වාද්දුව පොලිසිය විසින් සිදුකළ බවට චෝදනා ලැබෙන පහරදීමකින් පසු එක්දරු පියකු මියයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් (24) නමැති තරුණයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී පහරදීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
පොලිස් ඇප මත නිදහස් කිරීමෙන් පසු නිවසට ගිය ඔහු ලේ වමනය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මියගිය තරුණයාගේ බිරිඳ වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කරමින් සිය ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ සිටියදී පොලුවලින් පහරදීමට ලක්වූ බව ප්‍රකාශ කර සිටියාය. "මගේ ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කිව්වා පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා, පපුව රිදෙනවා කියලා. අපි එයාව රෝහල් ගත කළා. නමුත් අවාසනාවකට එයා මියගියා. දැන් මමයි මගේ අහිංසක දරුවයි තනි වුණා," යනුවෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.
මියගිය තරුණයාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා මහත්මිය ද පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට චෝදනා කළාය.
කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ
අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
මෙම සිද්ධිය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා වාද්දුව පොලිසිය විසින් ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර, නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තර කර තිබිණි. තවද, බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.
"අහිංසක දරු පවුලක් අනාථ වුණා. මිනී පෙට්ටියක්වත් ගන්න සල්ලි නැහැ" යනුවෙන් උද්ඝෝෂකයන් කෑගසමින් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ.
මියගිය තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
thawath police ballo set ekka gedara yanna lasthi wenne, ballige puthalata boruwak kiya ganna danneth naha hariyata
yako thwala ekka hitiyanam suwasariya call karala hospital danne nathuwa policiye thiyan inna tharan mugath balloda mun
@Don GasCan ikmanata ware, ubage thaththala set ekak job ekata kelawa ganna yanne