මිරිඟුවක් වී ...
ආදරේ සොඳුරු හැඟුමන්
පුබුදුවා මසිත පිරිමැඳ
ජීවිතේම ගීතවත් කළා ….
වේදනා සුසුම් සුළඟින්
පාරවා මසිත ලසොවින්
ඒ ආදරේම මිරිඟුවක් වුනා ….
සිත පුරා දකින සිහිනෙන්
සිහිනයට ඇවිත් සෙනෙහෙන්
ජීවිතේම හීනයක් වෙලා ….
කඳුළු ලියකමින් හැඩවෙන
කොපුල ලෙන්ගතුයි කඳුලට
අඳුරු සිතක තනිය මැකු නිසා …
ආදරේ සොඳුරු හැඟුමන්
පුබුදුවා මසිත පිරිමැඳ
ජීවිතේම ගීතවත් කළා ….
වේදනා සුසුම් සුළඟින්
පාරවා මසිත ලසොවින්
ඒ ආදරේම මිරිඟුවක් වුනා ….
සිත පුරා දකින සිහිනෙන්
සිහිනයට ඇවිත් සෙනෙහෙන්
ජීවිතේම හීනයක් වෙලා ….
කඳුළු ලියකමින් හැඩවෙන
කොපුල ලෙන්ගතුයි කඳුලට
අඳුරු සිතක තනිය මැකු නිසා …
Last edited:

