මිහිමඬල_කොයිබටද?

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මිහිමඬල_කොයිබටද?

    soba2.jpg





    පෘථිවිය නොහොත් මිහිමඬල ගැන අපට දැන් දැන් කියන්නට ඇත්තේ අමිහිරි කතාන්දරය. නිරතුරුව ඇසෙන්නේ දුක්‌බර අඳෝනාය. එක්‌ කටුක අත්දැකීමක මතකය අමතක කර සොම්නසින් සිනාසෙනු වෙනුවට තවත් ෙ€දවාචකයක දොම්නස තුරුලු කරගන්නට සිදුව ඇත්තේ සොබාදහම ළඟ දණින් වැටීගෙනය.

    සොබාදහම කුපිතවීමේ අලුත්ම ගොදුර ජපානයයි. ඔස්‌ටේ්‍රලියාවේ ක්‌වීන්ස්‌ලන්තයේ මෙන්ම අපේම රටේ ගංවතුර ෙ€දවාචකය ගැනත් කතාකොට නිමේෂයක්‌ ගතවෙන්නට පෙර, ජපානය මුහුණ දුන් ඒ මහා ෙ€දචාචකය ගැන අපට සුසුම් හෙළන්නට සිදුව ඇත.

    මේ ජපානය මුහුණ දුන් දරුණුම ස්‌වභාවික ෙ€දවාචකය ලෙස සැලකේ. 1945 දී දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරොෂීමා නාගසාකි නගර දෙකට එල්ල වූ ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පන් ලක්‍ෂයක්‌ දෙනා මිය ගියද, මෙවර ඇතිවූ භූ කම්පනයෙන් හා සුනාමි ෙ€දවාචකයෙන් ජපානයට සිදුවූ භෞතික හානිය න්‍යෂ්ටික ප්‍රහාරයට වඩා දරුණු බව සැලකේ. එහෙත්, මෙතෙක්‌ මෙම ෙ€දවාචකයෙන් සිදුවූ ජීවිත හා දේපළ හානි තක්‌සේරු කර නොමැත.

    දැන් කතා කරන්නේ ජපානයේ සිදුවූ භූ කම්පනය හෝ සුනාමියටත් වඩා මේ හේතුවෙන් සිදුවෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී කාන්දුව පිළිබඳවය. ඒ "ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ" යෑයි කියන අපේ කියමන සිහිපත් කරමින් ජපානය මුහුණ දී ඇති දිගුකාලීන අවදානම නිසාය.

    soba3.jpg

    ජපානය භූ කම්පන ඇතිවීමේ හැකියාව වැඩි කලාපයක පිහිටි දූපත් රාජ්‍යයකි. එනිසා ඔවුන්ට ඒ පිළිබඳ අත්දැකීම් බොහෝ තිබේ. 1995 දී කෝබේ ප්‍රදේශයේදී ඇති වූ භු කම්පනයෙන් කෝබේ නගරය බිමට සමතලා වූ හැටි අපට මතකය. ගුවන් මාර්ග, නිවාස, වෙළෙඳ මධ්‍යස්‌ථාන ඇතුළු දේපළ විනාශයෙන් කෝබේ නගරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන සියයකට ගණන් බලා තිබිණි. 2004 දෙසැම්බර් මස ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියානු රටවල් ගණනාවකට බල පෑ සුනාමි ෙ€දවාචකය නිසා සිදුවු හානියේ තක්‌සේරුව වන ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක හානියත් සමඟ සැසඳීමේදී ජපානයේ මෙම කෝබේ අත්දැකීම කෙතරම්ද යන්න අපට පැහැදිලි නිගමනයකට පැමිණිය හැකිය. කෙසේ හෝ රිච්ටර් මාපක අගය 9 ක්‌ (අනතුර සිදුවූ අවස්‌ථාවේදී මෙම අගය 8.9 ක්‌ ලෙස සැලකූ නමුත් එය පසුව 9 දක්‌වා සංශෝධනය කරනු ලැබීය.) ගත් මෙම භූ කම්පනය පසුගියදා නවසීලන්තයේ ඇතිවී සැලකිය යුතු විනාශයක්‌ සිදුකළ භූ කම්පනයට වඩා අටදහස්‌ ගුණයක (8000) ප්‍රබලත්වයකින් යුතු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

    ජපානය භූ කම්පන කලාපයක පිහිටීම පමණක්‌ නොව, මෙම භූකම්පනවලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සාගරය තුළ සිදුවන නිසා ජපානය පිහිටා ඇත්තේ "සුනාමි" බහුල කලාපයේ බවද මෙහිදී පසක්‌ කළ යුතු කාරණයකි. අසාමාන්‍ය ලෙස පැන නගින මෙවන් උදම් රළ සඳහා සුනාමි (ඕමබ්පස) ලෙස ජපන් වදනක්‌ භාවිතයට එක්‌වූයේද ඒ නිසාමය. වරින් වර ජපානයට ඇතිවූ කුඩා සුනාමි තත්ත්වයන් ගැන අප මාධ්‍ය මගින් තොරතුරු කියවා ඇත්තෙමු. මුහුද යට ඇතිවන බොහෝ භූචලන සුනාමි ඇති නොකළත් මෙවර රිච්ටර් මාපක 9 ක්‌ වූ භූ කම්පනය සුනාමියක්‌ ඇති කළේය. ඒ පිළිබඳ අනතුරු හැඟවීම්ද ක්‍රියාත්මක විය. එහෙත්, සුනාමි තත්ත්වයන්ට ඉතා ඉහළින්ම ප්‍රතිරෝධ දැක්‌වූ ජපානයේ සියලු වැටකොටු බිඳලමින් අඩි 33 ක්‌ පමණ උස්‌වූ සුනාමි රළ දහරා පළමුව සෙන්ඩායි පළාත එකම සොහොනක්‌ බවට පත්කරන අයුරු අපි සජීවී රූපවාහිනී දර්ශන මගින් දැක ගතිමු. නැගෙනහිර ජපාන මුහුදේ සෙන්ඩායි වෙරළ තීරයේ සිට කිලෝමීටර් 130 ක්‌ (ටෝකියෝවේ සිට කිලෝ මීටර් 400 ක්‌ පමණ) දුරින් කිලෝමීටර් 24.4 ක මුහුදු පත්ලේ ඇතිවූ භූ කම්පනය (භූ තැටි එකමත එක ලිස්‌සා යැම) ජපානය බලාපොරොත්තු නොවු ආකාරයක විනාශයක්‌ ඇති කළේය. නැතහොත් සුනාමියක තරම ජපානයට ඉගැන්වීය. ජපාන ප්‍රධාන ගොඩබිම් තීරුවේ නැගෙනහිර ප්‍රදේශයේ සැලකිය යුතු ප්‍රදේශයක්‌ හෝදා පාළු කරන්නට ඊට හැකි විය. අගනගරය වන ටෝකියෝව පවා මීට ගොදුරු විය. ගොවිබිම්, ගම්මාන, නගර, වරාය, ගුවන්තොටුපළ, තෙල් හා ගෑස්‌ අංගන යනාදී දහසකුත් දැ ඒ අතර විය. මිනිස්‌ ජීවිත ගණන මේ සියල්ල පරයා ඉහළ ගොස්‌ ඇත.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    මියාමි, සෙන්ඩායි යන ප්‍රදේශවල අධික ජනගහනයක්‌ විසූ බව වාර්තාවන අතර එම ප්‍රදේශවල මියගිය ගණන හා අතුරුදන් ගණන මෙතෙක්‌ වාර්තාවී නැත. කෙසේ හෝ මෙම ෙ€දවාචකයෙන් 20,000 කට වැඩි පිරිසක්‌ මියගොස්‌ ඇති බවට නිල නොවන වාර්තා පෙන්වා දෙයි.

    ලොව තුන්වැනි සුපිරි ආර්ථික බලවතා වන ජපානය, ලෝක ආර්ථිකය හොල්ලන්නට සමත් වූ ආසියානු බලවතාද විය. එහෙත් අද ජපානයේ විදුලිය, ජලය, ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය පහසුකම් බිඳ වැටීමෙන් දරුණු තත්ත්වයක පසුවේ. පන්ලක්‍ෂයක්‌ දෙනා අවතැන්ව සිටින අතර දසලක්‍ෂයක්‌ දෙනාට ජලය විදුලිය පහසුකම් නොමැතිව අහිතකර සෞඛ්‍ය බලපෑම්වලට ලක්‌ව සිටින බව වාර්තාවේ. කෘෂිකාර්මික, කාර්මික ව්‍යාපාරික හා පරිපාලන ක්‍ෂේත්‍ර දරුණු කඩා වැටීමකට ලක්‌ව තිබේ. ඒ විශේෂයෙන්ම අගනුවර වූ ටෝකියෝව අනතුරට ලක්‌වීම නිසාය. ජපාන අගමැති නවතෝ ඛාන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු තමන් මුහුණ දුන් දරුණුම ෙ€දවාචකය මෙය බවයි.

    මෙම තත්ත්වය තවදුරටත් උග්‍රකරමින් ජපන් පරිපාලනය පමණක්‌ නොව අසල්වාසී රටවල් ඇතුළු ලෝකයම දැන් කතාකරන්නේ ජපානයේ විකිරණශීලී කාන්දුව පිළිබඳවය. µqකුෂිමා හි පිහිටි µqකුෂිමා ඩායිච්" න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක්‌ ඇතිකොට විකිරණ කාන්දුවකට මේ සුනාමිය හේතු විය. ප්‍රතික්‍රියාකාරක ඒකක අටකින් සමන්විත මෙම බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතරක්‌ පසුගිය සිකුරාදා වන විට හානියට ලක්‌වී ඇත. එහි අංක එක හා දෙක දරණ ප්‍රතික්‍රියාකාරක පළමුව පුපුරා ගොස්‌ ඇති අතර අංක හතර දරණ ප්‍රතික්‍රියාකාරකද මීළඟට පුපුරා ගිය බව සඳහන්වේ. න්‍යෂ්ටික බලශක්‌ති උත්පාදක ප්‍රතික්‍රියාකාරක සිසිලනය සඳහා භාවිතා කෙරෙන ජල තටාකය සුනාමියෙන් හානියට ලක්‌වීම හේතුකොටගෙන මෙම ප්‍රතික්‍රියාකාරක රත්වී ගිනිගෙන පුපුරා යන බව කියනු ලැබේ. මෙසේ නිකුත්වන විකිරණශීලී මූල ද්‍රව්‍ය මගින් මිනිසුන්ගේ මරණයේ සිට විවිධාකාරයේ රෝගාබාධ රැසක්‌ සිදුවිය හැකි බැවින් ජනයා දැනට කිලෝමීටර් 20 ක පමණ වෘත්තාකාර පෙදෙස කින් ඉවත්කර තිබේ. මෙම කාන්දුව 1986 දී සිදුවු රුසියාවේ චර්නොබිල් බලාගාරයේ කාන්දුව තරම් අනතුරුදායක නොවුවද ලෝකයට ඇති කළ හැකි බලපෑම අති මහත්ය. මේ ස්‌වභාවික විපත් පිළිබඳව අලුතින් ලියෑවෙන කතාවකි. භූ කම්පනයක්‌ මගින් න්‍යෂ්ටික අනතුරක්‌ ඇති කළ හැකි බව ඉන් කියයි.

    දැන් දැන් වාර්ෂිකව පෘථිවියේ සිදුවන භූ කම්පන ප්‍රමාණය ඉහළ නගිමින් පවතින බව විද්‍යාඥයෝ පවසති. මේ පිළිබඳව කළින් අනතුරු හැඟවීම් සිදු කිරීමට තරම් විද්‍යාව හෝ තාක්‍ෂණය තවමත් දියුණුවී නැතත්, පෘථිවි ගර්භය අස්‌ථාවර වීමට ගුරුත්ව කේන්ද්‍රයේ වෙනස්‌වීම හේතුවන බව පිළිගනු දක්‌නට ලැබේ. මෙසේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස්‌ වීමට පෘථිවිය පෘෂ්ඨය මත සිදුවන වෙනත් භෞතික වෙනස්‌කම් හේතුවන බවක්‌ද අනුමාන කෙරේ. නිදසුනක්‌ සේ අයිස්‌ කඳු නොහොත් ග්ලැසියර දියවීම මෙන්ම මුහුදේ ජල පරිමාව වැඩිවීමත් ඊට හේතු ඵල වශයෙන් දැක්‌විය හැකිය.

    හරිතාගාර වායු විමෝචනය නිසා ගෝලීය උණුසුම වැඩිවීමත් එනිසා සිදුවන ග්ලැසියර දියවීම හා මුහුදු පරිමාව වැඩිවීම එසේනම් ජපානයට හෝ ශ්‍රී ලංකාවට සුනාමියක්‌ ඇති කිරීමට සමත්වේද? නැතහොත් ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක්‌ පුපුරා විකිරණ කාන්දුකොට මිනිස්‌ ජීවිතවලට ජීවිත තර්ජනයක්‌ ඇතිකිරීමට සමත් වේද? මේවාට තවමත් හරිහැටි උත්තර නැත. එහෙත් ලොවපුරා රට රටවල උද්ගතවන මෙවන් ව්‍යසනකාරී ෙ€දවාචක අපට කියන්නේ කුමක්‌ද? මිහිමඬල කොයිබට ගමන් කරන බවක්‌ද? මේ සියලු ව්‍යසන සිදුවන්නේ ලෝක විනාශයක්‌ ගැන අනතුරු හැඟවී තිබයදී වීමද අප සැලකිය යුතුය.


    http://www.divaina.com/2011/03/22/feature04.html
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල නම්...
    ලෝකෙම විනාස නොවුනත් , මොකක් හරි ලොකු අනතුරක් සිද්ද වෙන්න යන පාටයි...
    :(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මායාවරුන්ගේ අනාවැකි හරියාගෙන වගේ එන්නේ... මේ අවුරුද්දේ ඉස්සරහට ඕව තව වැඩි වෙයි.. නොස්ට්‍රදාමුස්ගේ අනාවැකි වලට අනුව.. ලෝකේ ඔක්කොම මේකෙන් මැරෙන් නෑ.. ඒත් ලෝකයේ සියලුම පවුකාරයෝ අතුගැමක් වෙනවලු.. ලෝකේ ජීවත්වෙන තුනෙන් එකක්ම නැති වෙනවා කියලයි මට අහන්න ලැබුන අනාවැකි වල තියෙන්නේ.. ඇත්ත වෙයිද බොරුවෙයිද දන්නෑ.. කලයාටම එක විසදන්න දීල ඉන්න තියෙන්නේ..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල නම්...
    ලෝකෙම විනාස නොවුනත් , මොකක් හරි ලොකු අනතුරක් සිද්ද වෙන්න යන පාටයි...
    :(

    :(