මම දන්න සිද්දි ටිකක් කියන්නම්.
1. මෙයා ටයිල් බාස් කෙනෙක්. මෙයාට අංගොඩ ඉස්පිරිතාලේ ළගින් ගත්ත සුවිප් එකකට ලක්ෂ 10ක් ඇදිලා. මේ මනුස්සයා කාලා බීලා නාස්ති කරගෙන. ඌම කියනවා ගත්ත සල්ලි වලට උනේ මොකද කියලා හිතා ගන්නවත් බැරි උනා කියලා.
2. අනිත් එකා ස්වීප් විකුණන දාර බේබද්දෙක්. හැබැයි මේ සිද්දිය වෙන්නේ ස්වීප් එක රු 10ට තිබුන කාලේ. ඒ කියන්නේ 2004දි වගේ මට මතක හැටියට. මූ රෑ වෙනකලුත් ස්වීප් විකුනලා. කොහොම හරි අන්තිමට 4ක් ඉතුරු වෙලා. මූ ස්වීප් විකුණන්නෙත් බාර් එක ළ්ගමයි. මූ අදුරන එකෙක්ට අන්තිම 4 ගන්න කියලා. ඌ ඕවා ඇදෙන්නෙ නෑ කියලා ගිහින්. බාර් එකත් වහන්න ළග නිසා මූ ඒ ස්වීප් 4 සාක්කුවේ දාගෙන, බාර් එකට ගිහින් කාලකුත් අරන් ගෙදර ගිහින්. කොහොම හරි ඒ 4 අතරේ තිබුන ස්වීප් එකකට ලක්ෂ 20 ඇදිලා තිබුනා. ඒක ජයමල්ලද , නැත්නම් වෙනත් දිනුමක්ද කියන්න දන්නෙ නෑ. මොකද රු10ට ස්වීප් තිබ්බ කාලේ ලක්ෂ 20ක් කියන්නේ සෑහෙන ගානක්. මූ මුලින්ම කරලා තියෙන්නේ ස්වීප් එක ගනන් බෑ කියපු එකාට ගිහින් ටිකට් එක පෙන්නලා හිනා වෙලා.ඊට පස්සේ කොළඹ ගිහින් සල්ලි අරන් තිබුනා. මූ කොහොම හරි මාස ගාණක් ස්වීප් විකුණන්නෙ නැතුව කාලා බීලා ජොලි කරලා. නැන්දම්මයි ගෑනියි ත්රීවිල් එකක් අරන්, ගෙදර හොදට හදාගමු කියද්දිත් මූ ඒවා නාස්ති කරල. ඒකාලේ වීල් එකකුත් ලක්ෂ 2-3 වෙද්දි ගන්න පුලුවන්. අඩූම තරමේ මුගෙ පොඩි එකා බැට් එකක් ඉල්ලලා. ඒක අරන් දීලවත් නෑ. අන්තිමට මූ ලක්ෂ 20ම ඉවර කරා. අන්තිමට සල්ලි නැති නිසා මූ ආයේ ස්වීප් විකුණන්න පටන් ගත්තා. දැනට මාස 4කට විතර කලිනුත් පොරව දැක්කා. දැන් නම් හෙන වයසයි. දැන් ස්වීප් කූඩුවක් ඇතුලට වෙලා ස්වීප් විකුනනවා. පව් ඉතින්.
3. තව සිද්දියක් තියනවා. මේක වෙලා තියෙන්නෙ අවිස්සාවෙල්ල පැත්ත්තේ. මූ ප්රසිද්ධ ඉදිකිරිම කම්පැනියක labour කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි මූ වැඩ කරපු තැන නවතින්න දීලා තිබුන ගෙදර ළග ගෙය්ක් හදන්න පටන් අරන්. මේ ඉඩමේ අයිතිකාරයා ගේ හදන් කලින් වත්ත සුද්ද කරලා, ටොයිලට් වලක් කපාගනන් කෙනෙක්ව හොයලා. මූත් දවසේ කුලියට කරලා දෙන්න කැමති වෙලා. කොහොම හරි වැඩ නැති දවස්, නිවාඩූ දවස් බලලා මූ වත්ත එලිකරලා, ඊට පස්සේ ටොයිලට්වලත් කපලා. කොහොම හරි වල කපනකොට මූට මැනිකක් සෙට් වෙලා. ත්ව පොඩී ඒවත් සෙට් වෙලා. මූ කොහොම හරි සේරම ටික සද්ද නැතුව අරගෙන. අයිතිකාරයත් ළග පාත නෑ. කවුරුත් මූත් එක්කත් නෑනේ. සීන් එක කාටවත් නොදැනෙන්න මූ ගේම ගහලා. කොහොම හරි අර ටික විකුණලා කෝටි 5ක් අරගෙන 2010දි. ඒත් බන් මේ ගෝතයත් බීලා නස්ති කර ගත්තා. හැබැයි ගෙදර ස්ලැබ් එක දාලා ටීකක් පිලිවෙල කරගත්තා. ටයිල්වත් ඇල්ලුවේ නෑ. කොහොම හරි ඉඩමේ අයිතිකාරයටත් මේකා අරංචිවෙලා ඇවිත් ලොකු කේස්වගයක් ගිහින් තිබ්නා. මූ බොනකොට මැනික් ලැබුන විදිය ගොනා වගේඅනිත් උන් එක්ක කියවනවා. කොහොම හරි දැන් මූ එක්තැන්වෙලා. හැමෝම කියන්නේ ඉඩමේ අයිතිකාරයා විනයක් කරලලු.(ඇත්තද බොරුද දන්නෙ නැ)
සිංහලුන්ට සල්ලි ලැබුනම ඒවා මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