මිලියන 65ක් මරණයට

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මිලියන 65ක් මරණයට

    සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා.

    චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවයි.

    “මෙම වෛරසය මිට පෙර වාර්තාවූ “සාර්ස් වෛරසයට” වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇති බවයි” වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ.

    “මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි” ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සකස් කර ඇති පරිගණක උපක්ල්පිතය අනුව නව කොරෝනා වෛරසයට මාස 18ක් තුලදී ලොවපුරා පැතිරී යාමෙන් පුද්ගලයින් මිලියන 65ක් මරණයට පත් කිරීමේ හැකියාව ඇති බව අනුමාන කර ඇත. මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා.

    චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

    මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    okun thama hadala tiyenne aye dekak ne

    මටත් හිතාගන්න බෑ මේක..අැයි මේක චීනෙටම උනේ.. වියට්නාමයේ, පිලිපීනයේ, ඉන්දුනීසියාවේ අයත් වවුල්ලු කනවා.වෙන වෙන සත්තු කනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මේ ගීතය දාලා විතරක් මදි. චීන්නුන්ව අපේ රටට වද්ද ගන්න එක වහාම නවත්තන්න ඕනේ. අපි කැමති උනත් අකමැති උනත් ඕක කරන්නම වෙනවා. හොස්ට් එක නැති කිරීමෙන් විතරයි රට රැකෙන්නෙ. වෙන විසඳුමක් නෑ. බෙහෙතක් හොයානොගත්තොත් බඩුම තමා.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    මේ ගීතය දාලා විතරක් මදි. චීන්නුන්ව අපේ රටට වද්ද ගන්න එක වහාම නවත්තන්න ඕනේ. අපි කැමති උනත් අකමැති උනත් ඕක කරන්නම වෙනවා. හොස්ට් එක නැති කිරීමෙන් විතරයි රට රැකෙන්නෙ. වෙන විසඳුමක් නෑ. බෙහෙතක් හොයානොගත්තොත් බඩුම තමා.

    estimated time for a vaccine is 6 months
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    estimated time for a vaccine is 6 months
    අපේ රටේ අඩු පහසුකම් එක්ක පැතිරීයාමේ වේගය නවත්තන්න බෑ. ඒ නිසා අපේ රටට පොඩි කාලයක් උනත් ඇති.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ ගීතය දාලා විතරක් මදි. චීන්නුන්ව අපේ රටට වද්ද ගන්න එක වහාම නවත්තන්න ඕනේ. අපි කැමති උනත් අකමැති උනත් ඕක කරන්නම වෙනවා. හොස්ට් එක නැති කිරීමෙන් විතරයි රට රැකෙන්නෙ. වෙන විසඳුමක් නෑ. බෙහෙතක් හොයානොගත්තොත් බඩුම තමා.

    උඹ මහ ගොන් කථානෙ කියන්නෙ..:rolleyes:
     
    Last edited:

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මේ ගීතය දාලා විතරක් මදි. චීන්නුන්ව අපේ රටට වද්ද ගන්න එක වහාම නවත්තන්න ඕනේ. අපි කැමති උනත් අකමැති උනත් ඕක කරන්නම වෙනවා. හොස්ට් එක නැති කිරීමෙන් විතරයි රට රැකෙන්නෙ. වෙන විසඳුමක් නෑ. බෙහෙතක් හොයානොගත්තොත් බඩුම තමා.

    pala ban yanda. Sunai enakota, Sunami Hora kana kota - OYA LABBE HIMI KOHEDA HITIYE BAN