මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණි.

    මෙහිදී විදේශිකයන්ද ඇතුළුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 33කි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක දරන මූල්‍ය විමර්ශන අංශයට පසුගිය 13 වනදා කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි.

    එහි දැක්වුණේ නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවය.

    එලෙස ලයික් සහ කමෙන්ට් කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී රුපියල් 750 බැගින් මුදල් ලැබුණු අතර, පසුව වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාළ සමූහය මගින් කාන්තාවට දැනුම් දී තිබුණි.

    ඒ අනුව මුදල් ආයෝජනය කළද, ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසය.

    ඒ අනුව අදාළ කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත යොමුකර තිබුණි.

    එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇත.

    ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කෙරුණි.

    මුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පිය පුතු දෙදෙනා පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක ආරම්භ කළ බවය.

    වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට අනාවරණය කර ගැනුණි.

    ඒ අනුව විමර්ශන නිලධාරීන් ඊයේ රාත්‍රියේ අදාළ නිවස වටලනු ලැබීය.

    එහිදී මෙම ඔන්ලයින් ජාවාරම සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 14ක් අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් එහි තිබී ජාවාරම සිදුකිරීම සඳහා භාවිත කළ ජංගම දුරකතන 57ක්, පරිගණක යන්ත්‍ර 13ක් හා ලැප්ටොප් පරිගණක 3ක් සොයා ගත්තේය.

    අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන, ඇල්ජීරියා, නේපාල් හා මැලේසියානු ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද වෙයි.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් මීගමුව පොරතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක් වටලා පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී ද ජංගම දුරකථන 52ක් හා පරිගණක යන්ත්‍ර 33ක් සිය භාරයට ගත්තේය.

    එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පකිස්තාන, ඉන්දීය, බංගලාදේශ හා ඉන්දුනීසියානුවන්ද වෙයි.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, විදේශීකයන්ද මෙම ජාවාරම සඳහා හසුකරගත් බවය.

    එමෙන්ම මොවුන්ගේ ශාඛා ඩුබායි හා ඇෆ්ගන් රාජ්‍යයන්වලද පිහිටා ඇති බවත් අනාවරණ වී තිබේ.

    විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම ජාලයට සම්බන්ධ පුද්ගලයන් එක් එක් ශාඛාවන්ට ස්ථානමාරුවීම්ද ලබන අතර මෙය ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලුන් ලෙස යොදාගනිමින් මියන්මාරයේදී සිදුකරන ජාවාරමට සමාන එකක් බවය.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අප්පා මේක බරටම යනවා පාරාවොල මාසෙකට 2-3. එනවා ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් කියාගෙන . මුලින් දෙන බොනස් එක අරන් එකවුන්ට් ටික බ්ලොක් කරලා දානව 😂

    ආයේ එනවා බුකින් ඩොට් කොම් එකෙන් සතියක වගෙ පත බුකින් දාගෙන . වට්ස් ඇප් චැට් කරමු පස්සෙ කියනවා වෙස්ටන් යුනියන් එකෙන් සල්ලි එවන්නම් කියාගෙන අපේ ක්‍රෙඩ්ට් කාඩ් ඉල්ලනවා .

    අනික එන්නේ හොස්ටින් පේපෑල් ෆේස්බුක් yt වගේ ඔෆීශියල් ඊමෙල් ටෙම්ප්ලේට් එකෙන් මොකක් හරි මන්ත්ලි පේමන්ට් එකක් කරලා නෑ එක ගෙවන්න කියලා. මේල් එක එකින්ම අර කොම්පැනි ඊමෙල් වගේ ඇරපු අතක් නෑ ඒත් සෙන්ඩර් ඊමෙල් එක ෆ්‍රී මේල් සවිස් එක්කින් එන්නේ.

    කැරිම ස්කෑමස්ලා ඉන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒ අනුව අදාළ කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත යොමුකර තිබුණි.
    200.gif
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාලකන්නි හැත්ත. මටත් දවසකට කෝල් 10ක් වත් එනවා. ඒ මදිවට emails ඉන්බොක්ස් එක පිරෙන්න එනවා.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    එක දවසක් මාවත් ඔය වගේ whatsapp group එකකට ඇඩ් කරලා තිබුනා. මම එවෙලේම රිපෝට් කරලා බ්ලොක් කෙරුවා
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මාවත් තුන් හතර පාරක් එක එක වට්සැප් ගෲප් වලට ඇඩ් කරගෙන තිබ්බ. ගොඩක් එවුන් පැනල වැඩේ කරන්නෙ. 750හෙ ස්ක්‍රීන්ශොට්ස් පවා දානව ගෲප් එකෙ. මම එක මැසේජ් එකයි දැම්මෙ ශනිකව මාව බ්ලොක් කරල රිමූ කලා. :LOL: