මිහිතලය මත ඇති සියලුම ජලය
ඡායාරූපයෙන් දැක්වෙන්නේ මිහිතලය මත ඇති සියලුම ජලය එක්කල තැනූ ගෝලයක් පෘථිවියේ ප්‍රමානය සමග සංසඳනය කල විට පෙනෙන ආකාරයයි.
එම ගෝලයේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 860ක් (කිලෝමීටර 1385) වන අතර පරිමාව ආසන්න වශයෙන් ඝන සැතපුම් 332,500,000ක් (ඝන කිලෝමීටර 1,386,000,000) වේ.
එම ජල ගෝලය තුල පෘථිවිය මත ඇති සියලුම සාගර වල ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය,සියලුම ගංගා විල් පොකුණු ආදී ජලාශ වල ඇති ජලය,භූ ගත ජලය,වායුගෝලයේ ඇති ජලය,සියලුම ශාක සහ සතුන් තුල ඇති ජලයත් අන්තර්ගත වේ.
මේ ජල ගෝලය තුල අන්තර්ගත ජලයෙන් වැඩි කොටසක් මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර(සාගර ජලය) තවත් කොටසක් පරිභෝජනයට ලබා ගැනීමට අපහසු වේ(වායුගෝලයේ ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය).සංඛ්‍යාත්මකව දැක්වුවහොත් මිහිතලය මත ඇති ජලයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ 2.5%ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් වන අතර ඒ අනූව මිහිතලය මත ඇති මිනිස් පරිභෝජනයට සුදුසු ජලයෙන් තැනූ ගෝලයක විශ්කම් භය සැතපුම් 100කට(කිලෝමීටර 160) වඩා කුඩා වනු ඇත.
ජලය බිදුවක් අපතේ යැවීමට පෙර දෙවරක් සිතන්න !!!
ගත්තේ කජු වත්තෙන්
රීපොස්ට් නම් සොරි