මිළින_වූ_ජීවිත
ඇවිදිමි මා හුදකලාව
මිනිසුන් අතරින් හෙමිහිට
දකිමි මම කවියන් නන්දිකඩාල්හි
මිළින වූ ජීවිත ගැන ලියන
එහෙත් ඔවුන් ගේ පන්හිඳ
නොලියයි කැති ගෑවුණු
ලේ හලා ගිය අරණගංවිල
නිහඞවූ ජීවිත ගැන
ලියවෙයි යුද සැමරු ජයගත් රණ විරුවන්ගේ
අමතක කෙරෙයි වේදනාව මිනිසුන්ගේ යාපා පටුනේ
දමිළ කඳුළු ගැන ලියන්නෝ නිහඞය දකුනේ සිහල කඳුල ගැන
දකුනේ සිහල කඳුල ගැන ලියන්නෝ නිහඞය උතුරේ දමිළ කඳුල ගැන
යුද්දය විසින් විනාශ කල ජීවිත
පාට කණ්නාඩි වලින් දකින
සේවායෝජකයාගේ ගෙවීමට අනුව
මානුෂික කවි කතන්දර ලිපි ලියන
මානවවාදී කවියනි ලියුම්කරුවනි
බලව් තොපගේ අශෝභන නිරුවත
කැඩපත ඉදිරියට ගොස් හනික
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඇවිදිමි මා හුදකලාව
මිනිසුන් අතරින් හෙමිහිට
දකිමි මම කවියන් නන්දිකඩාල්හි
මිළින වූ ජීවිත ගැන ලියන
එහෙත් ඔවුන් ගේ පන්හිඳ
නොලියයි කැති ගෑවුණු
ලේ හලා ගිය අරණගංවිල
නිහඞවූ ජීවිත ගැන
ලියවෙයි යුද සැමරු ජයගත් රණ විරුවන්ගේ
අමතක කෙරෙයි වේදනාව මිනිසුන්ගේ යාපා පටුනේ
දමිළ කඳුළු ගැන ලියන්නෝ නිහඞය දකුනේ සිහල කඳුල ගැන
දකුනේ සිහල කඳුල ගැන ලියන්නෝ නිහඞය උතුරේ දමිළ කඳුල ගැන
යුද්දය විසින් විනාශ කල ජීවිත
පාට කණ්නාඩි වලින් දකින
සේවායෝජකයාගේ ගෙවීමට අනුව
මානුෂික කවි කතන්දර ලිපි ලියන
මානවවාදී කවියනි ලියුම්කරුවනි
බලව් තොපගේ අශෝභන නිරුවත
කැඩපත ඉදිරියට ගොස් හනික
වෛද්‍ය රුවන් එම් ජයතුංග