මියගිය සෙනෙහස......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මියගිය සෙනෙහස......

    කුංකුම කස්තුරි අගිල් කපුරු දුම්
    නුහුරුය දෙව්ලේ සුවද කැවූ
    පර මල් දෝතක් දෙඅත දරාගෙන
    කුමක් පතන්නද මාහට නොදැනේ

    කදුළින් මත් උන නව රජදහනේ
    දොම්නස් කිරැළකි මගේ උරුමයට
    පෙරදා හදවත සුවදින් නැහැවුන
    ඉමිහිරි සිතුවිලි සුවද වියැකිලා

    පාළුව ඝණදුර මා වට කරමින්
    අතීත සිතුවිලි යදමින් බැදිලා
    සිරකරුවෙකු සේ කුටියක තනිවුනු
    සුසුමට මගෙ දිවි දිය වෙනවා

    බලාපොරොත්තුවේ මිණිමුතු ඔබලා
    තැනූමාළිගා බිදී වැටුනු දා
    මිය ගිය සෙනෙහස මිහිදන් කල තැන
    හඩා වැටෙමි හදවතින් මගේ......
     
    • Like
    Reactions: JHHA and precious

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    අඩෝ පට්ට මචන්,සිරා කවිය ......!!!!!!

    පුසට කවිත් පුළුවන් නේ......!!!!!!!
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ලස්සනයි මචන් :):)
    දිගටම ලියන්න...
    රෙප් දෙන්න බැල්ලු
    :sorry: