මීගමුව කලපු පරිසර පද්ධතිය රැක ගනිමු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මීගමුව කලපු පරිසර පද්ධතිය රැක ගනිමු

    මීගමුව කලපු පරිසර පද්ධතිය රැක ගනිමු


    * මීගමුව කලපු පරිසරය රැකගැනීමේ වැඩසටහන අද


    kalapu.jpg
    ජුනි මස 05 දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පරිසර දින සැමරුම් උත්සවය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තෝරාගත් පාසල් ළමුන්ගේ සහභාගිත්වයෙන් 2018 ජුනි මස 05 දින මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතය.

    "ප්ලාස්‌ටික්‌ භාවිතයෙන් අත්මිදිමු"

    සහ "වෙරළ පරිසරය රැක ගනිමු"

    යන තේමාව පදනම් කරගත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් අතරේ පවත්වන ලද චිත්‍ර හා කථික තරගවලින් ජයග්‍රහණය කරන ලද ළමුන් 500 කට අධික පිරිසක්‌ සහභාගි වන මෙම උත්සවයේ දී මීගමුව කලපුව හා වෙරළ පරිසරය තේමා කරගත් විවිධාංග රාශියක්‌ මෙම උත්සවයට ඇතුළත් කර ඇත.

    ඒ අනුව, මෙම ලිපිය ජාතික පරිසර දිනය නිමිත්තෙන් මීගමුව කලපු පරිසරය රැකගැනීම යන තේමාව යටතේ ඉදිරිපත් කෙරේ.

    විශාලත්වයෙන් හෙක්‌ටයාර් 6232 ක්‌ පමණ විශාල වන මීගමුව හා මුතුරාජවෙල වෙරළ තෙත්බිම් පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ඇති 127 ක්‌ වන ප්‍රධාන මුළු කලපු මෝයවලින් පාරිසරිකමය මෙන්ම, ආර්ථිකමය, සාමාජීය ලෙස ඉතා වැදගත් වෙරළාශ්‍රීත පරිසර පද්ධතියකි.

    ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති මෙම අගනා ස්‌වභාවික සම්පත ජල තලය වර්ග කි.මී. 3164 කී.

    මෙම මීගමුව කලපුව 4000 කට අධික ධීවර ජනතාවට ජීවනෝපාය සපයන පරිසර පද්ධතියක්‌ වන අතර විවිධ ධීවර බෝට්‌ටු 3000 කට අධික ප්‍රමාණයක්‌ නැංගුරම් කර නැවැත්වීමට සිදුවේ. එම නිසාම මෙම මීගමුව මෝය පරිසරය ජාතිකමය වැදගත් සමුද්‍ර ධීවර මධ්‍යස්‌ථානයක්‌ ලෙස වර්ෂ ගණනාවක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වෙමින් පවති.

    මීගමුව කලපු මෝය පරිසර පද්ධතියක්‌ වනුයේ කඩොලාන පරිසර පද්ධතිය සත්‍ය කඩොලාන (True Mangroves) විශේෂයන් හෙක්‌ටයාර් 350 ට අධික ප්‍රමාණයකින් මීගමුව කලපුව ආවරණය වී ඇත්තේ ස්‌වභාව ධර්මයෙන් මීගමුවට ලබාදුන් අගනා දායාදයක්‌ ලෙසය.

    මීගමුව මෝය පරිසරයේ මෙම කඩොලාන පරිසර පද්ධතියේ කඩොලාන (Mangroves) මඟින් කලපුවේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්‌ථානයක්‌ හා වාසස්‌ථාන ලෙස මහඟු සේවාවක්‌ ඉටුකරයි. එමඟින් ඉතා වටිනා දුර්ලභ පක්‌ෂීන්ට, උරගයින්ට, මත්ස්‍ය වර්ගවලට වාසස්‌ථාන සපයනු ලබන්නේ මෙම කඩොලාන පරිසර පද්ධතියයි. තවද මීගමුව කලපුවේ ආරක්‌ෂක බැම්ම ලෙස ඉවුරු ඛාදනයන් කලපුව ආරක්‌ෂා කරන්නේ ද මෙම කඩොලාන වනාන්තරයයි.

    තවද, මීගමුව කලපුව ආවේනික වෙනත් විශේෂ පරිසර පද්ධතීන් වනුයේ මුහුqදු තෘණ (Sea Grass) පරිසර පද්ධති නිසායි.

    මෙම සුවිශේෂි පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසා සිදුකරන මෙහෙයද ඉතාමත් ඉහළ අගයක්‌ ගනී.

    එසේ වුවද, මීගමුව වැනී ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මෙම මීගමුව කලපුව ආශ්‍රීතව පාරිසරික ගැටලු ඉතාමත් සංකීර්ණ වන අතර කලපුවට අපවිත්‍ර ජලය ගලායැම මෙන්ම විවිධ වූ අපද්‍රව්‍ය, ධීවර ආම්පන්න කොටස්‌ වැනි දෑ මඟින් මෙම සුන්දර පරිසරය අපවිත්‍ර වීම සිදුවන්නේ කලපුව භාවිතා කරන අවට ජනතාවගේ නොසැලකිලිමත්කම නිසාම බව පැහැදිලිවේ.

    තවද, කඩොලාන, මුහුදු තෘණ, කලපු ජලය වැනි පරිසර පද්ධතින් (Coastal Habhitats) වලට මෙම අපජලය හා අපවිත්‍ර ද්‍රව්‍ය (ප්ලාස්‌ටික්‌/ෆයිබර්) වැනි දේ මුදා හරින බැවින් තර්ජනයට මුහුණ දී තිබේ.

    මීගමවු කලපු ආශ්‍රීතව ප්‍රමාණවත් යටිතල පහසුකම් විශේෂයෙන් නිවාස සඳහා සනීපාරක්‌ෂක පහසුකම් නොමැති වීම මෙම කලපු දූෂණය වීමට හේතු සාධක වේ.

    පසුගිය වර්ෂ ගණනාව මුළුල්ලේම රජය විසින් මෙම මීගමු කලපුව පරිසරය රැකගැනීම විවිධ වූ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති නමුත් මීගමුව කලපුව ආශ්‍රිතව වෙසෙන ධීවර ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනතාවගේ පුර්ණ කැපකිරීම හා උනන්දුව මෙම කලපු පරිසර පද්ධතිය රැකගැනීමට අත්‍යාවශ්‍ය වේ.

    ලෝක පරිසර දිනය සමරන අද වැනි දිනක මෙම මීගමුව කලපුව වැනි ජාතික ස්‌වභාවික වෙරළ පරිසර පද්ධතිය රැකගනිමින් කලපු පරිසරයේ උපරිම ප්‍රයෝජන ලබාගැනීම තුළින් නව ජීවනෝපාය නංවාලීමට කලපුව භාවිතා කරන ධීවර මෙන්ම සාමාන්‍ය කලපු ආශ්‍රිත ප්‍රජාවගේ ජාතික වගකීමක්‌ වන බව සිතිය යුතුය.


    ගාමිණි හේවගේ
    අධ්‍යක්‍ෂ
    වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව
     
    • Like
    Reactions: somalal

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ප්ලාස්ටික් වලට වඩා කලපුව ආශ්‍රිත කඩොලාන පද්ධතිය විනාස කරන්නෙ අනවසර ඉදිකිරීම් වලින් බං.


    හයිවේ ඒක කලපුව මායිම දිගේ ගහල ඒ පැත්තේ තිබ්බ කඩොලාන පද්ධතියම විනාස කරා ,

    කටුනායක එක්සිට් ඒක කිට්ටු වෙද්දි බලපන් දැන් කලපුව එක්ක කඩොල් ගස් කීයද තියෙන්නෙ කියල .



    ඊට පස්සේ මේන් රෝඩ් ඒක දිගටම තියෙන රෙස්ටෝරන්ට්ස් ටික ,
    ඔක්කොම කඩොලාන පද්ධතියම විනාසම කරලා ,

    කලපුවේ ගට්ටටම කොන්ක්‍රීට් දාල හදල , අනිවා අනවසර ඉදිකිරීම් ,

    එත් ඉතිං ලංකාවේ නීතිය අදාල පොඩි මිනිහට විතරයි නෙ ,

    පහල තියෙන්නෙ කීපයක් විතරයි,

    තව දිගටම ගොඩක් ඒවා තියෙනව.



    HUSH



    88021867.jpg


    Nayomi's Water Front



    AF1QipP0t4s1zgYwPlkKQaoZIE5gwaPz3AifLDviuJhU=s1600-h380




    Mermaid



    dsc-0844-1-largejpg.jpg


    Grandeza (Nimal Lanza ge :rolleyes: )



    general_pool_1.jpg
     
    Last edited: