මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ

    කොහොම පටන් ගෙන මොනව
    ලියන්නද නැත මට වැටහෙන්නේ
    මිල්ටන් සමුගෙන ඊයේට වසර 18යි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
    milta1.jpg

    "අපමණ සිතිවිලි බිහි වී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ..."

    සුපෙම් හදවත් නැළවූ බිඳුණු හදවත් සැනසූ ළයාන්විත, ප්‍රේමණීය ජීවමාන ගී හඬ සදහටම ගොළු වී වසර 18 ක්‌ ගතවිය. ඒ ජීවමාන ගී හඬ ගොළු වී ගියද, ඔහු ගැයූ මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැව් දෙමින් පවතී. ඔහු මියගිය පසු උපන් නව පරපුර පවා තමන් කිසිදා දැසින් දැක නැති මේ අසහාය ගායකයානන්ගේ ගීත මහත් රුචියකින් ශ්‍රවණය කර රස විඳිති.

    mil2.jpg
    තම දිවියේ පනස්‌හතර වැනි විය සපිරීමට දින විසිඅටක්‌ ඉතිරිව තිබියදී 1998 මාර්තු 10 වැනිදා දිවියෙන් සමුගත් ආදරණීය ගායක මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාණන්ගේ 18 වැනි ගුණ සමරුව ඊයේ (10 දා) යෙදී තිබිණි.

    ඔහුගේ ජීවමාන රුව හඬ අද අප අතර නැතත් ඔහුගේ ප්‍රේමනීය මෝහනීය ගී හඬ එදා මෙදාතුර පමණක්‌ නොව මතුවටත් ඇසෙනු ඇත.

    1944 අප්‍රේල් 07 වැනිදා කෝට්‌ටේදී ඉපිද කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදැරූ මිල්ටන් මල්ලවාරච්චි පාසල් වියෙහිදී බොහෝ අගහිඟකම් මැද තම ආදරණීය මවත් සමඟ ජීවිත සටන ජය ගැනීමට වෙර දැරූ දිරිය දරුවකු විය. උපසේන මල්ලවාරච්චි සහ ඇග්නස්‌ වික්‍රමාරච්චි යුවළගේ පුතු ලෙස උපන් මිල්ටන්ට බාල වියේදීම පිය සෙනෙහස අහිමි විය.

    සිය දුෂ්කර කටුක බාල විය ගැන සංවේදී කතාව මිල්ටන් පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩසටහනක්‌ වූ "මතක සටහන්" වැඩසටහනට 1991.04.16 වැනිදා මෙසේ පවසා තිබිණි.

    "කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක්‌ විඳලා තියෙනවා. ඒ දවස්‌වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක්‌ තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක්‌ වෙන විට මට මහා දුකක්‌ ඇති වෙනවා."

    එසේ තම බාලවිය සහ මව ගැන නිතර සිහිපත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන් තම මවට අසීමිතව ආදරය කරමින් ඇයට සත්කාර කළ ආදරණීය පුතකු විය. ඔහු ජීවත්ව සිටියදී සිය මියගිය මවට පිං පමුණුවා සෑම මාසයකම සංඝරත්නය විෂයයෙහි දානමය පිංකමක්‌ සිදු කළේය.

    අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු වැලිකඩ සමුපකාරයේ බිල් ලිපිකරුවකු ලෙස සිය ප්‍රථම රැකියාවට පිවිසි මිල්ටන් පසුව නවලෝක ව්‍යාපාරයේ මුදල් අයකැමිවරයෙක්‌ ලෙස ද කටයුතු කළේය. සංගීත ක්‍ෂේත්‍රයට යොමු වූ මුල් අවදියේ ගායකයකු ලෙස හින්දි ගීත ගායනයට වඩාත් යොමු වූ ඔහු ගිටාරය, ඩොල්කිය, තබ්ලාව වයමින් වාදකයකු ලෙස ද දස්‌කම් දැක්‌වීය.

    'ශාක්‍යන්ස්‌' සහ 'ලා සිලනියස්‌' සංගීත කණ්‌ඩායම්වල 1965 සිට ගායකයකු හා වාදකයකු ලෙස කටයුතු කළ මිල්ටන් 1969 වසරේ 'ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ' ගීතය පටිගත කරමින් ගායන ලොවට අවතීර්ණ විය. මේ සමඟ ඔහු 'සංසාර සෙවනැල්ල', 'රන්කූඩුව ඔබ සැදූ', 'මංගලේ නෙත් මංගලේ' යන ස්‌වතන්ත්‍ර ගීත 03 ද ගයමින් ගුවන් විදුලි ගායකයකු ලෙස රරසිකයන් අතරට පැමිණියේය. එම ගීත තුළින් මිල්ටන් මල්ලවාරච්චිට අනන්‍ය වූ ගායන ශෛලියක්‌ බිහි වූ අතර ඉන්පසු ඔහු ගැයූ මියුරු ගීත සියල්ලම සුවහසක්‌ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මනමෝහනීය ප්‍රේමණීය ගීතාවලියක්‌ බවට පත් විය. මිල්ටන් ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වෙද්දී ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ආරියදාස පීරිස්‌ මැදිහත් වීමෙන් හඬ පරීක්‍ෂණයකට යොමුවීමට ඔහුට සිදු වූ අතර ඔහු 1970 වසරේදී A ශ්‍රේණියේ ගායකයකු ලෙස සමත් විය. ගායකයකු ලෙස ජනප්‍රිය මිල්ටන් මල්ලවාරච්චි 1973 දෙසැම්බර් 23 වැනිදා ස්‌වර්ණමාලා මාලතී කුල කුමරිය සමඟින් විවාහ වූ අතර පසුව දරුවන් 4 දෙනකුගේ පිය පදවිය ද ලබන ලදී.

    එකල වික්‌ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූ ගීත රැසක්‌ම මිල්ටන්ගේ හඬින් 1975 වසර දක්‌වා වරින්වර ගුවන් විදුලියේ සරල ගී ලෙසින් බිහිවිය. සීතල ලන පිනි, පා සිනහා ඈ නැලවේවි, ඔබේ නෙත් එපා, සුඛ වේදනා, දුක්‌ වේදනා වැනි එවැනි ගීත රචනා කරන ලද්දේ කරුණාරත්න අබේසේකර විසිනි. යෞවන වයසේ පසු වූ මිල්ටන්ගේ මෙම ගීතාවලිය ගුවන් විදුලි ශ්‍රාවකයාගේ සිත් ඇද බැඳගත්තේය. 1969 දී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ අධක්‍ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයට සිරි කුලරත්න රචනා කළ රන් දේදුණු රන් පාටින් යන තේමා ගීතය සංගීතඥ වික්‌ටර් රත්නායකයන්ගේ මඟපෙන්වීම මත ගායනා කිරීමට මිල්ටන්ට අවස්‌ථාව ලැබිණි. එහිදී රෝහණ වීරසිංහ, ලක්‍ෂ්මන් වීරසිංහ, ආනන්ද වීරසිරි හා ලක්‍ෂ්මන් රුද්‍රිගු යන ශිල්පීන් මුල්වරට පසුබිම් ගායනයෙන් ඔහුට සහය දැක්‌වීය. මේ කාලයේදී ඩබ්ලිව්. ඒ. පී. ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ පූජිතයෝ චිත්‍රපටයට එම්. එස්‌. ප්‍රනාන්දු සමඟ සක්‌වල රත්වන පලිඟු තලාවක යන ගීතය ගැයීමට මිල්ටන්ට අවස්‌ථාව ලැබිණි.

