මිහින් දූෂණ ඉදිරි දැක්ම
වසරක් තුළ මිලියන 3200ක් ගිල දැමූ මිහින් ලංකාවට තවත් යානා දෙකක් ගැනීමට සැරසේ
ප්‍රධාන පුවත 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 13:08
වසරක් තුළ රුපියල් මිලියන 3200ක පාඩුවක් ලබා වසා දැමීමට සිදුවූ මිහින් ලංකා ගුවන් සමාගමට චීනයෙන් නව ගුවන්යානා දෙකක් මිලදී ගැනීමට සැරසෙන බව වාර්තාවේ. Flight Global an aviation news වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට චීනයේ නිෂ්පාදිත Xian MA60 වර්ගයේ ගුවන්යාන දෙකක් මෙම වසරේදී මිහින් ලංකා ගුවන් සේවයට ලබා ගැනීමට නියමිතය.
2007 වසරේදී කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් නොකර ඉතා රහසිගතව ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ මෙම මිහින් ලංකා ගුවන් සමාගමේ ජනාධිපතිවරයාගේ සමීපතමයකු සහ දකුණු පළාත් සභා මන්ත්‍රී සජීන් වාස් ගුණවර්ධන මහතා ප්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පරිපාලනය තුළ 2008 වසර වන විට ගුවන් සමාග මිලදී ගත් සහ බදු පදනම මත ගත් සියලු ගුවන්යානාද සමාගමට අහිමිවී මිලියන 3200ක අලාභයක් ලබා තිබුණි.
අනතුරුව 2009 වසරේ අය වැයෙන්ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මෙම ගුවන් සමාගම නගා සිටුවීම සදහා රැපියල් මිලියන 6000ක් වෙන් කළේය. ඒ අනුව 2009 වසරේදී එම සමාගම නැවත ආරම්භ කළේය. ඉන් අනතුරුව එම සමාගමේ දිනක අලාභය සටහන්වූයේ රුපියල් මිලියනයක් ලෙසය. 2009 ජනවාරි 15 දින නිකුත්වූ වාර්තාවකට අනුව මිහින් ලංකා ගුවන් සේවයේ ගමන් කරන මගීන් ප්‍රතිශතය එහි ආසන සංඛ්‍යාවෙන් 23%ක්ව තිබිණි. දිනකට ගුවන් පැය 50ක් පමණ අපතේ යවා ඇති අතර ඒ සෑම දෙයක් වෙනුවෙන්ම ට්රාන්සේවියා ගුවන් සමාගමට ඩොලර් 2890ක් ගෙවිය යුතුව තිබිණි.
"‘‘මහින්ද ’’ නාමය ගුවන්ගත කිරීම සදහා මහජන මුදල් කෝටි ගණනින් නාස්ති වෙමින් පවතින අතර ගුවන් සේවය විනාශ කළ සජින් වාස් ගුණවර්ධන මහතා දැන් පැරචුට් මගින් දකුණු පළාතට ගොඩ බස්සවා ඇත. වෙනස් මුහුණු යටතේ මිහින් ලංකා කතා පුවත එකම ආකාරයට දෙවන වතාවටත් තිරගත වෙමින් තිබේ. සිය ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ නැති, දුම්රිය නැති පොදු ජනතාවගේ බදු මුදලින් ආණ්ඩුව සල්ලි ගිලින ගුවන් සේවයක් අරඹා ඇත. ජනතාව ප්‍රවාහන පහසුකම් නැතිව මහ මග සිටයදී ආණ්ඩුව ‘‘අහස අපට’’ කියමින් බෙරිහන් දෙයි. අවසානයේදී ජනතාවට උරුමවී ඇත්තේ හිසට ඉහළින් යන හිස් ගුවන්යානා බලමින්, මිහින් ලංකා පාඩුව ගැන සංඛ්‍යා දත්ත අසමින් කාලය ගෙවීමේ අවස්ථාව පමණි." මිහින් ලංකා වංචාව පිළිබදව anticorruptsl.com වෙබ් අඩවියේ පලවූ වාර්තාවක දැක්වූයේ එලෙසිනි.