මිරිඟුවක් වී ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    මිරිඟුවක් වී ...

    ආදරේ සොඳුරු හැඟුමන්
    පුබුදුවා සිත පිරිමැඳ
    ජීවිතේම ගීතවත් කළා .

    වේදනා සුසුම් සුළඟින්
    පාරවා මසිත ලසොවින්
    ආදරේම මිරිඟුවක් වුනා .

    සිත පුරා දකින සිහිනෙන්
    සිහිනයට ඇවිත් සෙනෙහෙන්
    ජීවිතේම හීනයක් වෙලා .

    කඳුළු ලියකමින් හැඩවෙන
    කොපුල ලෙන්ගතුයි කඳුලට
    අඳුරු සිතක තනිය මැකු නිසා
     
    Last edited: