මිලියන 300ක් ඉල්ලා උසාවි යනවාලු
මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල වැනසීමට විරුද්ධ වුණාට මිලියන 300ක් ඉල්ලා උසාවි යනවාලු
තිබර්ටන් කුඩා ජල විදුලි බලාගාරය ඉදිකිරීම නිසාවෙන් සිදුවන දැඩි පරිසර විනාශය හමුවේ මුනිවත නොරැක ලක්ෂපාන දිය ඇල්ල හා මස්කෙළි ඔය රැකගැනීම වෙනුවෙන් මැදිහත් වන්නැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පරිසර අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
කැලණි ගඟේ අතු ගංගාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් සප්තකන්‍යා නැමැති පුද්ගලික සමාගමක් විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලි බලාගාරය නිසාවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර ලක්ෂපාන දිය ඇල්ල විනාශ වීමට මෙම විදුලි බලාගාරය හේතු වී ඇති බව පසුගිය කාලය තුළ පෙන්වාදී ඇතැයි එම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
එම පරිසරය ආරක්ෂා කිරීමට මැදිහත්වීම වරදක් කොට සලකා අදාළ පුද්ගලික සමාගම රුපියල් මිලියන 300ක් වන්දි ඉල්ලා නඩු දමන බවට අප වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද හෙතෙම පවසයි.
එම ලිපියට අනුව ලක්ෂපාන දිය ඇල්ල හා මස්කෙළි ඔය විනාශ වන පරිද්දෙන් දැනට සිදුකරන ඉදිකිරීම් සඳහා පරිසර අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
නමුත් එලෙස අවසරයක් ලබා දී තිබේ නම් එය ද පරිසර නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස පෙන්වාදිය හැකි ය.
ඒ අනූව මෙම කාරණය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ නිහඬතාවය ද ගැටලූකාරී තත්ත්වයක් මතුකරන බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
මේ වාතාවරණය යටතේ ලක්ෂපාන දිය ඇල්ල හා මස්කෙළි ඔය විනාශ කරමින් සිදුකරන පරිසර විනාශයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් www.change.org - Laxapana waterfall අන්තර්ජාලයේ පෙත්සමට අත්සන් තැබීමට එක්වන්නැයිද හෙතෙම පරිසරයට හිතැති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
(අදදෙරන වෙබ් අඩවිය)