මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර

    ඇත්ත නැත්ත නොදනිමි නමුත් පිට රට වලනම් මේක පට්ට ප්‍රසිද්ධයි ! දැන්නම් උස්සලා දාන්නේ (Copy + Past)
    මියගිය ආත්මෙකින් ඇත්තටම බෝනික්කෙකුට පණ දෙන ක්‍රීඩාව - One man Hide and Seek
    මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කරන බිහිසුණු ක්‍රීඩාව කරන්නේ මෙන්න මෙහෙමයි.​

    මේක හදුන්වන්නෙ “one man hide and seek” කියලා.කියවලම බලන්න පොඩි කාලෙ කරපු සෙල්ලමට වඩා මේක කොච්චර භයානක ද කියලා.
    One man hide and seek කියන්නෙ මලවුන් සමග කරන සෙල්ලමක්.මලවුන් සම්බන්ද කරන චාරිත්‍රයක් වදිියටත් මේක හදුන්වනවා.
    පොළොව මත අවිවෙකිව ඉබාගාතේ යන එහෙමත් නැත්නම් නොසන්සුන් ආත්ම හැම මොහොතකම ශරීරක් අයිති කරගන්න උත්සාහ කරනවා.මේ චාරිත්‍රයේදි කරන්නෙ ඒ වගේ ආත්මයක් මිනිස් සිරුරක් වෙනුවට බොනික්කෙක් තුලට කැදවීමයි.

    (අවවාදයයි:- ඔබ අද්‍යාත්මික හැකියාවන් සහිත අයෙකු නම් ඔබට මෙම චාරිත්‍රය සිදු කරන විට අනතුරු ඇති වීමේ හැකියාව වැඩියි.)

    ඔබට අවශ්‍ය වන දේ:-
    1)පුලුන් හෝ රෙදි පිරවූ බෝනික්කෙක්.
    (බෝනික්කාට අත් පා තිබිය යුතුයි)
    2)බෝනික්කා සම්පූර්ණයෙන්ම
    පිරවීමට ඇති තරම් සහල්.
    3)ඉදිකටුවක් සහ රතු නූලක්.
    4)නියපොතු කපනයක්(nail clippers).
    5)තියුනු මුහුනතක් ඇති උපකරණයක්.
    (පිහියක්,වීදුරු කෑල්ලක්,කතුරක්)
    6)ලුනු වතුර කෝප්පයක්.
    7)බේසමක්,නාන කාමරයක්,Timer 1ක්
    8)සැගවීමට ස්ථානයක්.(සුවඳ දුම් ඇල්ලූ කාමරයක් වඩා යෝග්‍ය වේ.)එම ස්ථානයේ රූපවාහිනියක් තිබිය යුතුය.

    සූදානම් කිරීම:-
    1)බෝනික්කා පිරවීමට යොදා ගත්
    සියලු දේ ඉවත් කර සහල් පමනක්
    යොදා එය නැවත පුරව ගන්න.
    2)බෝනික්කා තුලට ඔබේ නියපොතු
    කැබලි කිහිපයකුත් කපා දමන්න.පසුව
    රතු නූල යොද ගෙන සහල් පිරවීමට
    යොදා ගත් විවරය මසන්න.මසා
    අවසානයේ ඉතිරි නූල නොකඩා
    බෝනික්කා වටේ ඔතන්න.
    3)නාන කාමරයට ගොස් එහි ඇති
    බේසම වතුරින් පුරවන්න.
    4)ඔබේ සැගවෙන ස්ථානයේ බිමින් ලුනු
    වතුර කෝප්පය තියන්න.

    සිදුකරන ආකාරය :-
    1)බෝනික්කාට නමක් දෙන්න.(ඔබේ නම
    හැර වෙන ඕනෑම නමක්)
    2)වෙලාව පාන්දර 3.00 වූ විට
    බෝනික්කාට “(ඔබේ නම) තමයි
    පළමුවැනියා” ලෙස 3 වරක් පවසන්න.3)පසුව නාන කාමරයට ගොස්
    බෝනික්කා වතුර පිරවූ බේසමට
    දමන්න.
    4)ගෙදර ඇති සියලු විදුලි පහන් නිවා
    දමා සැගවෙන ස්ථනයට ගොස්
    රූපවාහිනිය ක්‍රියාත්මක කල යුතුය.
    5)පසුව ඇස් වසා 10ට ගනන් කර තියුනු
    ආයුදය ගෙන නැවත නාන කාමරයට
    යා යුතුය.
    6)බේසම ළගට ගොස් “මම ඔයාව
    හොයාගත්තා,(බෝනික්කාගේ නම)”
    ලෙස බෝනික්කාට පවසා එයට
    ආයුදයෙන් පහර දෙන්න.(අනින්න)
    7)පසුව “ඊළග වාරය ඔබේ,
    (බෝනික්කාගේ නම)” යනුවෙන්
    බෝනික්කාට කියා එය බේසමෙන්
    එළියට ගන්න.ආයුදය එතනින් තබා
    Timer එක ක්‍රියාත්මක කර බෝනික්කා
    එතනින් තබන්න.
    8)බෝනික්කා එතනින් තැබූ විගස Timer
    එක 0 වීමට පෙර සැගවෙන ස්ථනයට
    දුව ගොස් හැන්ගෙන්න.

