මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි
ආසියාවේ දිගම දල හිමි ඇතා ලෙස සැලකෙන මිල්ලන්ලොඩ රාජා අද පෙරවරුවේ මිය ගොස් තිබේ.
මෑත කාලිනව දැඩි සේ රෝගාතුරුව සිටි රාජා ඇතා ,මහනුවර ඇසළ මහා පෙරහැර ඇතුළු උඩරට පෙරහැර රාශියක වසර 60 ට ආසන්න කාලයක් කරඬුව ගෙනයාමට දායක වූවෙකි.
1945 වසරේදී ආණමඩුල,මීඇල්ලෑව-නවගත්තේගම ප්‍රදේශයෙන් හමුවූ බව කියන රාජාගේ වර්ධනයත් සමග දලෙහි මතුපිට දිග අඩි 8 ක් පමණ වූ බවත්,එය ආසියාතික ඇතෙකුගේ දිගම දල යුගල ලෙස වාර්තා වූ බවත් සඳහන් ය.
මිල්ලන්ගොඩ රාජා හස්තියාගේ හිමිකරු වන ආනන්ද මිල්ලන්ගොඩ මහතා කියා සිටියේ හස්තියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3 ට සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා කියා සිටියේ අදාළ හස්තියා වයස අවුරුදු 75 කට පමණ ආසන්න වයසේ පසුවන්න ඇති බවට සැකකරන බවයි.
එම සත්ත්වයා වයසට යාම හේතුවෙන්ම මතු වූ රෝගී තත්ත්වයන් නිසා මියගොස් ඇති බව දංගොල්ල මහතා සඳහන් කළා.
Source : http://www.gossip9.com/2011/08/blog-post_1197.html
අපි මිල්ලන්ගොඩ ඇතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු