මිහිපිට දෙවිවරු!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,120
    46,746
    113
    මිහිපිට දෙවිවරුන්ට ආණ්ඩුවේන් දීල තියෙන දිව්‍ය රථ..

    අවුලක් නෑනේ ඉතින්..ඵයාලත් සාමාන්‍ය ජනතාවලු නේ..ඔය කට්ටිය කියන්නෙ😁👊
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුන්ට තෙරෙන්නෙ නෑ කකුස්ස හොදන එකාගෙ ඉදල රටෙ ඉහලම රැකියාව දක්වා හැම කෙනාගෙම රැකියා එක වගෙ වැදගත් කියල.
    මුන් කැමති කාටහරි ආවඩාගෙන ඉන්න සක්කිලි වගෙ.
    මචෝ උබ කියන එක ඇත්ත. ඒ උනාට කොල්ලෝ කක්කුස්සියක් හෝදන එකයි ජිවිතයක් ගොඩදාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ මචෝ. උබ කියන එක හරි දෙකම සේවයක් දෙකම රස්සාවල්. ඒත් හිතපන් දරුවෙක් මරණාසන්නව ඉද්දි දොස්තර කෙනෙක් දරුවව ගොඩදාලා දෙනවා කියලා ඒ අම්මට තාත්තට ඒ මනුස්සයව දෙවියෙක් වගේ පේන්නේ නැද්ද? එහෙම පේන එක වැරදිද?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,871
    113
    වදුරව
    මචෝ උබ කියන එක ඇත්ත. ඒ උනාට කොල්ලෝ කක්කුස්සියක් හෝදන එකයි ජිවිතයක් ගොඩදාන එකයි අතර ලොකු වෙනසක් තියෙනවනේ මචෝ. උබ කියන එක හරි දෙකම සේවයක් දෙකම රස්සාවල්. ඒත් හිතපන් දරුවෙක් මරණාසන්නව ඉද්දි දොස්තර කෙනෙක් දරුවව ගොඩදාලා දෙනවා කියලා ඒ අම්මට තාත්තට ඒ මනුස්සයව දෙවියෙක් වගේ පේන්නේ නැද්ද? එහෙම පේන එක වැරදිද?
    එක මචන් අසරණකම මත ඇතිවෙන චිත්තවේගයක් නෙමෙයිද බන්, එහෙම ඇති වෙන එකෙ වරදක් කියන්න බෑ.
    නමුත් සමාජීය වශයෙන් මිහිපිට දෙවිවරු කියල එක සේවාසපයන කණ්ඩායමක් මුදුනෙ තියෙන එක හරිද?

    අනෙක, ඒකට නෙමෙයිද මචන් දොස්තරලට වැඩිපුර චේතනයක්, වාහන පර්මිට්, දරුවන්ට ප්‍රදානපෙළෙ පාසැල් එහෙම වගෙ සුපිරි වරප්‍රසාද දෙන්නෙ.
    ඒවා එකක් හරි පොඩ්ඩ එහෙමෙහෙ උනාම එයාල ලෙඩ්ඩු ගැන හිතල ගරු සේවයක් කරනවද?
    නෑ නෙ සහොදරයා,
    කොවිඩ් ආව මුල් දවස් වල ඔය වෙද්ය සන්ගමය දීමනාවක් ඉල්ලුව කොවිඩ් රොගීන්ට ප්‍රතිකාර කරන්න.

    මෙකයි, හැමොම කරන සේවයට අඩු වැඩි වශයෙන් මිළක් තිබෙනව,එක අනිවාර්යෙන්ම ලබදිය යුතුයි. ඊට අමතරව දෙවිවරු විදිහට එක් සේවක් පමණක් ලබාදෙන පිරිසකට සලකනවා නම් එක ගොත්‍රික ලක්ශනයක්.
     
    • Like
    Reactions: skylander

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    ඔය මානසික ස්වභාවය වහල් භාවයේම කොටසක් මචන් එක උඹට තේරෙන්නේ නෑ. අපිට උඹට ඒක තේරුම් කරවන්නත් බෑ. දැන් ධම්මක පෙරේරා කිව්වා එයා ලංකාවේ රැකියා කරන ජනතාවගෙන් 2% කට රැකියා දීලා තියනවා කියලා. පනස් දාහක් හරි ලක්ෂ පහක් හරි ඒ වගේ ගානක්. දැන් ඔයාගේ තර්කය අනුව එයා දෙවියෙක් නෙවේ ද? ඒ සියලුම පවුල් වල මිනිස්සු කන්නේ බොන්නේ ජිවත් වෙන්නේ ධම්මක පෙරේරා කියන දෙවියා නිසා නෙවේද? ඔහොම ඔහොම ගිහින් රටේ ජනාධිපති ලොකුම දෙවියා වෙනවනේ නිකම්ම? මොකද ඒ මිනිහා නේ මුළු රටටම ලොක්කා. රටේ මිනිස්සු ජිවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කරන්න පුළුවන් මිනිහෙක්නේ රටක ජනාධිපති කියන්නේ? ඉතින් එයානේ ලොකුම දෙවියා? ඕක වහල් භාවයම තමයි. :)

    ඔය වහල් භාවය 3 වෙනි ලෝකේ රටවල මිනිස්සුන්ගේ ස්වභාවයක්. පලවෙනි ලෝකේ රටවල් ගත්තම කවුරුත් කාටවත් දෙවියෝ ගාගෙන නහින්නේ නෑ. ඒ මිනිස්සු හැමෝටම respect කරනවා. හැම වුර්තියටම respect කරනවා. තුන් වෙනි ලෝකේ රට වල මිනිස්සු කාගේ හරි වහලෙක් වෙන්න ප්‍රිය කරනවා. ඉන්දියාව, පකිස්ථානය වගේ දකුණු ආසියාතික රටවල්, අප්‍රිකාවේ දුප්පත් රටවල් etc සංස්කෘතිය අනුවම කගේ හරි වහලෙක් වෙන්න කැමති. කාට හරි යටින් ඉඳගෙන උඩින් එවුන් ටිකක් තියාගෙන වැඳ වැඳ ඉන්න කැමති. ඕකට මේවගේ රටවල ආගම් සැහෙන්න බලපාල තියනවා. කුල භේදය තාම තියනවා නේ? රටක් සංවර්ධනය වෙන්න ඕන කරන කරුණු අතර පුරවැසියන්ගේ මානසික සංවර්ධනය අනිවර්ය සාධකයක්. ඕවා සම්බන්ද degree තියන කෙනෙක්ගෙන් අහපන් විස්තර ඇතුව කියලා දෙයි. හැම දාම දේශපාලකයන් වැඳ වැඳ ඉන්න, සල්ලි වැඩියෙන් තියන පෝසත් මිනිස්සු වැඳ වැඳ ඉන්න , එක එක job titles වැඳ වැඳ ඉන්න මිනිස්සු පාගාගෙන ඉන්න හරිම ලේසියි! රවට්ටන්න හරිම ලේසියි.. මොකද උන් මෝඩයි. ස්වකිය කැමැත්තෙන් තව එකෙක්ගේ වහලෙක් වෙන්නේ, දකින දකින තැන දෙකට නැමෙන්නේ කොන්ද පන නැති මෝඩයෙක් විතරයි! උගත් බුද්ධිමත් මිනිහෙක් කවදාවත් ස්වකිය කැමැත්තෙන් කාගෙවත් වහලෙක් වෙන්නේ නෑ! :)

    උඹට දෙවියෙක් වගේ පේන මිනිහෙක් දිහා පොඩ්ඩක් බලපන්. දැන් උඹලගේ දිව්‍ය VIP ඩොකෙක් ගනින් කෝ! ඒ මිනිහා අනිත් උන්ට මිහිපිට දෙවියෙක්! මිහිපිට දෙවියෙක්! ගාගෙන වැඳ වැටෙනවා දැකලා තියනවද කවදා හරි? උඹට දෙවියෙක් වගේ පෙන job titles වල මිනිස්සු තවත් job title එකකට මිහිපිට දෙවියෙක්! ගාගෙන වැඳ වැටෙනවා දැකලා තියනවද කවදා හරි? ඒ ඌ උගත් බුද්ධිමත් මිනිහෙක් නිසා! 😁
     
    • Like
    Reactions: skylander

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එක මචන් අසරණකම මත ඇතිවෙන චිත්තවේගයක් නෙමෙයිද බන්, එහෙම ඇති වෙන එකෙ වරදක් කියන්න බෑ.
    නමුත් සමාජීය වශයෙන් මිහිපිට දෙවිවරු කියල එක සේවාසපයන කණ්ඩායමක් මුදුනෙ තියෙන එක හරිද?

    අනෙක, ඒකට නෙමෙයිද මචන් දොස්තරලට වැඩිපුර චේතනයක්, වාහන පර්මිට්, දරුවන්ට ප්‍රදානපෙළෙ පාසැල් එහෙම වගෙ සුපිරි වරප්‍රසාද දෙන්නෙ.
    ඒවා එකක් හරි පොඩ්ඩ එහෙමෙහෙ උනාම එයාල ලෙඩ්ඩු ගැන හිතල ගරු සේවයක් කරනවද?
    නෑ නෙ සහොදරයා,
    කොවිඩ් ආව මුල් දවස් වල ඔය වෙද්ය සන්ගමය දීමනාවක් ඉල්ලුව කොවිඩ් රොගීන්ට ප්‍රතිකාර කරන්න.

    මෙකයි, හැමොම කරන සේවයට අඩු වැඩි වශයෙන් මිළක් තිබෙනව,එක අනිවාර්යෙන්ම ලබදිය යුතුයි. ඊට අමතරව දෙවිවරු විදිහට එක් සේවක් පමණක් ලබාදෙන පිරිසකට සලකනවා නම් එක ගොත්‍රික ලක්ශනයක්.
    උබ කියන එක ඇත්ත මචං ඕක වෙන්නේ අසරණ කමත් එක්ක තමයි අනිත් එක ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දොස්තර කෙනෙක් කියන්නේ ළං වෙන්න බැරි ගොඩක් උඩින් ඉන්න චරිතයක් කියලා මවලා තියෙන්නේ.පිට රටවල් වල දොස්තරගේ ළමයා යන ඉස්කෝලේටම තමයි ගාබේජ් ට්‍රක් එකේ වැඩකරන මිනිහගේ ළමයත් යන්නේ ඉතිං ඔය චරිත අදහන්න තරම් මිනිස්සුන්ට දුර නෑ.
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මිහිපිට දෙවිවරුන්ට ආණ්ඩුවේන් දීල තියෙන දිව්‍ය රථ..

    ඉතින් හරි නේ? මේ ගොල්ලන්ට දෙවිවරු වෙන මිනිස්සු, ඒ "දෙවි වරුන්" ට උඩින් ඉන්න මිනිසුන්ට දෙවිවරු නෙවේ සාමාන්‍ය රැකියා කරන මිනිස්සු! ලංකා හොස්පිටල් එකේ director ට, එකේ වැඩ කරන කට්ටිය දෙවිවරු නෙවේ සේවකයෝ!

    -----------------------------------

    මේවා මගේ පෞද්ගලික මත. :D කැමති කෙනෙකුට එකඟ වෙන්න නොවෙන්න පුළුවන්. එකඟ නොවුනා කියලා හෝ කොච්චර ඔප්පු කරන්න හැදුවත් කෙනෙක් දෙවියෙක් කියලා මම මගේ මතය වෙනස් කරන්නේ නෑ. 😑 මම දෙවියෙක් විදිහට සලකන්නේ බුදු දහම අනුව සුගතියක වාසය කරන සත්වයෙක් විතරයි. :cautious:
    ------ Post added on May 24, 2021 at 2:44 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස්සු මැරෙන්න වැටිලා ඉද්දිත් strike කලේ මේ දෙවිවරුම තමයි. 😂