    අවසාන කරන ආකාරය:-
    1)ලුනු වතුර කෝප්පයෙන් බාගයක්
    පමණ කටට වත් කර ගන්න.එය නොබී
    එලෙසින්ම තබා ගන්න.
    2)සැගවී සිටින ස්ථානයෙන් එළියට
    පැමිණ බෝනික්කා සෙවීම අරම්භ
    කරන්න.බෝනික්කා අනිවාර්යයෙන්ම
    නාන කාමරයේ නැත.කුමක් වුවත්
    කටෙහි ඇති ලුනු වතුර හලා නොගත
    යුතුය.(බෝනික්කා විසින් ඔබව සොයා
    ගැනීමට පෙර ඔබ බෝනික්කා සොයා
    ගත යුතුය.නැතහොත් බෝනික්කාට
    ඔබ කර දෙය බෝනික්කා ඔබට කරනු
    ඇත)
    3)ඔබ බෝනික්කා දුටු විගස කෝප්පයේ
    ඉතුරු වී ඇති ලුණු වතුර ටික එය
    මතට වත්කරන්න.පසුව කටෙහි ඇති
    ලුණු වතුර ටිකත් එය මතට
    වත්කරන්න .
    4)”මම දිනුවා”කියා 3 වරක් පවසන්න. *ඉන් පසු ක්‍රිඩාව (චාරිත්‍රය) අවසන් වේ.
    අවසානයේ මේ සදහා යොදා ගත් බෝනික්කා වියළා, පුලුස්සා, විනාශකරන්න.

    වඩා වැදගත්:මෙම චාරිත්රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .

    මතක තබා ගත යුතු දේ:-

    1)චාරිත්‍රය අවසන් කරන තුරු නිවස
    හැර නොයන්න.
    2)විදුලි බුබුළු නිවා දැමිය යුතු
    අවස්තාවේ නිවසේ ඇති සියලු විදුලි
    බුබුළු නිවා දැමිය යුතුය .
    3)සැඟවී සිටියදී ඔබ නිහඬව සිටිය
    යුතුය.
    4)චාරිත්‍රය ආරම්භයේ සිටම ලුණු වතුර
    කටෙහි තබා ගැනීම අවශ්‍ය නොවේ.
    5)මෙම ක්‍රීඩාව පැය 2ක් හෝ අඩු
    කාලයක් තුළ අවසන් කළ යුතුය .
    (නැතහොත් ආත්මය බෝනික්කා තුළ
    සිටීමට හුරු වුවහොත් එය ඉවත්
    කිරීමට අපහසු වේ.)
    6)මෙය සිදුකරන විට නිවසේ සියලු
    ජනෙල් හා දොරවල් විවෘත කර තැබීම
    වඩා යෝග්‍ය වේ.

    වැදගත් කරුණු :-
    1)සහල් මගින් බෝනික්කාගේ
    අංගෝපාංග සංකේතවත් කරනු ලබයි. එසේම සහල් වලට ආත්ම ආකර්ෂණ‍ය
    කිරීමට හැකි බව පිළිගනී .
    2)රතු නූල මගින් රුදිර නාල සංකේතවත්
    කරන අතර එමගින් ආත්මය
    බෝනික්කා තුළ සිර කර තබයි.
    3)නූල කැපුවහොත් මුද්‍රාව කැඩී
    සිරකරගත් ආත්මය නිදහස් වේ.
    4)ඔබ ලුණු වතුර නොමැතිව සැඟවී
    සිටින ස්ථානයෙන් පිටතට ගියොත්,
    ඔබ වටා නිවස තුළ ඔබට හානි කළ
    හැකි යම් වෙනසක් (දෙයක් )ඇතිවේ.
    රූපවාහිනියේ සිදුවන වෙනස්කම්
    මගින් එය හදුනාගත හැක.
    රූපවාහිනියේ දැකිය හැකි වෙනස්කම් පෙන්නුම් කරයි.
    එම වීඩියෝ දර්ශනය තුල ඔබට
    ශබ්දයේ වෙනස්කම් ඇසෙනු ඇත.ශබ්දය අස්ථිර වීම, කැඩුණු වාර්තාවක් ලෙස නැවත නැවත play වීම, අවසානයේ විකෘති වීම මෙහිදී සිදුවේ.

    මේක දැකලා හිනා වෙවී උන්නේ මමත්, එත් පොඩ්ඩක් Google කරලා බලද්දි දන්නෙම නැතිව හිනාවෙන එක නැවතුනා - ඉතින් මේකේ දාන්න හිතුනා !

    ඉස්සුවේ
     
    • Like
    Reactions: Caps Lock
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    𝐂𝐨𝐧𝐣𝐮𝐫𝐢𝐧𝐠 :shocked:

    vtcldsx1th0cygdgor53.jpg
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Bageta karaddi nangi ussala bn bonikkawa

    වඩා වැදගත්:මෙම චාරිත්රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .
    :(:(:(
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලොල් කෙලින්ම බය නෑ කිව්වට පොඩි චකිතයක් තියනවා නේ...?

    මම නම් කරන්නේ නැත්තේ, කරදරයි බන් හෙන ස්ටෙප් ගොඩක් තියනවනේ කරන්න..ඒකයි !!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලොල් කෙලින්ම බය නෑ කිව්වට පොඩි චකිතයක් තියනවා නේ...?

    මම නම් කරන්නේ නැත්තේ, කරදරයි බන් හෙන ස්ටෙප් ගොඩක් තියනවනේ කරන්න..ඒකයි !!
    මාත් නොකරන්නේ ස්ටෙප්ස් ගොඩක් තියෙන නිසා නැත්තන් බයකට නෙවේ :P