මිලියන ගණනක් DELL පරිගණක අනතුරේ!

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මිලියන ගණනක් DELL පරිගණක අනතුරේ!

    Bill Demirkapi නම් වූ 17 හැවිරිදි ස්වාධීන පරිගණක ආරක්ෂක උපදේශකයෙකු විසින් Dell පරිගණක remote ආකාරයෙන් hack කළ හැකි දුර්වලතාවක් සොයාගනු ලැබුවා. මෙම දුර්වලතාව පවතින්නේ Dell SupportAssist නම් මෘදුකාංගය තුළයි.

    Dell System Detect නමින් Dell SupportAssist මෘදුකාංගය Dell පරිගණක නිෂ්පාදනයේදීම එයට එකතු කරන මෘදුකාංගයක් වන අතර ඒ හරහා Dell පරිගණක වල සිදුවන දෝෂ වෙනුවන් අදාළ තාක්ෂණික දැනුම ලබාදීමට Dell සමාගම ක්‍රියාකරනවා.

    මෙම දුර්වලතාව හරහා පරිගණකයේ පාලනය සම්පූර්ණයෙන්ම හැකර්වරුන්ට ලබාගත හැකි වන අතර Dell SupportAssist මෘදුකාංගය ක්‍රියාත්මක වන 8884, 8883, 8886, හෝ 8885 යන Port හරහා පරිගණකයේ යම් යම් දත්ත පරිශීලනය කළ හැකි බව Bill Demirkapi පෙන්වා දෙනවා.


    මෙම දුර්වලතාව ලෝකයේ එවැනි දුර්වලතාවන් ශ්‍රේණිගත කිරිමේ ක්‍රමවේදය අනුව CVE-2019-3719 ලෙසින් නම් කර ඇති අතර මේ දුර්වලතාව Dell SupportAssist Client versions හි 3.2.0.90 දක්වා වන සෑම සංස්කරණයකම පවතිනවා.

    ඒ අනුව මේ වන විට ලෝකයේ භාවිතා වන මිලියන ගණනක් වු Dell පරිගණක අනතුරුදායක තත්වයකයි පවතින බව වාර්ථා වෙනවා.

    මේ අනතුරුදායක තත්ත්වයෙන් ගැලවීම සඳහා හැකි ඉක්මණින් මේ Dell SupportAssist මෘදුකාංගයේ 3.2.0.90 හෝ ඊට පසු සංස්කරණයක් වෙත update කරගැනීම හෝ මේ මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කළ යුතු බව Dell සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.
    © 2019 Technews.lk
     
    • Like
    Reactions: Ithika mithika

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    avatar567991_1.gif
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    dell monitor ekak ganna hitiye. dan ganne ne.


    ඔව් ඔව් මගෙ ගාව පරන ඩෙල් කිබොඩ් එකකුයි මෞස් එකකුයි තියෙනවා,
    මත් ඒක තරහ කාරයෙක් බලල දීල දානවා
    :rofl: