මිල අඩු වන ඖෂධ 48

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන්

මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කිරීම සඳහා ලබා දෙන "මෙට්‌ෆොමීන්" පෙති/කරල් කොලෙස්‌ටරෝල් රෝගය සඳහා ලබා දෙන "ඇටෝවැස්‌මටින්" පෙති හෘද රෝග වැළැක්‌වීම සඳහා ලබා දෙන"ඇස්‌ප්‍රින්" පෙති, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන "ලොසාටන්", "එනලප්‍රිල්", "ඇටනොලොල්", "ක්‌ලෝපිඩොග්‍රේල්" පෙති වේදනා නාශකයක්‌ වන "පැරසිටමෝල්" පෙති ආසාදනයන් සඳහා ලබාදෙන "ඇමෝක්‌සසිලින්" පෙති/දියර/කරල් වේ.
මිල සූත්‍රය යටතේ අඩුකර ඇති බෙහෙත් මිල ගණන් 2016/10/21 දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනය යටතේ දක්‌වා ඇති බෙහෙත් වර්ගවල මිල ඉහල සීමාවන් එම බෙහෙත් වර්ගවල වෙළෙඳ හා ඖෂධීය නාමයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර මෙහි දක්‌වා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එම බෙහෙත් අලෙවි කිරීම තහනම් කර තිබේ.

එමෙන්ම උපලේඛනයෙහි දක්‌වා ඇති බෙහෙත් වර්ගවල නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් සෑම බෙහෙත් අලෙවි සලකම ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති අතර මෙම බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනයෙහි විධි විධාන උල්ලංඝනය කරනු ලබන නිෂ්පාදකයකු, අපනයනකරුවකු, වෙළෙන්දකු හෝ ඖෂධවේදියකු වෙතොත් ඔවුන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි 132 වැනි වගන්තිය යටතේ නඩු පැවරිය හැකි බවද නිවේදනයෙහි දැක්‌වේ.

n16.jpg


link
 
  • Like
Reactions: Dath

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කෝ අපේ ටොයියා, ගුනේබායි, පොයි සිල්වා, ජයන්තුක් ඇතුළු විද්වත් රැල.. ඉරෝසන් කිව්වේ ඊලග අගමැති රාජිත කියල.. පොර කිව්වනම් වරදින් නෑ.. අපේ අනාගත අගමැති තුමාට ජයවේවා