bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උපතේ සිට මරණය තෙක්ම එ.ජා.ප.ය රකින ජේ.වී.පී ය


    jvp අධිරාජ්‍ය විරෝධී අරගලයේ නිරත බව ප‍්‍රකාශිත ජනතා විමුක්ති පෙරමුණ මෙරට අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන ඒජන්තවරයා වූ රනිල් වික‍්‍රමසිංහ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාව ලෙස බෞතීෂ්ම කරමින් ඔහුගේ අගමැති ධුරය රැකදීමට ක‍්‍රියා කළේය. භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ආගමික නායකයන් ඇතුඑ 6700 ක් එජාප ක‍්‍රියාකාරීන් මරා දමා ඔවුන්ගේ මළ මිනිය දණහිසට පහළින් ගෙන යන ලෙස නියෝග කළ අශිෂ්ට වෘතය සමාජගත කළ ජනතා විමුක්ති පෙරමුණ එකී පාපයේ ලේ වන්දිය ගෙවා දැමීමේ අරමුණින් යුතුව ව්‍යාජ සඑපිළි පොරවා, රනිල් වික‍්‍රමසිංහ රැකගැනීමට කෘතවේදී විය.

    එහෙත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එ.ජා.ප ආණ්ඩුව විසින් මරා දමන ලද රෝහණ විජේවීර, ගමනායක ඇතුඑ නායකයන් සහ 67,000ට අධික සිය සාමාජික සාමාජිකාවන්ගේ සෝ සුසුම් අෙදා්නාවලට යුක්තිය රනිල් වික‍්‍රමසිංහ විසින් පෙරළා ඉටුකරනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සාමාජික සාමාජිකාවන් කෙසේ වුවත්, පුරවැසියන් ලෙස අපි බලා සිටිමු. එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කැපවූ ජනතා විමුක්ති පෙරමුණේ භාවිත බොහෝ අයට විමතිය දනවන්නක් වුවත් මෙම ලියුම්කරුට අදාළව එය ඔවුනොවුන්ගේ ඓතිහාසික සබැඳියාවේ වත්මන් ප‍්‍රකාශනය වේ.

    ජනතා විමුක්ති පෙරමුණ විමුක්ති මාර්ගයට අදාළව ප‍්‍රථම අභ්‍යාසය ලෙස සන්නද්ධ ක‍්‍රියාවලියක් 1971 දී සමගි පෙරමුණ ආණ්ඩුවට එරෙහිව මුදාහරින ලදී. සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව එම සන්නද්ධ අරගලය මර්දනය කළ ද එය ඉතා මෘදු ස්වරූපයක් ඉසිලීය. බොහෝ ජ.වි.පේ කාඩර්වරු පුනරුත්ථාපනය කළ අතර වැරදිකරුවන් වූ නායකයන් සිරගත කෙරිණි. ග‍්‍රාමීය උගත් තරුණ ප‍්‍රජාවගේ ජීවිත එලෙස මවක ලෙස සිරිමාවෝ රැක දුන්නාය.

    ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී රාජ්‍ය බලය අත්පත් කරගත් අතර, 5/6 ක් ලෙස එය සටහන් වුණි. මෙම අසීමාන්තික බලය උපයෝගී කරගත් ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථානුකූල ඒකාධිපතීත්වයක් සාක්ෂාත් කරගනු ලැබීය. අන්ත දක්ෂිණාංශික ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීම ඔහුගේ දෙවැනි පියවර විය. මේ සදහා ජනතා විමුක්ති පෙරමුණ උපයෝගි කර ගැනීම ඔහුගේ උපාය විය. සිරගත කළ ජේ.වී.පී. නායකයන් නිදහස් කර, ජේ.ආර්. ගේ වංචනික ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඒ හරහා සුජාත භාවයක් ලබා දුනි. තමන්ට යම් අභියෝගකාරී සාම්ප‍්‍රදායික පැරණි වම හා ශ‍්‍රී.ල.නි.ප.ය මුඑමනින්ම බිද දැමීමට ජේ.වී.පී. මෙහෙය විය. ශ‍්‍රී.ල.නි.ප.ය.ට එරෙහිව ”ගමනක අවසානය” නමින් සම්මන්ත‍්‍රණ මාලාවක් රට පුරා ජේ.වී.පී.ය පැවැත්වූ අතර පසුව ශ‍්‍රී.ල.නි.ප.යේ රැලිවලට පහර දීම දක්වා ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගය රළු විය. ජේ.ආර්. ගේ අරමුණ වෙනුවෙන් මෙලෙස කැපවූ ජේ.වී.පී ය ඉහළ සාමාජිකයින් හමුවේ වැඩවසම්වාදී ශ‍්‍රී.ල.නි.ප.ය එ.ජා.ප.ය.ට වඩා ප‍්‍රතිගාමී බැවින් සංවර්ධනාත්මකව එය අවසන් කළ යුතු බව ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී.ල.නි.ප.ය දුර්වල කිරීම තුළින් එහි සාමාජිකයන් තමන් වෙත ඇදී ඒමෙන් ජේ.වී.පී.ය තුන්වන බලවේගය වන බවට යටිතලේ සාමාජිකයන් සිහිනයක සතපවන ලදී.

    ජේ.ආර්. ගේ අන්තවාදී දක්ෂිණාංශික ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය විසින් අසරණ කළ ජනයා සම්මත වම විසින් වැඩවර්ජනයකට කැදවන ලදී. 1980 ජූලි මස කැදවන ලද මනරංජන වැඩවර්ජනය, වර්ජනය කළ ජේ.වී.පී. එය මර්දනය කිරීමට ජේ.ආර්.ට ඉඩ ප‍්‍රස්ථා විවෘත කළේ, කම්කරු පන්තියට නායකත්වය දිය නොහැකි වම, වැඩවර්ජනය මෙහෙයවන නිසා යැයි ප‍්‍රකාශ කරමිනි. ජේ.ආර්. ගේ අභිලාෂය වූයේ වැඩවර්ජනය මර්දනය කොට වර්ජන නොමැති දේශයක් ලෙස ලංකාව පත්කර ආයෝජකයන්ගේ සිත් දිනාගැනීමට සහ සාම්ප‍්‍රදායික වම මෙන්ම වැඩවර්ජන සංසිද්ධි ලංකා භූමියෙන් අවසන් කරලීමය. ලක්ෂ 3කට අධික රාජ්‍ය සේවකයන් සේවයෙන් පලවා හැර මනරංජන වැඩවර්ජනය සෙහොන් බත් කිරීමේ ජේ. ආර්. ගේ උපාය වැඩවර්ජනය වර්ජනය කර සහ කඩාකප්පල් කරමින් ජේ.වී.පේ කදිමට සපුරාලනු ලැබීය.

    ජනතා විමුක්ති පෙරමුණ එ.ජා.ප.යේ අවශ්‍යතාව ඉටු කළ තවත් අවස්ථාවක් සටහන් වන්නේ 1982 දී පැවැති ජනාධිපතිවරණයේදීය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තාමට එරෙහි අපේක්ෂකයන් වැඩි වැඩියෙන් ඉදිරිපත් කරවා ගැනීමය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර ශ‍්‍රී.ල.නි.ප.ය බිද දමා තිබූ බැවින් එම පක්ෂයෙන් දුර්වලයකු කැදවා ගැනීමට ද ජේ.ආර්. උපාය යෙදීය. ඔහුගේ උපාය සඵල කරමින් තමාට එරෙහි අපේක්ෂකයන් පස්දෙනකු කැදවා ගැනීමට සමත් විය. ජේ.ආර්. ජයවර්ධනගේ සෘජු සහ වක‍්‍ර වරදාන මත ඔහු විවෘත කරදුන් මාවතේ ගමන් කරමින් රෝහණ විජේවීර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ශ‍්‍රී. ල. නි. ප. යේ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට එරෙහිව තියුණු ප‍්‍රචාරයක් දියත් කළේ ජේ. වී. පේ. පොදු හතුරා ඔහු ලෙස සලකමිනි. මේ තුළින් ඡන්ද කඩා ශ‍්‍රී.ල.නි.ප.යේ පරාජය සහතික කර ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඒකාධිපතිවාදයට යළි ජේ්. වී. පේ. ඉඩ විවෘත කරනු ලැබීය.

    ජනතා විමුක්ති පෙරමුණ පසුව ජයවර්ධන මහතාව අතහැර රණසිංහ පේ‍්‍රමදාස මහතාට ළං විය. ඒ සදහා ජේ.ආර්. - පේ‍්‍රමදාස ගැටුම උපයෝගී කරගන්නා ලදී. එළැඹෙන ජනාධිපතිවරණයේ දී යළි ඉදිරිපත්වීමේ තමාට ඇති හැකියාව ජේ.ආර්. ජයවර්ධන මහතා විමසමින් සිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජය කිරීම සදහා අවශ්‍ය ඡන්ද කැඞීමේ ක‍්‍රියාවලිය විජය කුමාරතුංග මහතා හා ජේ.වී.පී ලවා ඉටුකර ගැනීම ජේ්.ආර්. ගේ උපාය විය. එහෙත් රණසිංහ පේ‍්‍රමදාස මහතාට සමීපව සිටී ජේ.වී.පී ය ව්‍යවස්ථා සංශෝධනය කර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ යෝජනා කළ ලයනල් ජයතිලක එවකට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාව සහ විජය කුමාරතුංග මහතාව විසින් අවසන් කර රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අවශ්‍යතාවය ජේ. වී. පේ. විසින් සපුරාලනු ලැබීය.

    1989 ජනාධිපතිවරණය කැදවීමට නියමිත වූයේ රටම භීම සමයකට ජනතා විමුක්ති පෙරමුණ යටත් කර තිබූ පසුබිමකදීය. එ.ජා.ප.යේ අපේක්ෂකයා රණසිංහ පේ‍්‍රමදාස වූ අතර ඔහුට එරෙහි දේශපේ‍්‍රමී පොදු සංවිධානයක් ගොඩනැංවීමේ සාකච්ඡාව, ජනතා විමුක්ති පෙරමුණ විසින් බිද දැමුවේ, බලය බෙදාහදා ගැනීමට සූත‍්‍ර දෙකක් ඉදිරිපත් කරමිනි. ආණ්ඩුව පිහිට වූ පසු කවර හෝ පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත් වූ විට ආණ්ඩුව විසුරුවාලිය යුතු බවට වූ යෝජනාව හා ජනපති ශ‍්‍රී.ල.නි.ප.යේ එනම්, අගමැති ජනතා විමුක්ති පෙරමුණෙන් විය යුතු බවට වූ යෝජනාවන් ඉදිරිපත් කර එකී ඓතිහාසික මොහොත ව්‍යාර්ථ කරනු ලැබුවේ රණසිංහ පේ‍්‍රමදාස මහතා වෙනුවෙනි. මෙම ජනාධිපතිවරණය ජනතා විමුක්ත් පෙරමුණේ සටන් පාඨය වූයේ වර්ජනය කරලීමය. රට පුරා ප‍්‍රචණ්ඩ ලෙස ක‍්‍රියාවට නැංවූ අතර ඡන්දය දාන ප‍්‍රථම පස්දෙනා ඝාතනය කරන බව ප‍්‍රකාශ කෙරෙණි. ශ‍්‍රී. ල. නි. ප. ආසන ක‍්‍රියාකාරකයින් 104 දෙනකු දින කිපයක් තුළ ඝාතනය කළේ නියෝගය යථාර්ථයක් බවට පත් කරමිනි. ශ‍්‍රී. ල. නි. ප. ජනාධිපති අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩරනායක මැතිනිය ජනාධිපතිවරණය ආසන්නයේ දී ඝාතනය කිරීමේ අවස්ථා දෙකක් හිඟුරක්ගොඩ දී සහ රත්මලානේදි ව්‍යර්ථ වුණි. තේරිම් භාර නිලධාරීන් ඝාතනය කරමින් මැතිවරණ රාජකාරී වලින් රාජ්‍ය නිලධාරීන්ව වළකා රණසිංහ පේ‍්‍රමදාස මහතාට තම කුලී හමුදාව යොදවා ඡන්ද පෙට්ටි පුරවා ගැනීමට අවකාශ සලසා දුන්නේය.

    පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණයත් සමග ජේ.වී.පී ය භීෂණය වර්ධනය කළ අතර පේ‍්‍රමදාස ආණ්ඩුව මෙන්ම ජේ.වී.පී යේද එකිනෙකා පරදා ජය ලබන්න උත්සාහ කළේ වඩාත් කාර්යක්ෂම මිනීමරුවා තමන් බව පෙන්වා දෙමිනි. ජේ.වී.පී.ය විසින් 10,000 ට ආසන්න පිරිසක් මරා දමන විට ඊට පිළිතුරු 3 ලෙස 70,000 ට අධික ජීවිත වනසා කාර්යක්ෂම මිනීමරුවා තමන් බව එ. ජා.ප. ආණ්ඩුව පෙන්වා දෙනු ලැබීය. මුළු සන්නද්ධ කැරැල්ලම අවසානයේ එකම මහා පාවාදීමක් වූ අතර වදකාගාරවල වදකයාගේ සිට අළුගෝසුවා දක්වා සේවය මව්බිම නැතිනම් මරණය ලෙස උදාන වාක්‍ය ගෙතූ ක‍්‍රියාකාරී ජේ.වී.පී යේ සාමාජිකයන් වෙතින් ලැබිණි. සිරිසේන කුරේ මහතා සෝමවංශ අමරසිංහ මහතාව රටින් පිටමං කර ජීවිත රැකදුන්නේ එ.ජා.ප.ය වෙනුවෙන් කළ යුතුකමට කෘතවේදීත්වය පළ කරමිනි.

    මෙලෙස රහසිගත දේශපාලන එකගතා මත එ.ජා.ප.ය සමග කටයුතු කළ ජේ.වී.පී නායකයන් එ.ජා.ප නායකයන් සමග ද සමීප සම්බන්ධතා පවත්වා ගැනීම පිළිවෙත විය. මහින්ද පතිරණ වීරසිංහ මල්ලවාරච්චි, අනුර බැස්ටියන් වැනි එ.ජා.ප නායකයන් සමග ද ආරක්ෂක අංශයෙන් වැටුප් ලැබූ වාස් තිලකරත්න රනිල් වික‍්‍රමසිංහ සමග ද රෝහණ විජේවීර, රොනී ද මෙල් සමග ද කෙලී සේනානායක, ලලිත් ඇතුලත්මුදලි සමග ද සෝමවංශ අමරසිංහ සිය මස්සිනා වූ සිරිසේන කුරේ සමග ද මෙලෙස සම්බන්ධතා පැවැත් වූහ. මෙම ජේ.වී.පී නායකයන්ගේ කාමභෝගී දිවිපැවැත්ම උදෙසා මූල්‍යමය උපකාර ද මෙම එ. ජා. ප. නායකයන් වෙතින් යහමින් සැපයිනි.

    2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි වත්මන් ජේ.වී.පී නායකයා වුවත් 2010 ජනාධිපතිවරණයේ දී එ.ජා.ප.ය නියෝජනය කළ සරත් ෆොන්සේකා මහතාව පොදු අපේක්ෂකයා ලෙස බෞතීෂ්ම කරමින් ඔහුව ජයග‍්‍රහණය කිරීමට වෙහෙසුනි.

    මහින්ද රාජපක්ෂ රජය මාවිල්ලාරුව නිදහස් කර ගැනීම වෙනුවෙන් 2006 දී ප‍්‍රභාකරන්නට විරුද්ධව යුද ක‍්‍රියාන්විතය ඇරඹීය. සුපුරුදු පරිදි එජාපය රාජ්‍ය නොවන සංවිධාන අන්තවාදී ආගමික වාමාංශික කල්ලි මීට එරෙහිව පාරට පැමිණි යහ. හමුදාව, කිළිනොච්චි යන බව කියමින් මැදවච්චි යන බවත් අලිමංකඩ යන බව කියමින් පාමංකඩ යන බවත් රවී කරුණානායක ප‍්‍රකාශ කළ අතර, ඕන මෝඩයකුට යුද්ධය කළ හැකි යැයි ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කරමින් යුද ක‍්‍රියාන්විතය අපහාසයට ලක් කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද වහාම එ.ජා.ප.ය.ට අනුගතව රට විපතට හෙළන ලදයි අදුරු චිත‍්‍රයක් රට හමුවේ මැවීය. යුද්ධයට එරෙහිව රූපවාහිනි සංවාද, වැඩබිමේ වර්ජන, තර්ජන මහ පාරේ උද්ඝෝෂණ ඇති කරමින් එ.ජා.ප.ය සහ කොටි තස්ත‍්‍රවාදය රැකීමට ක‍්‍රියා කළ අතර කොටි තස්ත‍්‍රවාදයට එරෙහි යුද්ධය තීව‍්‍ර වූ 2008 වසරේ අයවැය ලේඛනය පරදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිද දමා එ.ජා.ප.ය.ට බලය උරුම කර දී, කොටි සුරැකීමට ගත් වෙහෙස ගත්තේය. රටේ වාසනාවට එකී පක්ෂයේ සිටී දේශපේ‍්‍රමීන් කිහිප දෙනෙකුගේ් මැදිහත්වීම මත එය වැළකුනි.

    එදා මෙදාතුර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මාර්ගය එ.ජා.ප.යේ අනුගතව සිදු ව ඇති බව මේ අනුව පැහැදිලිය. අනුර කුමාර දිසානායකගේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ, එ.ජා. ප. ය. වෙනුවෙන් නිරුවත්ව හැසිරීම අද පමණක් නොව ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වූවක් බව අප තේරුම් ගත යුතුය.

    සනත් දේවින්ද
     
    • Haha
    Reactions: 2osama

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1994- UNP කෘර එකදිපති පාලනයට විරුද්ධ වී චන්ද්‍රිකා සමග සන්ධාන ගතවීම වරදකි
    2005-UNP කොටි සංවිධානය සමග ගිවිසුම් ගසා රට බෙදීමට යාමේදී එයට විරුධව මහින්ද ජනපති කිරීම වරදකි
    2007- සුනාමි සහන මණ්ඩලය මගින් කොටින්ට කොටි ගානක් මුදල් දී ඔවුන්ට කිරි පෙවීමට යාමේදී රජයෙන් ඉවත්වීම වරදකි
    2010- නම් මමත් දකින්නේ වැරදි තීරණයකි
    2016- ඒකාධිපති පවුල් පාලනයක් මගින් රට ගෝත්‍රික කරණයට විරුද්ධ වීම වරදකි
    2018-ව්‍යවස්ථා උල්ලංගනය මගින් ඒකමතික ජනපති කුමන්ත්‍රණ අපේක්ෂා බිද දැමීම වරදකි

    ඇත්තටම පක්ෂයක් විදිහට ඉහත සියලු ක්‍රියාමාර්ග වැරදි බව ඔවුන් වටහා ගත යුතුය ...මින් ඉදිරියටවත් තමන්ගේ පක්ෂය ගැන සිතා තීරණ ගැනීම ඔවුන් සතු වගකීමකි ....කිසිදු ධනපති ආණ්ඩුවකට කඩේ යාමෙන් ඔවුන්ටවත් ජනතාවටවත් අත්වන සෙතක් නැත ....ඉදිරියේදී නැවත පෙරටුගාමින් සමග සත්‍ය වමේ ගමනක් ඇරබීමට කාලය උදාවී ඇත
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    මතකද ගිය සුමානෙ අතුරු සම්මත් ගිනුම පාස් කරන එක.

    මෛත්‍රිල මහින්දල කලින්ම කියල තිබ්බ ඒක සම්මත කරන්වට විරුද්ද වෙන්නෙ නැ කියල.එනිසා පාලක පක්ශෙට පාස් කරන එක අවුලක් නැ මොකද ඒකෙන් ලබන හය මාසෙ වියදම් කවර් කරන්නෙ.

    ජේවීපි එවුන් කිව්ව අපිට චන්ඩ්යක් ඕන කියල...

    විරුද්දව චන්ද 6ක් ඒ JVP එවුන්...

    පක්ශව චන්ද unp+TNA 122ක් ලැබුනා...මහින්දල චන්දෙ දීම හෝ විරුද්දවීම නොකර උන්න.

    jvp උන් හොදටම දන්නවා මේක චන්දයක් තියල වැඩක් නැති එකක් කියල..එක්කො මුන්ට පිස්සු නැත්නම් රනිල්ගෙ අතුරු සම්මත ගිනුමට විරුද්ද වෙන්නත් කට්ටියක් උන්න කියල පෙන්නල රනිල්ව තවත් උස්සල තියන්න උන්ට ඕන..

    ජවිපෙ රනිල්ව ශක්තිමත් කරන කල්ලියක් වෙලා වගේ පේන්නෙ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මතකද ගිය සුමානෙ අතුරු සම්මත් ගිනුම පාස් කරන එක.

    මෛත්‍රිල මහින්දල කලින්ම කියල තිබ්බ ඒක සම්මත කරන්වට විරුද්ද වෙන්නෙ නැ කියල.එනිසා පාලක පක්ශෙට පාස් කරන එක අවුලක් නැ මොකද ඒකෙන් ලබන හය මාසෙ වියදම් කවර් කරන්නෙ.

    ජේවීපි එවුන් කිව්ව අපිට චන්ඩ්යක් ඕන කියල...

    විරුද්දව චන්ද 6ක් ඒ JVP එවුන්...

    පක්ශව චන්ද unp+TNA 122ක් ලැබුනා...මහින්දල චන්දෙ දීම හෝ විරුද්දවීම නොකර උන්න.

    jvp උන් හොදටම දන්නවා මේක චන්දයක් තියල වැඩක් නැති එකක් කියල..එක්කො මුන්ට පිස්සු නැත්නම් රනිල්ගෙ අතුරු සම්මත ගිනුමට විරුද්ද වෙන්නත් කට්ටියක් උන්න කියල පෙන්නල රනිල්ව තවත් උස්සල තියන්න උන්ට ඕන..

    ජවිපෙ රනිල්ව ශක්තිමත් කරන කල්ලියක් වෙලා වගේ පේන්නෙ

    :yes:JVP wahallunta owa kiyala wadak naha.mokada un wahallu ne.:D
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    1994- UNP කෘර එකදිපති පාලනයට විරුද්ධ වී චන්ද්‍රිකා සමග සන්ධාන ගතවීම වරදකි
    2005-UNP කොටි සංවිධානය සමග ගිවිසුම් ගසා රට බෙදීමට යාමේදී එයට විරුධව මහින්ද ජනපති කිරීම වරදකි
    2007- සුනාමි සහන මණ්ඩලය මගින් කොටින්ට කොටි ගානක් මුදල් දී ඔවුන්ට කිරි පෙවීමට යාමේදී රජයෙන් ඉවත්වීම වරදකි
    2010- නම් මමත් දකින්නේ වැරදි තීරණයකි
    2016- ඒකාධිපති පවුල් පාලනයක් මගින් රට ගෝත්‍රික කරණයට විරුද්ධ වීම වරදකි
    2018-ව්‍යවස්ථා උල්ලංගනය මගින් ඒකමතික ජනපති කුමන්ත්‍රණ අපේක්ෂා බිද දැමීම වරදකි

    ඇත්තටම පක්ෂයක් විදිහට ඉහත සියලු ක්‍රියාමාර්ග වැරදි බව ඔවුන් වටහා ගත යුතුය ...මින් ඉදිරියටවත් තමන්ගේ පක්ෂය ගැන සිතා තීරණ ගැනීම ඔවුන් සතු වගකීමකි ....කිසිදු ධනපති ආණ්ඩුවකට කඩේ යාමෙන් ඔවුන්ටවත් ජනතාවටවත් අත්වන සෙතක් නැත ....ඉදිරියේදී නැවත පෙරටුගාමින් සමග සත්‍ය වමේ ගමනක් ඇරබීමට කාලය උදාවී ඇත

    :rofl::rofl: labana paara dan inna 6 wath parliament yana ekak na :rofl::rofl: