මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4000 ඉක්මවයි

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo

    මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 දෙනාත් සමගය.

    ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳෙපොළේ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    තවත් පුද්ගලයින් තිදෙනෙක් විදේශීයව සිට මෙරටට පැමිණි අය වන අතර, පිලිපීන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් හා කටාර් ජාතික පුද්ලගයෙක් ඒ අතර වේ.

    මේ වන විට කොවිඩ් ආසාදිත වු 7,875 ගෙන් 3,803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4,057 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථය අද (26) උදෑසන වනවිට 4,400 දෙනෙකු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3,359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.

    අද උදෑසන කිසිදු ගුවන් යානයක් මෙරටට පැමිණ නොමැති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මේ අතර, අද දිනය තුළ නිරෝධායනය වු පුද්ගලයින් 316 දෙනෙක් නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතව ඇත.

    ඊයේ (25) දිනයට මෙරට පීසීආර් පරීක්ෂණ 9,189ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 450,836ක් දක්වා ඉහළ ගොස් තිබේ.