මිස්ට තනිකඩ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මිස්ට.තනිකඩ-

හිරිකඩ වසිනා
පුංචි සැන්දෑ යාමයේ
පුන් සඳක් හොරැහින්ම
බලාවි මා නෙතේ ඉපනැලි

සොයන්නාක් මෙන් සැඟවුණු වේදනා
ඉව කරන්නාක් මෙන් විසකුරු ප්‍රාර්ථනා
යළිත් ජීවිතයේ බලාපොරොත්තුවක්
බන්ධනයකට ලක් කරන්නාක් මෙන්

ගුලිවුණි යුවළක් එවිටම
සිනමා සිතියමක් පරිද්දෙන
හෙට ඉරක් පායනා
පෝරුවේ නගින්නට දත කමින

“ අපේ කියලත් කොල්ලෙක් ඉන්න එපැයි ඉස්සරහට“
පවසනු ඇත ඔහුත් පසුදින
“ඇයි කෙලි පොඩිත්තක් හොඳ නැද්ද “
අසනු ඇත ඇයත් රමණයේදීම

ප්‍රාර්ථනා මැද ප්‍රාර්ථනා
නොහික්මූ අපූරු වේදනා
මැවෙයි ඔවුන් දුටු විට මට
අවිහිංසක ලෙස සිනාසෙන විට

“නැද්ද අදහසක් දැන්වත් “
අසයි ඇය මගෙන් සරදමින
“ඇද්ද වින්ඳා මේ භවය“
සිතෙයි අසන්නට මටත් එවිටම

තනිව මෙලොවට ආ මා
අදම යා යුතුමයි ගලා
රිය සක නොවෙමිනා
නෙළුම් මල යළි අඹා

කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