මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක්

    වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති

    ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව වාර්තා වේ.

    “හවායි වෙත බැලස්ටික් මිසයිල අවදානමක් පවතින බැවින් වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න. මෙය පුහුණු අභ්‍යාසයක් නොවේ“ යනුවෙන් සඳහන්ව තිබූ මෙම කෙටි පණිවුඩය ජංගම දුරකථන වලට ලැබී තිබුණු බවත් රූපවාහිණී හා ගුවන් විදුලි නාලිකා වලින් විකාශනය කෙරුණු බවත් පොලිසිය පවසයි. විනාඩි 18කට පසු මෙම පණිවුඩය නිවැරදි කෙරිණි.

    ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් ඉග් මේ සම්බන්දව අදහස් දක්වමින් පවසා ඇත්තේ සේවකයෙකු විසින් වැරදි බොත්තමක් එබීම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි. මේ සම්බන්දව වහාම පරීක්ෂණයක් පවසන බව ඇමරිකානු රජය නිවේදනය කර ඇත.

    උතුරු කොරියානු මිසයිල සීමාව තුල ආසන්නයෙන්ම පවතින රටක් ලෙස හවායි දූපත් වල හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදි මෙම හදිසි අනතුරු ඇඟවීම් පද්ධතිය ප්‍රථම වරට අත්හදා බැලීම සිදු කර ඇතැයි පැවසේ.

    (රොයිටර් පුවත් ඇසුරිණි - 085)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මෙහෙට වැරදිලා හරි මිසයිලයක් එන්න ඕනා මම කියන්නේ ඔව්
     

    Similar threads