මිරැන්ඩෝ ඔබේසේකර එපා කියූ මැග්සේසේ සම්මානය.
අද කියන්න යන්නේ මැග්සේසේ සම්මානය ගැන. මේ ගැන ගොඩක් අය අහලා තියෙනවා කියලා දන්නවා. ලංකාවෙ කිහිප දෙනෙක්ටත් මේ සම්මානය හිමි වෙලා තියෙනවා. සමහර විචාරකයින් මේ සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය කියාද හදුන්වනවා. පිලිපීන රජය විසින් මේ සම්මානය දීම ආරම්භ කරලා තියෙන්නේ 1958 සිට යි. මේ සම්මානයේ නමට හේතු වූ පුද්ගලයා තමයි පිලිපීනයේ හත්වෙනි ජනාධිපතුවරයා වූ රැමොන් මැග්සේසේ මහතා.
රැමොන් මැග්සේසේ
හත්වෙනි මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු තෙවන පිලිපීන ජනාධිපතිවරයා වන්නේ මොහුයි. 1907 අගෝස්තු 31 වන දින උපත ලැබූ මොහු මියගියේ 1957 මාර්තු 17 වනදා ගුවන් අනතුරකිනි. ඔහු 1953 දෙසැම්බර් 30 සිට මියයන තෙක් පිලිපීන ජනපති ධූරය හෙබවූයේය. පැසිෆික් යුද්ධයේදී ගරිල්ලා නායකයෙක් ලෙස ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් Zambales හි ආණ්ඩුකාර ධූරයට අනුයුක්ත කලේය. ඉන්පසු ඔහුව ජාතික ආරක්ෂක ලේකම් ධූරයට ජනපති Elpidio Quirino පත් කලේය. විසිවෙනි ශත්වර්ෂයේ උපත ලද ප්‍රථම පිලිපීන ජනපති වන්නේද මොහුය.
ආසියාවේ සිටින , තමන් නියැලෙන ක්ෂේත්රයේ විශිෂ්ඨයන් උදෙසා මෙම සම්මානය පිරිනමනු ලබයි. මෙම සම්මානය කාණ්ඩ කිහිපයක් ඔස්සේ ලබා දෙයි. ඒවා නම්;
- රාජ්‍ය සේවය ( 1958 - 2008 )
- සමාජ සේවය ( 1958 - 2008 )
- නායකත්වය ( 1958 - 2008 )
- මාධ්‍යකරණය , සාහිත්‍ය , කලාව ( 1958 - 2008 )
- සාමය ( 1958 - 2008 )
- භික්ෂු නායකත්වය ( 2001 - )
- විවිධ ( 2009 - )
මේ සම්මානය ලාංකිකයන් කිහිප දෙනෙක්ටත් ලැබිලා තියෙනවා.
- පණ්ඩිත් අමරදේව ශූරීන්
- මර්සලින් ජයකොඩි පියතුමා
- ආචාර්ය ඒ.ටී.ආරියරත්න
- මේරි රත්නම්
- ටාසි විට්ටච්චි
- එල්.ටී.පී.මංජු ශ්‍රී
- ෆර්නෑන්ඩස් හර්මන් ජිල් ජෝසෆ් සහෝදරතුමා
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
- මිතිල ප්‍රනාන්දු