මිහිතලය මත ඇති සියලුම ජලය

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මිහිතලය මත ඇති සියලුම ජලය

    535736_386969651342218_193218727383979_997020_42860558_n.jpg


    ඡායාරූපයෙන් දැක්වෙන්නේ මිහිතලය මත ඇති සියලුම ජලය එක්කල තැනූ ගෝලයක් පෘථිවියේ ප්‍රමානය සමග සංසඳනය කල විට පෙනෙන ආකාරයයි.

    එම ගෝලයේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 860ක් (කිලෝමීටර 1385) වන අතර පරිමාව ආසන්න වශයෙන් ඝන සැතපුම් 332,500,000ක් (ඝන කිලෝමීටර 1,386,000,000) වේ.

    එම ජල ගෝලය තුල පෘථිවිය මත ඇති සියලුම සාගර වල ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය,සියලුම ගංගා විල් පොකුණු ආදී ජලාශ වල ඇති ජලය,භූ ගත ජලය,වායුගෝලයේ ඇති ජලය,සියලුම ශාක සහ සතුන් තුල ඇති ජලයත් අන්තර්ගත වේ.

    මේ ජල ගෝලය තුල අන්තර්ගත ජලයෙන් වැඩි කොටසක් මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර(සාගර ජලය) තවත් කොටසක් පරිභෝජනයට ලබා ගැනීමට අපහසු වේ(වායුගෝලයේ ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය).සංඛ්‍යාත්මකව දැක්වුවහොත් මිහිතලය මත ඇති ජලයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ 2.5%ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් වන අතර ඒ අනූව මිහිතලය මත ඇති මිනිස් පරිභෝජනයට සුදුසු ජලයෙන් තැනූ ගෝලයක විශ්කම් භය සැතපුම් 100කට(කිලෝමීටර 160) වඩා කුඩා වනු ඇත.

    ජලය බිදුවක් අපතේ යැවීමට පෙර දෙවරක් සිතන්න !!!


    ගත්තේ කජු වත්තෙන්
    රීපොස්ට් නම් සොරි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    දත්ත ඇත්ත වුනත් නැතත් මේ පෝස්ට් එකෙන් දෙන පණිවුඩය ඉතා වැදගත්... මතක් කරාට ස්තුතියි! :) 5+++++
     
    • Like
    Reactions: bhanu perera