මිල්ක්ෂේක්_සිහිනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිල්ක්ෂේක්_සිහිනය

මියැදෙමින් සිටි කතකගේ 'මිල්ක්ෂේක්' සිහිනය



_97171928_capasdf3ture.jpg


'මිල්ක්ෂේක් මෙහෙයුමට' සම්බන්ධ වූ සෙසු පුද්ගලයන් ඉන් සතුටක් ලැබීම පොමරන්ස්ගේ සන්තෝෂයට හේතු විය

මරණ මංචකයේ සිටි කාන්තාවකගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සඳහා රටේ අනෙක් කෙළවර වෙත 'මිලක්ෂේක්' පානයක් යැවීමට කටයුතු කළ අවන්හලක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
එමිලි පොමරන්ස් අග්න්‍යාශ පිළිකාවකට ගොදුරු වූ රෝගියෙකි.
සිය උපන් ගමේ පිහිටි අවන්හලක ඇති 'මිලක්ෂේක්' පානයක රස බැලීමට ඇයට ආශාවක් උපන්නේ වොෂින්ටනයේ ගිලන්හලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඇය ඒ පිළිබඳ සිය මිතුරෙකු වූ සෑම් ක්ලෙයින් හට දන්වා ඇති අතර 'මිල්ක්ෂේක්' ඇණවුම වොෂින්ටන් වෙත ගෙන ඒම සඳහා ඔහු, ඔහායෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් හයිට් නගරයේ පිහිටි Tommy's නමැති අවන්හල හා සම්බන්ධ වී ඇත.
පොමරන්ස් මහත්මිය පසුගිය සිකුරාදා මෙලොව හැර ගිය අතර ඊට සිව් දිනකට පෙර තම ප්‍රියතම 'මිල්ක්ෂේක්' රස බැලීමට ඇයට හැකි විය.
වොෂින්ටනයට පැමිණීමට පෙර ක්ලීව්ලන්ඩ් පළාතේම හැදීවැඩී ඇති ක්ලෙයින් මහතා සිය පැරණි මිතුරියගේ සුවදුක් බැලීමට පැමිණීමට මත්තෙන් අවශ්‍ය දෙයක් ඇත්දැයි ඇයගෙන් විමසා තිබේ.

අවසන් කැමැත්ත



"ඇය හිනා වෙන ගමන් කිව්වා, Tommy's එකේ මිලික්ෂේක් එකක් තව එක පාරක් බොන්න තිබ්බනම් කියලා" යනුවෙන් සෑම් ක්ලෙයින් පැවසීය.
ඒ අනුව විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ තමන් අවන්හල හා සම්බන්ධ වූ බව ක්ලෙයින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


"දින කිහිපයකට පසු මට Tommy's අවන්හලේ හිමිකරු ටොමි ෆෙලෝගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා 'ඔව් අපි මේක කරන්න ක්‍රමයක් හොයා ගමු', ඔහු කිව්වා" යනුවෙන් සෑම් ක්ලෙයින් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.


"ඉහවහා ගිය සතුට "

සිය හතළිස් හත් වසරක ව්‍යාපාරික ජීවිතයේ තමන් වෙත මෙවන් ඇණවුමක් ලැබී නොමැති බව ෆෙලෝ මහතා මාධ්‍යට පවසා තිබේ.
'මිලක්ෂේක්' පානය ඝන අයිස් මත බහා ඩොලර් 123 ක මුදලක් ගෙවා කිලෝමීටර 600 දුර පිහිටි ගිලන්හල වෙත යැවීමට තරම් අවන්හල් හිමිකරු ෆෙලෝ කාරුණික විය.


තමන් කැමතිම 'මිල්ක්ෂේක්' පානය තොල ගෑ පනස් හැවිරිදි පොමරන්ස් මහත්මියගේ සතුට ඉහවහා ගිය බව ක්ලෙයින් සිහිපත් කරයි.
"ඇය තවදුරටත් අප සමග නොසිටියත් අන්‍යයන් සතුටට පත් කළ හැකිය යන කාරණයට ඇය ඇල්මක් දක්වන බව මා දන්නවා" යනුවෙන් ක්ලෙයින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
  • Like
Reactions: ruwper

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඇය තවදුරටත් අප සමග නොසිටියත් අන්‍යයන් සතුටට පත් කළ හැකිය යන කාරණයට ඇය ඇල්මක් දක්වන බව මා දන්නවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lankawe kada karayek ta ohoma kiwu wa num Mikshake 1y salli aragena customer marenakun aegili gena gena edi..

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැම රටේම හොඳ සහ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා.ලංකාවේ ඉන්න හැම business කරන කෙනෙක්ම නරක නෑ,අනික අමෙරිකාව‍ෙ ඉන්න හැම business කරන එකෙක්ම හොඳත් නෑ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැම රටේම හොඳ සහ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා.ලංකාවේ ඉන්න හැම business කරන කෙනෙක්ම නරක නෑ,අනික අමෙරිකාව‍ෙ ඉන්න හැම business කරන එකෙක්ම හොඳත් නෑ

    මෙහෙ ඉන්න උන්ට වඩා එහෙ උං කස්ටමර්ස්ල ගැන හිතනව. නීති පවා තියෙන්නෙ කස්ටමර්ට වාසි වෙන්න.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැම රටේම හොඳ සහ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා.ලංකාවේ ඉන්න හැම business කරන කෙනෙක්ම නරක නෑ,අනික අමෙරිකාව‍ෙ ඉන්න හැම business කරන එකෙක්ම හොඳත් නෑ

    ඇමරිකාවේ ඉන්න මිනිස්සු ලංකාවේ අයත් එක්ක සංසන්ධනය කරාම ඒ රටේ බහුතරය හොඳයි. නරක උන්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 90 % වඩා වෙනත් රටවල සම්භවයන් ඇති අය. උදාහරණ ඉරාන , ඉන්දියන් ,
     

    Similar threads