මියගිය දැරියට පැය 5ක් පහරදීලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් ප්‍රහාරයක් හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියක් මියගොස් තිබේ.
    ප්‍රදේශවාසීන් පැවසුවේ ශාන්තිකර්මය අතරතුර පැය පහක පමණ කාලයක් අදාළ දැරියට වේවැල්වලින් පහරදී ඇති බවය.
    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්ගත කළ දැරියගේ මව හා ශාන්තිකර්මය සිදුකළ කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
    ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි එම දැරිය පදිංචිව සිටියේ දෙල්ගොඩ, මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේය.
    පසුගියදා ඇයට අමුනුෂ්‍ය දෝෂයක් ඇති බවට අනුමාන කළ ඇයගේ මව ඊයේ (27) ඇයව යාබඳ නිවසකට රැගෙන යන්නේ ශාන්ති කර්මයක් සිදුකිරීමටය.
    එහිදී ශාන්ති කර්මය සිදුකරනු ලබන කාන්තාව ඇයට පළමුව තෙල් සත්කාරයක් ලබා දී තිබේ.
    අනතුරුව දැරිය තුළ සිටින යක්ෂයා එළවීමට අවශ්‍ය බව පවසමින් අදාළ කාන්තාව දැරියට වේවැල් කිහිපයක් කැඩී යනතුරු පහරදී ඇත.
    මේ පිළිබඳ අදහස් දැක්වු ප්‍රදේශවාසියෙක් පවසා සිටියේ, “එක හමාරේ ඉඳලා හයා මාර දක්වා ගැහුවා.“ යනුවෙනි.
    එලෙස පහරදීමෙන් කැඩී තිබූ වේවැල් කොටස් කිහිපයක්ද නිවස තුළ දක්නට ලැබුණි.
    එම පහරදීම හමුවේ සිහිසුන් වූ දැරිය බියගම රෝහළට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කළේය.
    දැරිය රෝහල්ගත කළ රියදුරු පවසා සිටියේ, “දොස්තර මහත්තයා බලපු ගමන් කිව්වා දරුවා මැරිලා ඉන්නේ කියලා.“ යනුවෙනි.
    දැරියගේ මෘත දේහයේ වේවැල් පහර හේතුවෙන් තුවාල සිදුව තිබුණු අයුරු අපට දක්නට ලැබුණි.
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මියගිය දැරිය පියා, “කිසිලෙඩක් වෙන්න දෙයක් නෑ. එයාට එහෙම පෙරේත දෝෂයක් මුකුත් නෑ. හොඳ ළමයෙක් එයා. ළමයගේ හුස්ම හිරවෙනකල් ගහලා කියලා තමයි කියන්නේ. ගහන්න එපා ඇන්ටි ගහන්න එපා ඇන්ටි කියලා කෑ ගහලා තියෙනවා. පැය දෙකක් විතර ගෙදර තියන් ඉදලා තමයි ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ.“
    අනතුරුව පොලිසිය විසින් දැරියගේ මව සහ මෙම ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
    පසුව මහර අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.
    ඇයගේ දේහය පිළිබඳ පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතය.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    යකා ඇග ඇතුලේ ඉන්නකන් දිව්‍යලෝකේ යන්න බෑ බන් , යකා එලෙව්ව ගමන් කෙල්ල දිව්‍යලෝකේට ගියා.. ඔච්චරයි උනේ..සරල සිදුවීමක් ඔච්චර පුම්බන්න එපා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මුස්ලිම් උනුත් හදිහූනියම් සීන් එකේ ඉන්නව නේ, මන් හිතුවෙ සින්හල උන් විතරයි කියල
    යූටියුබ් එකේ තියෙනවා සෞදි වල ආත්මයක් වැහිලා ඉන්න කෙල්ලෙක්ව බේර ගන්න වීඩීයෝ එකක්..බලපන්කෝ ඒක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    යූටියුබ් එකේ තියෙනවා සෞදි වල ආත්මයක් වැහිලා ඉන්න කෙල්ලෙක්ව බේර ගන්න වීඩීයෝ එකක්..බලපන්කෝ ඒක.
    මේ වගේම මැරෙනකන් ගහල වෙන්ටැ බේරගන්නෙ
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මේ වගේම මැරෙනකන් ගහල වෙන්ටැ බේරගන්නෙ
    නෑ නෑ ජින් සීන් එකක්..
    කුරානය එක්ක සීන් එකක් යන්නේ..
    සෞදි කියන්නේ බූත ආත්ම රාජධානියක් වගේලු..

    link ekak damma nm
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මහ මිනිස්සුන්ගෙ ගොන් කම් වලට අන්තිමට දරුවටයි වන්දි ගෙවන්න උනේ... පව්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    අහ් උන්ගෙ කල්චර් එකේ බූත සීන් තියෙනව. මෙහෙ හෙළ යක්කු වගේ නෙමේ එබ්‍රහමික ආගම් වල යක්කු සීරියස්. අපේ උන්ට වගෙ කුකුළෙක් දීල බේරන්න බෑ 🤭