දැනගන්න ඕන?''

    ''සර්, මට කණගාටුයි ඔබට දැනුම් දෙන්න. ඔබේ බිරිඳ මිය ගිහින්...''

    ''මොනවා ! අනේ දෙයියනේ, ඒ කොහොමද එහෙම වුනේ...''

    ''සර්, ඔබ හැකි ඉක්මනින් මෙතනට ආවොත් හොඳයි නේද...''

    මිනිත්තු 10ට පමණ පසු වාහනයක් අසල නවතා ඉන් රෙබෙකාගේ ස්වාමි පුරුෂයා බැස ආ අතර ඔහු තම බිරිඳ අසලට පැමිණ හඬන්නට විය. වහාම ඔහු වෙත ගිය හෝම්ස් ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි.... ඇයි ඒ???












    හැඳුනුම්පතේ ලිපිනයට අනුව රෙබෙකා ගේ නිවස පිහිටා තිබුණේ මිනිත්තු 10ක දුරින් වූ අතර දුරකතන සංවාදයේදී හෝම්ස් රෙබෙකා ගේ මරණය සිදුවී ඇති ස්ථානය ගැන කිසිම සඳහනක් සිදු නොකරන ලදී.


    here.gif

    <<<<<<<<....උපුටා ගැනීම මුහුණු පොතෙනි.... >>>>>>>>

    .................................................................
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හැඳුනුම්පතේ ලිපිනයට අනුව රෙබෙකා ගේ නිවස පිහිටා තිබුණේ මිනිත්තු 10ක දුරින් වූ අතර දුරකතන සංවාදයේදී හෝම්ස් රෙබෙකා ගේ මරණය සිදුවී ඇති ස්ථානය ගැන කිසිම සඳහනක් සිදු නොකරන ලදී.

    මේව නම් පට්ට මචන්
    මෙහෙම අදහස් එන එක නම් සිරා
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    උඹනම් එල කොල්ලෙක් බං.මම දැකලා තියනවා ඕන දේකට බම්ප් එකක් හරිදාලා යනවා rep+
     
    • Like
    Reactions: jds2012

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    යකා;12064057 said:
    උඹනම් එල කොල්ලෙක් බං.මම දැකලා තියනවා ඕන දේකට බම්ප් එකක් හරිදාලා යනවා rep+



    අපි අපිනේ මචෝ.....:)