මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්

    නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක්‌ පුංචි දෙගිඩියාවක්‌ තිබිණි. ඒ යළිත් වරක්‌ මේ රටත් ජනතාවත් ප්‍රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක්‌ සිදුවේදොaයි යන්නය.

    ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීමේදී අපේ රණවිරුවන් ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පමණක්‌ නොව ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේදී කළ කැප කිරීම් යුද බිමේ ඇවිද යමින් දැසින් දුටු මේ ලියුම්කරුටද එකී ජනතා සිතුවිල්ල පොදු විය. එසේ වූයේ මේ අපේ රටය.. මේ අපි උපන් බිමය.. බුදු පා පහස ලද මේ බිම අපේය යන සිතුවිල්ල "දිවයින" අපගේ සිත් තුළ සදාකල් නිධන්ගතව තිබූ නිසාමය.

    එවන් අවිනිශ්චිත බවක්‌ ජනතා සිත් තුළ ඇති වීමට හේතු කාරණා වූ අතීත අඳුරු මතකයන් ගණනාවක්‌ද අපට තිබිණ. මිලේනියම් සිටි මහා පාවා දීම යනු ඉන් එකකි.

    එහෙත් නව රජය බලයට පැමිණීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව ඉදිරියට පැමිණ කිසි විටෙකත් කිසිදු අයුරකින් රණවිරුවනට අවැඩක්‌ වීමට ඉඩ නොතබන්නෙමුයි සපථ කිරීමත් සමඟ අපට තිබූ එකී අවිනිශ්චිත බව තුරන් වී ගියේ සිතට සැනසුමක්‌ද ළඟා කර දෙමිනි.

    එහෙත් ජනපතිවරයා සහ අගමැතිවරයා එසේ රට ඉදිරියේ සපථ වුවද අද දවසේa කුමක්‌ සිදුවෙමින් තිබෙන්නේද? අපි වගකීමෙන් කියමු. මේ මොහොතේ ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් නොදැනුවත්වම යළිත් "මිලේනියම් සිටි" මහා පාවා දීමේ අංක දෙක ඇරඹී තිබෙන්නේය. අපි මෙතැන් සිටි එකී කුමන්ත්‍රණයේ සියල්ල හෙළි කරන්නෙමු. මන්ද මේ රට සතුරාගෙන් බේරාගත් රණවිරුවාට අප සදාකල් ණයගැති වන නිසාය.

    අතීත මිලේනියම් සිටි අංක එක මහා පාවා දීම සිදු කරනු ලැබුවේ පොලිස්‌ නිල සුනඛ ඒකකයේ ප්‍රධානියාව සිටි කුලසිරි උඩුගම්පොළ නම් වූ තුට්‌ටු දෙකේ පොලිස්‌කාරයා බව අද රටම දන්නා කතාවකි. එහෙත් අද දවසේ එකී මහා පාවා දීමේ "අංක දෙක" අරඹා ඇත්තේ කවරෙක්‌ද? ඔහුද පොලිස්‌කාරයෙකි.

    කාලයක සිට සීඅයිඩීයේ තරු පටි ඇති නිලධාරියකු ලෙස වැජඹෙමින් සිටින හේ මෙකී අපරාධය අද සිදු කරන්නට යන්නේ ඉකුත් සටන් විරාම සමයේ නෝර්වේ විශේෂ නියෝජිතයා ලෙස මෙරට හොල්මන් කළ එරික්‌ සොල්හයිම් ඇතුළු දෙමළ බෙදුම්වාදයේ වුවමනාව අනුව බව මේ මොහොතේ පැහැදිලිවම අනාවරණය වෙමින් තිබේ.

    සියල්ල සිදු වෙමින් තිබෙනුයේ මෙලෙසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස්‌ නිලධාරින් කිහිප දෙනකු ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ කණ්‌ඩායමක්‌ ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ කොළඹ සිටි ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි ලෙසින් සීඅයිඩීයේ ඉහත කී පොලිස්‌කාරයා කළ හෙළිදරව්වක්‌ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

    එහිදී අදාළ ඝාතන පිළිබඳ වටිනා සාක්‍ෂි රැසක්‌ පිළිබඳ තොරතුරු සීඅයිඩීය අනාවරණය කරගෙන තිබෙන බවද එකී මාධ්‍ය වාර්තා හෙළි කරනු ලැබීය. එහෙයින් වහාම එකී නාවික නිලධාරින් අත්අඩංගුවට ගෙන ඝාතකයන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන සිදු කර සියල්ලන් නීතිය හමුවම පමුණු වන බවක්‌ද කියෑවුණේය.

    මේ අතරේ ඉකුත් සතියේ තවත් අපූරු කතාවක්‌ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා රට ඉදිරියට රැගෙන ආවේය. එම කතාවේදී හේ කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් රඳවාගෙන සිටි රහසිගත කඳවුරක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බැවින් ඒ පිළිබඳ වහා පරීක්‍ෂණයක්‌ ඇරඹිය යුතු බවකි.

    නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කණ්‌ඩායමක්‌ කොළඹ දෙමළ තරුණයන් ඝාතනය කර ඇතැයි යන කතාව මෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ පුදුම සහගත ඉහත හෙළිදරව් යන දෙකම සිදු වූයේ එකම අවස්‌ථාවක එකම කතාවක කොටස්‌ දෙකක්‌ ලෙසින්ය.

    ඒ අනුව දැන් සීඅයිඩීය අදාළ විමර්ශනයද අරඹා අවසන්ව ඇත. ඉදිරි දිනවලදී යුද්ධය අවස්‌ථාවේ රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළා වූ නාවික හමුදා උසස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකු රහස්‌ පොලිසිය මගින් ඝාතකයන් ලෙස අත්අඩංගුවට ගැනීමද බොහෝ දුරට සිදු විය හැකිය.

    නමුත් අද දවසේ සීඅයිඩීය කියනු ලබන මීට වසර හයකට පෙර සිදුවී ඇති මෙකී දෙමළ තරුණයන් මරා දමුවේ යෑයි කියනු ලබන කතාවේත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියනු ලබන ත්‍රිකුණාමලය දෙමළ ජාතිකයන් රඳවා ගනු ලැබූ කඳවුරේත් සැබෑ කතාව වන්නේ කුමක්‌ද? එය දිග හැරෙන්නේ මෙසේය.

    ගෙවී ගිය 2009 වසර යනු මේ රටේ පැවති ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සහමුලින් වනසා දමා රණවිරුවන් විසින් රට විජයග්‍රහණය කළා වූ වසර. එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විය. යුද්ධයේ අවසන් කාලය වුවද ඒ දිනවල රට පුරා පැවතියේ එල්ටීටීඊයේ ප්‍රහාරයක්‌ කොයි මොහොතේ කොතැනනින් මතුවනු ඇතිදැයි යනුවෙන් වූ අවිනිශ්චිත බවකි. ඒ අනුව යුද්ධය පැවතියේ උතුරේ වුවද ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි.

    මේ අතරේ මෙකී කාලවකවානුවේ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සමීපතම නිලධාරියා ලෙස එක්‌තරා නාවික හමුදා නිලධාරියකු සිටියේය. හේ නමින් සම්පත් නම් විය. නාවික හමුදාපතිවරයාගේ සමීපතම නිලධාරියා මෙන්ම හේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙසද ක්‍රියාත්මක වූවෙකි. මෙසේ බුද්ධි නිලධාරියකු ලෙස ක්‍රියාත්මක වීම හමුවේ මෙකී සම්පත් නමැත්තා ගොඩ නඟා ගනු ලැබූ සබඳතා ජාලයක්‌ද විය.

    කොළඹ කොටහේන ප්‍රදේශයේ සිටි හාඡ්ජියාර් අලි එකී කාලයේ මේ අන්දමින් නේවි සම්පත්ට සමීප වී සිටි පුද්ගලයෙකි. මෙකී හාඡ්ජියාර් අලිට එකල එල්ටීටීඊයේ බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි කපිල් අම්මාන් සමඟද සබඳතා තිබූ වග ඒ දිනවල මෙරට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණේය. නමුත් අද්මිරාල් කරන්නාගොඩගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත්ගේ දැනහැඳුනම් කම නිසා එහිදී හාඡ්ජියාර් අලිට ආරක්‍ෂක අංශ වෙතින් කිසිදු ගැටලුවක්‌ නොවීය.

    ඒ නේවි සම්පත් විසින් උපක්‍රමශීලීව කොටි සංවිධානයේ තොරතුරු ලබා ගැනීම සඳහා හාඡ්ජියාර් අලිව භාවිත කරන බව අනෙකුත් බුද්ධි අංශ හඳුනාගෙන සිටි බැවිනි.


    මතු සම්බන්ධයි

    සමන් ගමගේ

    Code:
    http://www.divaina.com/2015/03/01/feature22.html


    හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකව රහස් පොලීසියට කැඳවයි





    නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.


    අද(27) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.


    2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=49654#.VPKLt0h4Z8U.facebook
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හිටපු නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප‍්‍රශ්න කළා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ 2008 - 2009 වසරවලදී කොළඹදී සහ ත‍්‍රිකුණාමලයේදී දෙමළ සහ මුස්ලිම් තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප‍්‍රකාශකවරයාගෙන් මෙලෙස ප‍්‍රකාශයක් ලබාගත් බවයි. පැය 5 ක පමණ කාලයක් හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් ප‍්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තහවුරු කළා.

    2008 - 2009 වසරවලදී කොළඹ සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් තරුණයන් 11 දෙනෙකු පමණ අතුරුදන්වීමේ සිද්ධීන් වාර්තාවුණා. මෙම සිද්ධීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ එවකට නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අතුරුදන්වීමට සබඳතාවක් ඇති බවටයි. එම කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ උපදෙස් මත විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවා ඇත්තේ කපිතාන් ඞී.කේ.පී. දසනායකගේ ප‍්‍රධානත්වයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී එම බුද්ධි ඒකකය ඉහත අතුරුදන්වීම්වලට සම්බන්ධ බවට සාධක ලැබී තිබෙනවා. ඒ අනුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් මෙලෙස ප‍්‍රශ්න කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    අඩේ
    රක්නාලංකා වැටලීම නෙවෙයිද බන් මිලේනියම් සිටි 2
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මොනවද බන් මේ වෙන්න යන්නේ? පෙරහැර එන්න ඉස්සෙල්ල කසපරවල් වත්ද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    mahinda-namal-ltte-terrorists-funding-image.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවට පරීක්ෂණයක් තියන්න ඕනි දෙමla සන්දනේ කියන නිසා නෙමි. සදරනයක් වෙන්න් ඕනි නිසා. වැරැද්දක් වෙලා නම් දඩුවම් කරන්න ඕනි අනිවාර්යෙන්. එකට හමුදාව පොලිසිය සමනය ජනතව දේශපාලුවෝ කියලා නැහැ. එහෙම වෙන්නේ නැත්තම් යහපාලනයක් නැහැ.

    හැබැයි බොරුබට කරුණු කාරණා තහවුරු කිරීමක් නතුව මාදය් සන්දරෂන් තියන කැ නම් වැරදි. කොහොමත් සමන් ගමගේ කියන්නේ කුල කසුන් වගේම කෙනෙක් තමයි. කොටි ගහනකොට මද්යස්ත විදියට ලියපු අයට අද තමයි මතක්වෙල් තියෙන්නේ සිංහල ජාතිය ගැන. ලැප්ටොප් එක ගන්නම උනා ජාතික හැගීම් ඉසමතු කරගන්න