මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සහ වැඩසටහන සම්බන්ධ මේ දිනවල විශාල කථාබහක් ඇතිව තිබේ. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ගැන විපක්ෂයේ අදහස් දක්වා ඇති අය පවසන්නේ එය වෙස්වළාගත් ඇමරිකන් යටත්විජිතකරණයක් විය හැකි බවයි.
    ඇමරිකාවේ සංවිධානයකින් ආපසු නොගෙවියයුතු ආධාරයක් ලෙස
    විශාල මුදලක් ලබාගතහැකිවීමත් එයින් කොළඹ නගරයේ වාහන තදබදය නැති කිරීමට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති සකස් කරදීම ඇතුළු සංවර්ධන අංග රැසක් ක්‍රියාත්මක කළහැකිවීමත් දන්වමින් මෙම ආධාර මුදල ලබාගැනීමට හැකිවීම ගැන මංගල සමරවීර ඇමතිවරයා උදම් ඇනුවේය.
    කෙසේ වෙතත් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ ආණ්ඩුව වෙනස්වූ දින 52 ආසන්නයේ එම ගිවිසුම්ගතවීම යෙදී තිබී දේශපාලන අස්තාවරය නිසා එය කල්ගිය අතර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පසුගිය සතියේ අනුමත විය. මේ අතර ඊයේ ජනපති මෛත්‍රී නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ

    ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි.

    මේ අතර මුදල් අමාත්‍යංශය අද දන්වා ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ එය බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත්ය.
    නීතිපතිවරයාගේ මග පෙන්වීම ඇතිව MCC ගිවිසුම කෙටුපත් කරන ලද බවද දන්වා ඇත.
    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Mcc) යනු එක්සත් ජනපද කොංග්‍රසය විසින් 2004දී පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ඒජන්සියකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කිරීම දක්වා යහපාලනය සඳහා දැඩි ප්‍රමිතියක් සපුරාලන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන් කාල සීමිත ප්‍රදානයන් සහ ආධාර සපයනු ලබයි.ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි Mcc විසින් රජය සමග එක්ව ආර්ථික වර්ධනයට බාධා ඇති කරන ඉඩම් හා ප්‍රවාහන අංශ කෙරෙහි 2016දී විශේෂණයන් කළ බවත්, ඒවාය‍ෙහි නිගමනයන් අනුව කොළඹ අගනගරයේ රථවාහන තදබදය, පළාත් අතර ප්‍රවාහන සම්බන්ධතාව දුර්වල වීම සහ ඉඩම් පරිපාලනයේ දුර්වලතාව ආර්ථික වර්ධනයට බාධවන් ලෙස හඳුනාගත් බවත් එම අමාත්‍යාංශය පවසා සිටියි.

    ඒ අනුව ඉහත ව්‍යාපෘති සඳහා මුදල් පියවීම වෙනුවෙන් ඇ..ඩො. මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට Mcc එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
    මීට මාස 6 කට පමණ පෙර මෙම ගිවිසුම ගැන විරෝධය පළකරමින් විමල්වීරවංශ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී කියා සිටියේ ලංකාව මැදින් හරහට ඇමරිකාව වෙනම කලාපයක් ඉල්ලා ඇති බවත් ආයෝජන අවස්ථා ලබාදෙන බව කියමින් විදේශ සමාගම් වලට සින්නක්කරව ලංකාවේ ඉඩම් මිලටගැනීමට අවස්ථාව එයින් ලබාදෙනු ඇති බවත්ය.
    මෙම මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතියට අදාළ වාර්තා සකසන කණ්ඩායම අරලියගහ මැදුරේ නවාතැන්ගේන ඒ තුළවූ කාර්යාලයක සිට වැඩ කළ නිසා එය රනිල්ගේ රට පාවාදීමේ ව්‍යාපෘතියක් ලෙසද විමල් චෝදනා කළේය.
    ලංකාව මැදින් ඇමරිකන් කොරිඩෝවක් මෙමගින් සකසන බවට විමල් ඇතුළු මාධ්‍ය ජාලය ප්‍රචාරයක් දියත් කර තිබුණද එවැනි දෙයක් මෙම ගිවිසුමෙන් සිදුවන්නේද යන්න කරුණු හෙළිදරව්වක් තවම සිදු කර නැත
    මිලේනියම් කෝපරේෂන් යනු ඇමරිකානු ආණ්ඩුවේ ව්‍යාපෘතියක්ද නොවේ. එය ස්වාධීන ආධාර වැඩසටහනකී. ණය මුදලක්ද නොවන ආධාර මුදලක් බැවින් එම මුදල නැවත ගෙවීමක් හෝ පොලී ගෙවීමක් ද අවශ්‍ය වන්නේ නැත.

    මෙමගින් ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ මහගු අවස්ථාවක් විදේශ මුදල් ලෙස ලැබී තිබෙන අතර දේශපාලන කඹ ඇදිලි නිසා එය ලබාගැනීම පමාවෙමින් පවතී.

    කෙසේ වෙතත් පසුගිය 26 වෙනිදා කොළඹ මැන්ඩරිනා

    හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදුජන පෙරමුණෙහි සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන බවකි.


    කෙසේ වෙතත් ජනපතිවරණයට පසුව තෙක් මෙම ගිවිසුම අත්සන් තැබීම පමාකරන ලෙසත් මේවා ගැන වැඩිය හොයා බලන්නේ නැතිව කිසිවක් නොකළ යුතු බවටත් මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර කියා සිටියේය.
    පසුගිය සතියේ කැබිනට් අනුමැතිය දෙන අවස්තාවේ විරුද්ධ නොවූ ජනපති මෛත්‍රීද නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    americawe citizenship thiyana kenekuta puluwan okata wiruddawa americawe naduwak danna :)
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇමරිකාව ලංකාවට ඩොලර් මිලියන 480ක් දෙනවා නිකන්.උන්ට පිස්සුද? ඈ යකෝ අපිට දීපන්කො නිකන්.අපි ඇමරිකාවේ ප්‍රශ්නේ විසදලා දෙන්නම්.:dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක ආධාරයක් කියලනේ කියන්නේ . එතකොට ගිවිසුමකින් අයින් වෙන්න මොනවද තියන කොන්දේසි? ඇමරිකාවට ඕනි වෙලාවක ගිවිසුමෙන් අයින් වෙන්න පුළුවන්. හැබයි ලංකාවට ? එක තමයි ෆකේ ආධාරේ කියල ඔප්පු වෙන්නේ....ලංකාව විසින් සියල්ල ආපසු ගෙවිය යුතුයි.

    :angry::angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අාසියාවෙ රටවල් දියුණු උනේ සුද්දට පුක දීල නෙමෙයි.ඒ වගේම උන්ව තරහ කරගෙනත් නෙමෙයි.ඕක තේරුම් ගත්තනම් අැති.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    කව්රුත් මී කඩන්නෙ අත ලෙවකන්න නොවන බව මතක තියා ගත්තොත් හොදයි...විශේෂයෙන් බටහිර රටවල්...ලිබියාවට උන දේ දැක්කනේ උන්ගෙ තෙල් ලිං ඔක්කොම දැන් පාලනය කරන්නෙ ඇමරිකාව...උන්ගෙ ස්වදේශීය පාලකයො අපේ හිටං වගේ අරුන්ගෙ රූකඩ...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කව්රුත් මී කඩන්නෙ අත ලෙවකන්න නොවන බව මතක තියා ගත්තොත් හොදයි...විශේෂයෙන් බටහිර රටවල්...ලිබියාවට උන දේ දැක්කනේ උන්ගෙ තෙල් ලිං ඔක්කොම දැන් පාලනය කරන්නෙ ඇමරිකාව...උන්ගෙ ස්වදේශීය පාලකයො අපේ හිටං වගේ අරුන්ගෙ රූකඩ...


