මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු &#352

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු Š

මියගිය ඥාතීන් භූතයන් වී අපේ සිරුරට ඇතුළු වන්නේ මෙහෙමයි

sp2.png


දේවාරූඪය-දේවාරූඪයෙන් සාත්තර කීම අද එදාටත් වඩා ප්‍රචලිත වී ඇත. අතීත ගැමි සමාජයේ පමණක් දකින්නට තිබූ මෙබඳු අභිචාර අද වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නාගරික සමාජයේ වීමද විශේෂයකි.

සමාජය වේගයෙන් නාගරීකරණය වීමත් සමග එදා ගමට සීමා වී තිබූ බොහෝ දේ නගරයටද පැමිණ තිබේ. ශ්‍රී ලාංකේය ‍පොදු ජන ව්‍යවහාරයේ දැකිය හැකි අපේ අංජනම්, ‍ජ්‍යොතිෂය වැනි ගුප්ත අභිචාරී භාවිතාවන්ට වඩා ජනකාන්ත වූ දේවාරූඪයෙන් සාස්තර කීම කුඩා කුඩා දේවාල රාශියක් බිහි වීමත්, ඒ ආශ්‍රිත වූ වත් පිළිවෙත් යාතු කර්ම රැසක් මගින් ජනතාව ගුප්ත ප්‍රතිකාර පිළිවෙත් කරා බැඳ ගැනීමත්, සිදු කරනු ලැබූවක් වීම විශේෂයකි. භද්‍රකාලී, සූනියම් දැඩි මුණ්ඩ ආදී ප්‍රකට දෙවි දේවතාවන් නියෝජනය කරමින් කෙළින්ම ඔවුන් සමග සම්බන්ධ වන සේවා දායක පිරිසකුත් අතරමැදි වාහකයන් හෝ වාහිකාවන් පිරිසකුත් මෙහිදී හඳුනාගැනීමට පුළුවන.
මෙම ලිපියෙන් මා උනන්දු වන්නේ දෙවාරූඪය සැබවින්ම ගුප්ත බලයක්ද, එහිදී දැකිය හැකි දෙය අපට තේරුම් ගත හැක්කේ කෙසේදැයි විමසීමටය.

දේවාරූඪයේදී අපට පෙනී යන්නේ යම් පුද්ගලයෙකුගේ ශරීරයට එක්තරා ආත්මයක් ඇතුළු වී ඔහුගේ ප්‍රකෘති ගති ලක්ෂණ ඉවත් කොට ආගන්තුක ආත්මයයි සිතිය හැකි අයකු මගින් කරනු ලබන හැසිරීම් රටාවකි. මෙම හැසිරීම් රටාව සියුම්ව විමසා බලන විට හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ කීපයක් ඇත. එනම් අදාළ වාහකයාගේ (පුද්ගලයාගේ) ශරීරයේ කවර හෝ අංගයක චලනයක් සිදුවීම, ආරූඪය අවසන් වීමෙන් පසු තමා පවසනු ලැබූ කරුණු පිළිබඳ මතකයක් නොවීම, බහුල ලෙස කාන්තාවන් ආරූඪයට පත්වීම, තමා සැබවින්ම නොදන්නා භාෂාවන් ආරූඪ වීමෙන් පසුව කතා කිරීමේ හැකියාව සහ අතීත සහ වර්තමාන සිදුවීම් පිළිබඳව බොහෝ දුරට නිවැරදි ප්‍රකාශ කිරීම, අනාගත අනාවැකි විශාල වශයෙන් අසත්‍ය වීම ආදියයි.

මෙලෙස අදාළ වාහකයාගේ සිරුරට ඇතුළු වන්නේ කවුද? සත්‍ය වශයෙන්ම දෙවි දේවතාවන් එලෙස මිනිස් සිරුරකට ආරෝපණය වනවාද? වෙනත් ආත්මයක් මිනිස් සිරුරකට ඇතුළු වන්නේ කෙසේද? යන කරුණු අපි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.
මෙහිදී අදාළ වාහකයාගේ සිරුරට ඇතුළු වන්නේ තවත් ආත්මයක සූක්ෂ්ම ශරීරයකි. මෙම ආත්මය බොහෝ දුරට වාහකයාගේ ඥාතියකු, ‍ලේ ඥතියකු බව ස්ථිරවම කිව හැක. අප ජීවත් වන ලෝකයේ විශාල වශයෙන් සැරිසරන ආත්ම ස්පිරිට් (spirits) හෙවත් භූත කොටස් ලෙස හඳුනාගත හැක. අපගේ ඥාතීන් ලෙස සිටි බොහෝ දෙනකු සෑහෙන කාලයක් මියගිය පසුව ගත කරන්නේ භූත තලවල ජීවීන් ලෙසය. එහෙත් මේ අය ජීවීන් කීවාට මිනිසුන් මෙන් ජීවීන් නොවේ. මේ ජීවීන්ගේ ශරීර සෑදී ඇත්තේ අපගේ මෙන් නොවේ. අර්ධ පරමාණුක ශක්තිවලිනි. මිනිසුන්ගේ ශරීර සෑදී ඇත්තේ පූර්ණ පරමාණුක ශක්ති මගිනි. පූර්ණ පරමාණුක ශක්තිවලින් නිර්මිත දේ අපගේ ප්‍රකෘති ඇසට පෙනේ. නූතන ඩිජිටල් තාක්ෂණික ලොව, සැතපුම් දහස් ගණනක් ඈත සිටින අයට කතා කළ හැකි විස්මිත කිරණ ශක්ති නිපදවා ඇති බව අපි දනිමු. මේ කිරණ හරහා මිනිසාට බොහෝ දේ කළ හැක. ස්කයිප් තාක්ෂණය මේ කිරණවලට ඇති සරල උදාහරණයකි. මෙම කිරණ යොදාගෙන අප මොනවා කළත් මේ එකද කිරණයක් වත් මිනිස් අපට නොපෙනේ. එයට හේතුව ඒවාද අර්ධ පරමාණුක වීමයි. දෙවියන්, භූතයන් ප්‍රේතයන් ලෙස අප අසා ඇති අයත් කිසි ලෙසකින්වත් පුහුදුන් මිනිසාට නොපෙනේ. එයට හේතුව ඔවුන්ගේ සිරුරු අර්ධ පරමාණුක වීමයි.

මෙම සූක්ෂ්ම ශරීර වාහකයෙකුගේ සිරුරට ඇතුළු වන්නේද ඔහුගේ සූක්ෂ්ම ශරීරය ඔස්සේය. ඔහුගේ දළ ශරීරයට වටා ඇති සූක්ෂ්ම ශරීරය යටපත් කොට ආගන්තුක භූත ආත්මයේ සූක්ෂ්ම ශරීරය නැගී සිටී. හැම සූක්ෂ්ම ශරීරයකටම යම් මූල ධාතු කොටස් ඇත. පිටතින් පැමිණෙන සූක්ෂ්ම ආත්මය කරන්නේ අදාළ වාහකයාගේ සූක්ෂ්ම ශරීරයේ මූල ධාතු කොටස් තල්ලු කිරීම හෝ ඒවා සමග මිශ්‍ර වීමයි. මේ ක්‍රියාවලිය නිසා අදාළ වාහකයාගේ සිරුරේ ස්නායු පද්ධතිය අඩපණ වී ඔහුගේ ප්‍රකෘතිය ක්‍රමානුකූලව වෙනස්වී යයි.
එය වන්නේ අලුතින් පැමිණි අලුත් සූක්ෂ්ම ශරීරයේ මූල ධාතු අදාළ පුද්ගලයා මුළුමනින්ම ග්‍රහණය කොට හැසිරවීමට පටන් ගැනීමෙනි. මෙම ක්‍රියාවලිය බොහෝ දුරට සිදුවන්නේ අදාළ වාහකයාගේ දළ ශරීරයට විශාල හානියක් සිදු නොවන ලෙසින් වීම වැදගත්ය. මෙහිදී ඇතිවන පීඩනය ඔහුට දරා ගත හැකි පීඩනයකි. මෙසේ පැමිණෙන සූක්ෂ්ම ශරීර ඔවුන්ගේ ජීවත්ව සිටි යුගයේ හිතවතුන් වීමද විශේෂයකි. ඔවුන් සමග යළි මිතුරුකම් පැවැත්වීමට ඇති කැමැත්ත ඒ අයට මිල මුදල් උපයා දීමට ඇති කැමැත්ත, තමන්ට ජීවත්ව සිටි කාලයේ කිරීමට බැරි වූ කාර්යයක් කරවා ගැනීමට ඇති අවශ්‍යතාව මේ පැමිණීමට මූලික වේ. මෙලෙස පිටස්තර භූත සම්බන්ධයකින් ලොව පුරාම මහත් ප්‍රසිද්ධියක් දැරූවෙකි, බ්‍රසීලයේ සී. ඇරිගෝ. දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ විසූ වෛද්‍යවරයකු වූ ච්ප ජ්පඪබල ගේ භූත ආත්මය ඇරිගෝගේ සිරුට ඇතුළු වී ඔහු ඔහු යොදවා සැත්කම් සිදුකළ අයුරු මේ පිළිබඳව පස් වසරක් තිස්සේ සියුම් පර්යේෂණයන් කොට ඒ නභඩචපඪජඩ විසින් ලියූ ඉඥපඨඥද අභඵබරඬදඪඡඥ නම් කෘතියෙහි සවිස්තරාත්මකව සඳහන්ය.

භූත කොටස් පිළිබඳව කතා කිරීමේදී මෙසේ අපට පියවි ඇසට නොපෙනෙන දෙවියන් දේවතාවන් යක්ෂ හා ප්‍රේත යන හැම අංගයක් ගැනම කතා කළ යුතුය. දෙවියන්ද එක්තරා ආකාරයක භූත කොටසකි. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ විශිෂ්ට පින්කම්හි නියැළී මරණින් මතුද ඥාතීන්ගෙන් එක දිගට බොහෝ පින් රැස් කරවාගත් නිසාම ඔවුන්ගේ වාස භවනය භූත තලයකට වඩා වෙනස් සුවිශේෂී, ලෝකයකි. චතුර්මහාරාජික, තාවතිංස ආදී නම්වලින් හැඳින්වෙන ඒවා ඉහළ තලයේ සදෙව් ලෝක තලය. මේ පිරිස ලෞකික ජීවිත ගත කරන පුහුදුන් මිනිසුන්ගේ සිරුරු ස්පර්ශ නොකරති. දෙවන දේව කොටස යම් ආකාරයක උසස් ආමිස පූජාවල නියැළී පින් රැස් කළ එහෙත් කුසල් නොවැඩූ අයයි. එබඳු අය දේවතාවන් ලෙස විවිධ විමානවල වෙසෙන්නෝ වෙති. මොවුන් බොහෝ විට කරන්නේ දේව සමාගමය තුළ පණිවුඩ රැගෙන යාමේ කාර්යයි. මේ අය මිනිස් සිරුරට ළං නොවී පණිවුඩ හා ශබ්ද තරංග ලබා දෙති. දේවාරූඪයේදී මේ පිරිසද සම්බන්ධ නොවේ. අනෙක් කොටස් භූත හා ප්‍රේත කොට්ඨාසයයි. මොවුන් අතර ඇතැම් අය කෙළින්ම භූතයන් ලෙසද සමහරක් දෙවියන්ට සේවය කරන පරිවාර භූතයන් ලෙසද සිටී.

ඇතැම්හු පරදත්තූපජීවී නම් ප්‍රේතයන්ව සිට පින් ලබා ගැනීමට තමන්ගේම ඥාතීන්ට ළං වෙති.
මේ පිරිසටද බොහෝ විට දේව දාස භූතාත්ම හමුවිය හැක. ඒ ඔස්සේ යම් යම් පණිවුඩ තොරතුරු ලබාගත හැක. ඕනෑම ඝන පෘෂ්ඨයක් විනිවිදගෙන මෙම ආත්මවලට නිමේෂයක් තුළ කි.මීටර් ලක්ෂ ගණනක් දුර ගමන් කළ හැක. බොහෝ රහස් දත හැක.
මෙලෙස දේවාරූඪයේදී හමු වන්නේ මෙම ප්‍රේත භූත ගණයේ උපත ලබා සිටින වාහකයාගේ ඥාතියෙකි. ඔහුගේ ශක්ති සම්පන්න භාවය වාහකයාගේ ශීලවන්ත බව හා ඔහු භූතාත්මයට සලකන ආකාරය මත මෙම ආරූඪකරුවාගේ සාර්ථක අසාර්ථක බව බොහෝ විට තීරණය වේ. අනෙක් අතට කාලයත් සමග මේ භූත කොටස් ගැළවී ගොස් වෙනත් භූතයන් ආදේශ කිරීමක් කරනු ලබයි. ඇතැම් විට සූක්ෂ්ම ශරීර හත අටක් එකම පුද්ගලයෙකුට වරින් වර ආරූඪ වීමද සිදුවේ. දේවාරූඪ ශාස්ත්‍රය එකිනෙකට පරස්පර කරුණුවලින් යුතු වන්නේත් නිතර නිතර වෙනස් වන්නේත් අනාගතය බොහෝ දුරට අසත්‍ය වන්නේත් මෙම කරුණ නිසා යයි සිතමි.

දේවාරූඪය පිළිබඳව පිරික්සීමේදීත් පැහැදිලිවම දැකිය හැකි තවත් ලක්ෂණයක් නම් අදාළ වාහකයා කුමන හෝ කල් පවතින රෝගාබාධයකින් පෙළෙන්නෙකු වීමය. එයට බොහෝ දුරට බලපාන්නේ පිටතින් පැමිණෙන සූක්ෂ්ම ශරීරය වාහකයාගේ දළ ශරීරයට කරනු ලබන තෙරපීම තුළින් එම තෙරපීම සුසුම්නාව ඔස්සේ මොළය තෙක් පැතිරීයාම නිසා සිරුරේ ඇතිවන අසමතුලිත බවයි අධික රුධිර පීඩනය දිගු කල් පවතින තුවාල, ගොත ගැසීම වැනි දෑ මේ අය තුළින් දැකිය හැකිවේ.
අනෙක් අතට දෙවියන් ආරූඪ වනවා යැයි කියන බොහොමයක් තැන් පිරිසිදු තැන් නොවේ. නාගරිකයෝ කුඩා කාමරයක කිලිටි තිර රෙදිවලින් මුවා වී මේ දේවාල පවත්වාගෙන යනු පෙනේ.
අදාළ ස්ථානයෙහි පිරිසිදුකම සඳහා භූතාවේශයන්ට අදාළ අවශ්‍ය කරුණක් වන්නේ නැත. මේ හැර, දේවාල පවත්වාගෙන යන පුද්ගලයන් මරණයට පත්වූ පසු එතෙක් තමා ඇසුර පැවැත්වූ සූක්ෂ්ම ආත්මයක් හා එකතු වී තව බොහෝ කාලයක් එබඳුම මිනිස් ඇසුරක් පවත්වමින් සිටීමද විශේෂයකි. මෙයින් පෙනෙන්නේ දේවාරූඪය සැබවින්ම දෙවියන්ගේ ආගමනයක් නොවන බවයි. එහෙත් ඒ තුළ යම් කිසි ශක්තියක් ඇත. ප්‍රේත හෝ භූත ඥාතියෙකු හරහා එම ශක්තිය උඩට එතත් එය ලෝකයට පෙන්වන්නේ බලසම්පන්න දේවාරූඪයක් ලෙසය.

මහාචාර්ය
දයා අමරසේකර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Sunday Lakbima​
 
Last edited:
Dec 30, 2013
1,235
166
0
මිත්‍යාදුෂ්ඨිකයොන්ගෙ අමු කෙප්ප. :angry::angry::angry:

ඕව ඔක්කොම යටිහිතේ බලපෑම්.
 

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ela, katahwa atha, ape neyekuth innawa porata uadaww karanen thatha, samahara sassthra kiyanda welwaen welata wena aruda gennala kiyanne nethnag hariyata kiyawenne ne boru wenawa
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    නෑ මචන මෙහෙමයි ඕව බොරු නෙමෙයි නමත් ඕව තේරුම් ගන්න තරම් අපේ දැනුම අද්යත්ම්ක වශයෙන් හරි හෙතුපලවාදී විදියට හරි දැන් නෑ..ඉස්සර මිනිස්සුන්ට අද්යාත්මික වශයෙන් ඕව තේරුම් ගියා..හේතුපල වැඩි විදියට තේරුම් නොගත්තට..ඒ වගෙමේ ඕන තරම් සාක්ෂි තියෙනවා ඔය දේවල් ඇත්ත කියල...එක තේරුම් ගැන බැරි උනාම අපේ මිනිස්සු කියනවා ඕව බොරු කියල..බොරු කාරයෝ නැතුවත් නෙමෙයි..නමුත් නියම කෙනා තමුන්ට ඔය දේවල් පුළුවන්..තමුන්ගේ තත්වේ කාටවත් කියන්න යන්නේ නෑ..අර මේ ටිකේ කුඩා කට්ටියක් ඔට්ටු දානවා ලක්ෂ 10 දෙනවා කියල..අපි අතෙන් වියදම් කරලා ලක්ෂයක් ඉන්දියාවට ගිහින් ලක්ෂ 9ක් දිනාගෙන එන්න පුළුවන්..යෝගාවචාරයෝ ඉන්නවා ඕන තරම් ඉන්දියාවේ ඔය හැකියාවන් ඇති...අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සල්ලි නිසා බොරු කරනවා...සීලයක් පිනක් කියල නෑ..මන් ක්ව දේ වරදක් තියෙනවනම් කියන්න :):):)
     
    • Like
    Reactions: DemonAkalanka

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ මචන මෙහෙමයි ඕව බොරු නෙමෙයි නමත් ඕව තේරුම් ගන්න තරම් අපේ දැනුම අද්යත්ම්ක වශයෙන් හරි හෙතුපලවාදී විදියට හරි දැන් නෑ..ඉස්සර මිනිස්සුන්ට අද්යාත්මික වශයෙන් ඕව තේරුම් ගියා..හේතුපල වැඩි විදියට තේරුම් නොගත්තට..ඒ වගෙමේ ඕන තරම් සාක්ෂි තියෙනවා ඔය දේවල් ඇත්ත කියල...එක තේරුම් ගැන බැරි උනාම අපේ මිනිස්සු කියනවා ඕව බොරු කියල..බොරු කාරයෝ නැතුවත් නෙමෙයි..නමුත් නියම කෙනා තමුන්ට ඔය දේවල් පුළුවන්..තමුන්ගේ තත්වේ කාටවත් කියන්න යන්නේ නෑ..අර මේ ටිකේ කුඩා කට්ටියක් ඔට්ටු දානවා ලක්ෂ 10 දෙනවා කියල..අපි අතෙන් වියදම් කරලා ලක්ෂයක් ඉන්දියාවට ගිහින් ලක්ෂ 9ක් දිනාගෙන එන්න පුළුවන්..යෝගාවචාරයෝ ඉන්නවා ඕන තරම් ඉන්දියාවේ ඔය හැකියාවන් ඇති...අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සල්ලි නිසා බොරු කරනවා...සීලයක් පිනක් කියල නෑ..මන් ක්ව දේ වරදක් තියෙනවනම් කියන්න :):):)

    mechchara kal mat mewa trust karema na machan, dan nam tiyanawa kiyala hithenawa
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය මල ගිය ප්‍රාන කාරය වැහුන එකාව මනො වය්ද්යවරයෙක්ට පෙන්නුවනම් , ඔය කියන spirit එන එව නිට්ටවට සුව කරන්න බෙහෙත් තියනව.ජිවිතෙ කවදවත් ඉට පස්සෙ spirit එන්නෙ නැ..

    අමුම අමු විස්වාස ගොන්නක් ගැන , හිතෙ තියගෙන ඉන්න මනො ලොක ගැන විද්යත්මකව පහදන්න යන එක කොමිටලයක්
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    නෑ මචන මෙහෙමයි ඕව බොරු නෙමෙයි නමත් ඕව තේරුම් ගන්න තරම් අපේ දැනුම අද්යත්ම්ක වශයෙන් හරි හෙතුපලවාදී විදියට හරි දැන් නෑ..ඉස්සර මිනිස්සුන්ට අද්යාත්මික වශයෙන් ඕව තේරුම් ගියා..හේතුපල වැඩි විදියට තේරුම් නොගත්තට..ඒ වගෙමේ ඕන තරම් සාක්ෂි තියෙනවා ඔය දේවල් ඇත්ත කියල...එක තේරුම් ගැන බැරි උනාම අපේ මිනිස්සු කියනවා ඕව බොරු කියල..බොරු කාරයෝ නැතුවත් නෙමෙයි..නමුත් නියම කෙනා තමුන්ට ඔය දේවල් පුළුවන්..තමුන්ගේ තත්වේ කාටවත් කියන්න යන්නේ නෑ..අර මේ ටිකේ කුඩා කට්ටියක් ඔට්ටු දානවා ලක්ෂ 10 දෙනවා කියල..අපි අතෙන් වියදම් කරලා ලක්ෂයක් ඉන්දියාවට ගිහින් ලක්ෂ 9ක් දිනාගෙන එන්න පුළුවන්..යෝගාවචාරයෝ ඉන්නවා ඕන තරම් ඉන්දියාවේ ඔය හැකියාවන් ඇති...අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සල්ලි නිසා බොරු කරනවා...සීලයක් පිනක් කියල නෑ..මන් ක්ව දේ වරදක් තියෙනවනම් කියන්න :):):)

    sira machan