මිහිමඬල_කොයිබටද?
පෘථිවිය නොහොත් මිහිමඬල ගැන අපට දැන් දැන් කියන්නට ඇත්තේ අමිහිරි කතාන්දරය. නිරතුරුව ඇසෙන්නේ දුක්බර අඳෝනාය. එක් කටුක අත්දැකීමක මතකය අමතක කර සොම්නසින් සිනාසෙනු වෙනුවට තවත් ෙ€දවාචකයක දොම්නස තුරුලු කරගන්නට සිදුව ඇත්තේ සොබාදහම ළඟ දණින් වැටීගෙනය.
සොබාදහම කුපිතවීමේ අලුත්ම ගොදුර ජපානයයි. ඔස්ටේ්රලියාවේ ක්වීන්ස්ලන්තයේ මෙන්ම අපේම රටේ ගංවතුර ෙ€දවාචකය ගැනත් කතාකොට නිමේෂයක් ගතවෙන්නට පෙර, ජපානය මුහුණ දුන් ඒ මහා ෙ€දචාචකය ගැන අපට සුසුම් හෙළන්නට සිදුව ඇත.
මේ ජපානය මුහුණ දුන් දරුණුම ස්වභාවික ෙ€දවාචකය ලෙස සැලකේ. 1945 දී දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරොෂීමා නාගසාකි නගර දෙකට එල්ල වූ ඇමෙරිකානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පන් ලක්ෂයක් දෙනා මිය ගියද, මෙවර ඇතිවූ භූ කම්පනයෙන් හා සුනාමි ෙ€දවාචකයෙන් ජපානයට සිදුවූ භෞතික හානිය න්‍යෂ්ටික ප්‍රහාරයට වඩා දරුණු බව සැලකේ. එහෙත්, මෙතෙක් මෙම ෙ€දවාචකයෙන් සිදුවූ ජීවිත හා දේපළ හානි තක්සේරු කර නොමැත.
දැන් කතා කරන්නේ ජපානයේ සිදුවූ භූ කම්පනය හෝ සුනාමියටත් වඩා මේ හේතුවෙන් සිදුවෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී කාන්දුව පිළිබඳවය. ඒ "ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ" යෑයි කියන අපේ කියමන සිහිපත් කරමින් ජපානය මුහුණ දී ඇති දිගුකාලීන අවදානම නිසාය.
ජපානය භූ කම්පන ඇතිවීමේ හැකියාව වැඩි කලාපයක පිහිටි දූපත් රාජ්‍යයකි. එනිසා ඔවුන්ට ඒ පිළිබඳ අත්දැකීම් බොහෝ තිබේ. 1995 දී කෝබේ ප්‍රදේශයේදී ඇති වූ භු කම්පනයෙන් කෝබේ නගරය බිමට සමතලා වූ හැටි අපට මතකය. ගුවන් මාර්ග, නිවාස, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු දේපළ විනාශයෙන් කෝබේ නගරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන සියයකට ගණන් බලා තිබිණි. 2004 දෙසැම්බර් මස ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියානු රටවල් ගණනාවකට බල පෑ සුනාමි ෙ€දවාචකය නිසා සිදුවු හානියේ තක්සේරුව වන ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක හානියත් සමඟ සැසඳීමේදී ජපානයේ මෙම කෝබේ අත්දැකීම කෙතරම්ද යන්න අපට පැහැදිලි නිගමනයකට පැමිණිය හැකිය. කෙසේ හෝ රිච්ටර් මාපක අගය 9 ක් (අනතුර සිදුවූ අවස්ථාවේදී මෙම අගය 8.9 ක් ලෙස සැලකූ නමුත් එය පසුව 9 දක්වා සංශෝධනය කරනු ලැබීය.) ගත් මෙම භූ කම්පනය පසුගියදා නවසීලන්තයේ ඇතිවී සැලකිය යුතු විනාශයක් සිදුකළ භූ කම්පනයට වඩා අටදහස් ගුණයක (8000) ප්‍රබලත්වයකින් යුතු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ජපානය භූ කම්පන කලාපයක පිහිටීම පමණක් නොව, මෙම භූකම්පනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සාගරය තුළ සිදුවන නිසා ජපානය පිහිටා ඇත්තේ "සුනාමි" බහුල කලාපයේ බවද මෙහිදී පසක් කළ යුතු කාරණයකි. අසාමාන්‍ය ලෙස පැන නගින මෙවන් උදම් රළ සඳහා සුනාමි (ඕමබ්පස) ලෙස ජපන් වදනක් භාවිතයට එක්වූයේද ඒ නිසාමය. වරින් වර ජපානයට ඇතිවූ කුඩා සුනාමි තත්ත්වයන් ගැන අප මාධ්‍ය මගින් තොරතුරු කියවා ඇත්තෙමු. මුහුද යට ඇතිවන බොහෝ භූචලන සුනාමි ඇති නොකළත් මෙවර රිච්ටර් මාපක 9 ක් වූ භූ කම්පනය සුනාමියක් ඇති කළේය. ඒ පිළිබඳ අනතුරු හැඟවීම්ද ක්‍රියාත්මක විය. එහෙත්, සුනාමි තත්ත්වයන්ට ඉතා ඉහළින්ම ප්‍රතිරෝධ දැක්වූ ජපානයේ සියලු වැටකොටු බිඳලමින් අඩි 33 ක් පමණ උස්වූ සුනාමි රළ දහරා පළමුව සෙන්ඩායි පළාත එකම සොහොනක් බවට පත්කරන අයුරු අපි සජීවී රූපවාහිනී දර්ශන මගින් දැක ගතිමු. නැගෙනහිර ජපාන මුහුදේ සෙන්ඩායි වෙරළ තීරයේ සිට කිලෝමීටර් 130 ක් (ටෝකියෝවේ සිට කිලෝ මීටර් 400 ක් පමණ) දුරින් කිලෝමීටර් 24.4 ක මුහුදු පත්ලේ ඇතිවූ භූ කම්පනය (භූ තැටි එකමත එක ලිස්සා යැම) ජපානය බලාපොරොත්තු නොවු ආකාරයක විනාශයක් ඇති කළේය. නැතහොත් සුනාමියක තරම ජපානයට ඉගැන්වීය. ජපාන ප්‍රධාන ගොඩබිම් තීරුවේ නැගෙනහිර ප්‍රදේශයේ සැලකිය යුතු ප්‍රදේශයක් හෝදා පාළු කරන්නට ඊට හැකි විය. අගනගරය වන ටෝකියෝව පවා මීට ගොදුරු විය. ගොවිබිම්, ගම්මාන, නගර, වරාය, ගුවන්තොටුපළ, තෙල් හා ගෑස් අංගන යනාදී දහසකුත් දැ ඒ අතර විය. මිනිස් ජීවිත ගණන මේ සියල්ල පරයා ඉහළ ගොස් ඇත.