    :yes::yes::yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :yes::yes::yes:
    කව්රුත් මී කඩන්නෙ අත ලෙවකන්න නොවන බව මතක තියා ගත්තොත් හොදයි...විශේෂයෙන් බටහිර රටවල්...ලිබියාවට උන දේ දැක්කනේ උන්ගෙ තෙල් ලිං ඔක්කොම දැන් පාලනය කරන්නෙ ඇමරිකාව...උන්ගෙ ස්වදේශීය පාලකයො අපේ හිටං වගේ අරුන්ගෙ රූකඩ...
    :yes::yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bomba weleth Dollar million 450 k awai kiyala bombe wasi kiwwa set ekak ne okath wasi kiyanne. ekenma hithaganna puluwan. Dan anuraya wage ekek kiyanna one oya area eke tiyena kalugal walata mokada wenne kiyala:D:D:yes:;););):D:D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඕක ආධාරයක් කියලනේ කියන්නේ . එතකොට ගිවිසුමකින් අයින් වෙන්න මොනවද තියන කොන්දේසි? ඇමරිකාවට ඕනි වෙලාවක ගිවිසුමෙන් අයින් වෙන්න පුළුවන්. හැබයි ලංකාවට ? එක තමයි ෆකේ ආධාරේ කියල ඔප්පු වෙන්නේ....ලංකාව විසින් සියල්ල ආපසු ගෙවිය යුතුයි.

    :angry::angry::angry:


    :yes::yes::yes:
    පිටරටින් දෙන හැම ආධාරවලම මොකක් හරි යටි අරමුණක් තියෙනවා බොහෝ වෙලාවට . අන්න ඉස්සරනම් කෙලින්ම ආධාර හම්බ උනා හරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වගේ .
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති

    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබාගැනීමට බවත්, මෙය ලංකාවට එම ප්‍රදානය ලැබීමට යන ප්‍රථම වතාව නොවන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේදීද කෘෂි වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා (ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට) මෙය ඉවහල් වූ බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ.විජේවර්ධන පැවසීය.

    කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත්වීම නිසා මෙම ප්‍රදානය සම්බන්ධව දුර්මත ඇති වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    තමා මෙම ගිවිසුමට ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සැකසීම හරහා සම්බන්ධ වූ බවත් මේ හරහා කළ යුත්තේ කුමක්ද? කා සඳහාද? ආදී ලෙස කිසිදු කොන්දේසියකට තමන් හට මුහුණ පෑමට සිදු නොවූ බවත් 'සහසර' නම් ව්‍යාපෘතිය හරහා මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇ.ඩො. 330 ක පමණ මුදලක් ලැබී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා ක්‍රම සම්පාදන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය.

    MCC ප්‍රදානය දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ඇමරිකාව පිහිටවූ ආයතනයක් හරහා ලැබෙන අතර එය ශ්‍රී ලංකාව විසින් අයදුම්කර ඉන් තේරී පත්වීම නිසා ලැබුණු ප්‍රදානයක් වන අතර ඒ හරහා අප ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පවා අපේ රටේ විශේෂඥයින් විසින් සකස්කළ ඒවා නිසා එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන බව මහාචාර්ය සිරිමල් අබේවර්ධන පැවසීය.

    MCC ගිවිසුමට සම්බන්ධ ලිපි ලේඛන තමා ඉතා ගැඹුරින් හැදෑරූ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එයින් කිසිදු හානියක් නොවන බවට තමාට සහතික විය හැකි බවත් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක එවැනි ප්‍රදානයක් ඉවත නොදමා එය රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතු බව ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කළේය.

    (රාවය-වින්ද්‍යා ගමගේ)


    mcc.jpg


    Finance Ministry releases draft MCC agreement to the public

    http://www.colombopage.com/archive_19B/Nov01_1572620585CH.php

    http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf

    https://www.mcc.gov/where-we-work/country/sri-lanka
    https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/

    Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed.

    https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view

    MCC agreement to be presented in P’ment


    Friday, 1 November 2019 00:10

    • Finance Ministry says process done with AG oversight
    • Projects identified by local officials and line ministries
    • MCC projects to be gazetted and enacted by P’ment

    The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department.

    In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.”

    The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid.

    It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added.

    On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth.

    The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects.

    Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department.

    “The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said.

    A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019.

    http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807