මිල අඩුම මෝටර් රථය

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මිල අඩුම මෝටර් රථය

    ලොව මිල අඩුම මෝටර් රථය ලංකාවේ විකිණීම ඇරඹෙයි

    2596_1aa.gif


    ලෝකයේ මිල අඩුම මෝටර් රථය ලෙසින් සැලකෙන ඉන්දියානු ටාටා නැනෝ මෝටර් රථය ඉන්දියාවෙන් පිට පළමු වතාවට ලංකාවේ අලෙවි කිරීම ඇරඹි බව වාර්තා වේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසන්නේ මෙම මෝටර් රථයේ මිල ලංකාවේදී ඉන්දියාවේ මිලට වඩා තුන් ගුණයකින් පමණ වැඩිවනු ඇති බවත් ලංකාවේ මුදලින් එය රුපියල් 9,25,000 ක් පමණ මිලක් ගෙන තිබෙන බවයි.

    මේ අනුව, ඉන්දීය වෙළඳපොළේ ඩොලර් 3000 කට විකුණුනු මෙම මෝටර් රථය ලංකාවේ විකිණෙන්නේ ඩොලර් 8,486 කටයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම මෝටර් රථය මෙරට අලෙවි කරන ඒජන්තකරුවන් ලෙස ක්‍රියා කරන ඩිමෝ මෝටර් රථ සමාගම පවසන්නේ පළමු තොගය ලෙස නැනෝ කාර් 500 ක් ලංකාවට ගෙන්වා තිබෙන බවයි.

    මෙම මෝටර් රථයේ මිල ලංකාවේ වැඩිවීමට හේතුව වී තිබෙන්නේ ආනයන බදු හා දේශීය විකුණුම් බදු විකුණුම් මිලට එකතු කිරීමයි.

    නැනෝ මෝටර් රථය මුල් වරට 2008 දී නිෂ්පාදනය ඇරඹීය.