    1974 වසරේදී සිනමා නළු ගාමිණී ෙµdන්සේකා වෙනුවෙන් සැණකෙළිය චිත්‍රපටයේ ගායනා කළ රැයක්‌ උපද්දා (ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්‌) ඉන්ද්‍රdනි පෙරේරා සමඟ ගායනා කළ සමනළ රෑනක්‌ (ගී පද - කරුණාරත්න අබේසේකර) ගීත චිත්‍රපට ගායනය සඳහා මිල්ටන්ගේ හඬ ඉතා උචිත බවට සාධකයත් විය. 1975 වසරේදී සිරිල් මල්ලි චිත්‍රපටයට ගාමිණී ෙµdන්සේකාගේ රංගනය වෙනුවෙන් ගායනා කළ ඒක්‌ කලී මේ හින්දි ගීතය මෙරට ප්‍රථම හින්දි සිනමා ස්‌වතන්ත්‍ර ගීත නිර්මාණය විය. (ගීත රචනය - රවිලාල් විමලධර්ම/ සංගීතය - එම්. රොක්‌සාමි)

    1976 වසරේදී තිරගත වූ ගංගා චිත්‍රපටයේ සිනහව අතරින් කඳුළක්‌ උපන්නා/ 1978 මධුවන්ති චිත්‍රපටයේ පැතුම් නිනව්වේ ආශා සුන්වී/ 1978 අපේක්‍ෂා චිත්‍රපටයේ ඇන්ජලීන් ගුණතිලක සමඟ ගායනා කළ (සඳ තනිවෙලා/ කලක්‌ ඇවෑමෙන්) 1978 අහසින් පොළවට චිත්‍රපටයේ (උපුල් නුවන් විදහා) 1976 දුහුල් මලක්‌ චිත්‍රපටයේ (රෝමය ලෙස) 1981 ආරාධනා චිත්‍රපටයේ මාලනී බුලත්සිංහල සමඟ ගායනා කළ සීත අරනේ 1990 මිහිදුම් සිහින චිත්‍රපටයේ චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ ගායනා කළ ගුම් ගුම් බිඟුන්ගේ යන ගීත හා නිල්ල සොයා චිත්‍රපටයට ගායනා කළ (යෞවන උයනේ/ නිල්ල නඟන/ මියුරු පෙම් මදිරාවේ) යුග ගායනා - ඇන්ජලින් ගුණතිලක හා කෙල්ලේ මා ආදර යන ගීතයක්‌ ඔහුගේ පසුබිම් ගායනයෙන් මං සලකුණු වේ.

    එකල ගාමිණී මිල්ටන් සරත් සුසංයෝගයෙන් බිහි වූ චිත්‍රපට ගී රැල්ලක්‌ රසිකයා වශී කිරීමට සමත් විය. 1978 ආශා දැසින් චිත්‍රපටයේ මුළු මදහාසේ, අනංග රන් හීයෙන්, විකසිත පැතුමන් 1981 චංචල රේඛා චිත්‍රපටයේ මී අඹ අත්තේ, කීන දම් මිටක්‌ යන නීලා වික්‍රමසිංහ සමඟ ගායනා කළ යුග ගීතයන් ද 1986 යළි හමුවෙන්නයි චිත්‍රපටයේ ඔබයි මමයි 1980 මල් කැකුළු චිත්‍රපටයේ ලස්‌සන දැසක්‌ (ශ්‍යාමි ෙµdන්සේකා සමඟ) යන ගීත රැසක්‌ම ශ්‍රාවක උන්මාදයට හේතු වූ බව කිව යුතුය. ඈතින් ඈතට චිත්‍රපටයේ කැන්දන් යන්නම් ගීතය සඳහා මිල්ටන් 1984 වසරේ හොඳම ගායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රඟපෑම මෙන්ම ගුවන් ගමන් ද ප්‍රතික්‍ෂේප කළ මිල්ටන් චිත්‍රපට දෙකකට පමණක්‌ රංගනයෙන් දායකත්වය සැපයීය. ඒ සේන සමරසිංහගේ මල් කැකුළු (1980) හා යළි හමුවෙන්නයි (1980) චිත්‍රපටයි. සදාකල් රැඳේවා, සිංහ පැටව්, දොaංකාරය, අයිය නගෝ, මිස්‌ ලංකා, වන රැජින, සෙබළියෝ, සාගර පෙරළිය, ඔට්‌ටුයි බැරුවට යන පාකිස්‌තාන නේපාල හා බංග්ලාදේශ චිත්‍රපට රැසක්‌ සඳහා ද සිංහල ගීත මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කිරීම සුවිශේෂීය. මිල්ටන්ගේ මියුරු ගීතාවලිය 1994 දී තිරගත වූ සඳ මඩල චිත්‍රපටයේ මද්දුම බණ්‌ඩාර පුත්තු (ලතා වල්පොල සමඟ) 1998 මොහොතින් මොහොත චිත්‍රපටයේ ඔබ දෙඩූ ඒ ගීතයේ හා 1999 රූ රූ චිත්‍රපටයේ දමයන්ති ජයසූරිය සමඟ ගැයූ සුදුසේල මුතු මාල ගීතයෙන් අවසන් විය.

    ග්‍රැමෙµdන් යුගයේ අවසන් ගායනය මෙන්ම කැසට්‌ යුගයේ මුල් ගායනය සිදුකිරීමට ලැබීම ද මිල්ටන් මල්ලවාරච්චි ලද භාග්‍යයකි. විජය රාමනායකගේ තරංගා සමාගමෙන් නිකුත් කළ 1978 සඳෙන් එහා ගීතාවලිය අලෙවි වාර්තා පිහිටුවනු ලැබීය. ඉන්පසු සිංග් ලංකා සමාගම සමඟ එකතුව 1990 දශකය දක්‌වා ගායනා කළ ගීතාවලිය සංගීත රසිකයන්ට අතිsශය වටිනා ගීත රාශියක්‌ හඳුන්වා දුන්නේය. මිල්ටන්ගේ හඬ වඩාත්ම උචිත වූයේ ප්‍රේම ගීතය සඳහා වුවද ඉන් බාහිර ගීත රාශියක්‌ ද ඔහුගේ හඬින් ගායනා විය. අඳුරින් පිරි, හිතවතානන්ගේ, තැලුවේ නුඹටයි, වීදි කොනේ, පැණි කුරුල්ලනේ, සැන්දැවේ රන්වලා, පලතුරු විකුණන මලනුවනේ, යාලේ අයාලේ ගියා, පුංචි සිනා කොහේදොa, සමනල ලෝකේ, සඳ රංගා, පුංචි මල්ලියේ, පුංචි කාලේ යන විවිධ තේමා මෙන්ම දරාගන්න බැරි මව්ගුණ ගීතය මරු කතරේ, ඇසළ සඳට යන බෞද්ධ හා මව්ගුණ ගීත ද නව තරු කැන් හා රන් දහබිඳු යන දේශාභිමානී මෙන්ම තම දරුවන් සිවුදෙනා වෙනුවෙන් ගායනා කළ 'රනිල් පුතේ', 'දුවේ හර්ෂණී', 'පිපුණු මල් දෙකක්‌' හා 'තාරක පුතේ' ගීතයන් ද රසික හදවත් අමන්දානන්දයට පත් කළේය.

    මිල්ටන්ට පද රචනා කළ පද රචකයන් සංඛ්‍යාව 40 කට වැඩිය. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්‌, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, ක්‌ලැරන්ස්‌ විෙ-වර්ධන, බණ්‌ඩාර කේ. විෙ-තුංග, සෝමපාල ලීලානන්ද, උපාලි ධනවලවිතාන ඒ අතරින් ප්‍රමුඛය.

    මිල්ටන්ට ගීත නිර්මාණය කළ සංගීතඥයන් ද 30 කට වැඩි සංඛ්‍යාවකි. ක්‌ලැරන්ස්‌ විෙ-වර්ධන, මොහොමඩ් සාලි, රොක්‌සාමි, පැටි්‍රක්‌ දෙනිපිටිය, සරත් දසනායක, ස්‌ටැන්ලි පීරිස්‌, වික්‌ටර් රත්නායක, මෙල්රෝයි ධර්මරත්න, රෝහණ වීරසිංහ ඉන් ප්‍රමුඛය. ගීත 113 ක ඊ. පී./ එල්. පී ග්‍රැමෙµdaන් සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ අතර මෙයින් ස්‌ටැන්ලි පීරිස්‌ නව සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වැඩියේය. ඒ අමා රන් හැඟුම් ගීතයෙනි. මිල්ටන් මල්ලවාරච්චි මුල්ම යුග ගීතය ගායනා කළේ චිත්‍රා සුරවීර සමඟ වන අතර එය බිංදු බිංදු ගීතයයි. ලතා වල්පොල, නීලා වික්‍රමසිංහ, අමිතා වැදිසිංහ, රුක්‌මණී දේවි, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රdණි පෙරේරා, මාලිනී බුලත්සිංහල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රලේඛා පෙරේරා, දමයන්ති ජයසූරිය, දීපිකා ප්‍රියදර්ශනී, සංජීවනී වීරසිංහ වැනි ගායිකාවන් සමඟ ද ඔහු යුග ගීත ගායනා කළේය. ගුවන් විදුලි ශිල්පී කේ. ඩී. කේ. ධර්මවර්ධන ගීත රචකයකු ලෙස ද දොරට වැඩියේ මිල්ටන්ගේ බලවත් ඉල්ලීම පරිදි වන අතර ආදරයේ මිහිර රැඳී එම ගීතයයි. සංගීතඥ රෝහණ වීරසිංහ, ලක්‍ෂ්මන් විෙ-සේකර, ආනන්ද වීරසිරි හා ලක්‍ෂ්මන් රොඩ්රිගු යන කලාකරුවන් ද මුලින්ම දොරට වැඩියේ මිල්ටන් මල්ලවාරච්චි මාතර ආච්චි චිත්‍රපටය සඳහා ගැයූ 'රන් දේදුනු' ගීතය සමඟ වීම ද විශේෂත්වයකි.

    ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුතු වන රනිල් පාසල් කාලයේදී ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු දක්‌නට ලැබීම ඔහු ඉතා සතුටින් බලා සිටියේය. ඔහු මෙන්ම හර්ෂණී, නදීජා දියණියන් දෙදෙනාට ද තාරක බාල පුතුට ද යහපත් අනාගතයක්‌ හිමිවනු දැකීම ඔහුගේ නිබඳ ආශාව විය. මේ වන විට පියාගේ අඩි පාරේ යමින් පෙරට යන රනිල් පුතු පිය උරුමය ගීත මංකොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂා කිරීමේ සටනේ ප්‍රමුඛයා වී සිටියි. මිල්ටන් මල්ලවාරච්චිගේ තුන්වැනි පරම්පරාව ලෙස තවමත් හිරිමල්වියේ පසුවන පවන් මල්ලවාරච්චි (රනිල්ගේ පුතු) සංගීතයෙන් පෙරට එමින් සිටී. මිල්ටන් මල්ලවාරච්චිගේ බිරිඳ දියණියන් දෙදෙනා හා බාල පුතු ද මේ වන විට පදිංචිව සිsටින්නේ ඔස්‌ටේ්‍රලියාවේය. දශක තුනක පමණ කාලයක්‌ සිය මධුර ගී හඬින් රසිකයන් සනසාලූ ආදරණීය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාණනි.... අප සිත් සුවපත් කළ පින් මහිමයෙන් ඔබ නිවනේ සැනසේවා... යෑයි අපි පතන්නෙමු...·

    (තොරතුරු ලබා දී සහාය වූ මිල්ටන් මල්ලවාරච්චි අනුස්‌මරණ පදනමේ නන්ද දයානාථ විතානගේ මහතාට විශේෂ ස්‌තුතිය)

    සිරිමෙවන් කස්‌තුරිආරච්චි

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    යුග යුග බැදි සැබෑ තරුවක්.
    මම නිතරම මෙතුමාගේ ගිත රස විදිනවා.
    ශෙයා කලාට ස්තූතී.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මිල්ටන්ගේ ගීත එළකිරියේ වැඩි දෙනෙක් අසා නැති වගයි පෙනී යන්නේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිල්ටන්ගේ ගීත එළකිරියේ වැඩි දෙනෙක් අසා නැති වගයි පෙනී යන්නේ

    ඕවා දැන් කාලේ කොල්ලෝ අහන්නේ නැහැ.බූට් කාපු උන් ඕවා ඇහුවහම උන්ට වහ බොන්න හිතෙනවා.දැන් කොල්ලෝ අහන්නේ මෙන්න මේවා..

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මිල්ටන්ගේ ගීත එළකිරියේ වැඩි දෙනෙක් අසා නැති වගයි පෙනී යන්නේ

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවකගේ කථාවක්)
    මා සිත් ගත් අග්‍රගණ්‍යයේ පුද්ගලයෙකුගේ ජිවිතයේ එක් පැතිකඩක් සම්බන්දයෙන් මා සෙවූ සහ ඇසු තොරතුරු සමගින් සකස් කල ලිපියකි.

    සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

    ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත

    පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

    එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

    දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

    දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

    “ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
    පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

    එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

    එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

    දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..
    මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..

    “මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
    සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

    මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

    “ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
    මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
    රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”

    තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

    මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

    මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

    එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

    “ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
    වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

    දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

    “ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
    ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....

    එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..

    කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...

    මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

    “අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
    ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
    දැන දැන මා නම් වැරදිකරේ නැත ...
    ඔබ ගැන මට පුදුමයි .....
    වෙනසක තතු නොහැගෙයි....

    එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

    “අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
    එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

    පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

    අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..

    මරු කතරේ මිනිස්‌ පුරේ
    කොතැනක වේවා
    මෙතේ බුදුන් පාමුල ඔබ
    නෙළුමක්‌ වේවා.....

    Source http://chami4u.blogspot.com/2012/07/blog-post.html
     
    මේ කතාවේ යම් සත්‍යයක් තිබුණට මා දන්නා පරිදි මිල්ටන් ලංකාවෙන් පිටට ගිහින් නැ. ගුවන්යානා වල යාමට ඇති බිය ඊට හේතුවයි
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේ කතාවේ යම් සත්‍යයක් තිබුණට මා දන්නා පරිදි මිල්ටන් ලංකාවෙන් පිටට ගිහින් නැ. ගුවන්යානා වල යාමට ඇති බිය ඊට හේතුවයි
    :yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කොහොම පටන් ගෙන මොනව
    ලියන්නද නැත මට වැටහෙන්නේ
    මිල්ටන් සමුගෙන ඊයේට වසර 18යි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
    milta1.jpg

    මචන් මේ නූලේ තියෙනව ඔය වගේ ගීත රාශියක් ගැන විස්තර. මේ ලිපියත් ඊට එකතු කරන්න.

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    මේ ලිපිය මන් හොයපු තරමක්...
    එක පාරක් කියෙව්වා

    පිස්සු හැදෙනවා බන් මුගේ ලව් ස්ටොරිය

    පුතා ඉන්නේ අපේ ගෙවල් පැත්තේ..
    පොරය් පොරගේ පුතාය් කරනවා ශෝව්ස් මෙහෙ..
    ඒවටත් සැහෙන්න සෙනග