මීතොටමුල්ලෙ මැරුන මිනිස්සු ගැන දුකක් නැද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මීතොටමුල්ලෙ මැරුන මිනිස්සු ගැන දුකක් නැද

    මීතොටමුල්ලෙ මැරුන මිනිස්සු ගැන දුකක් නැද්ද හිත් උනුවෙන් නැද්ද

    ඉස්සර ආපදාවකින්,බෝම්බෙකින් මිනිස්සු මැරුනම මිනිස්සු දුක් වෙනවා,,බජව්,,ම්යුසිකල් ටීවි වල රේඩියෝ වල අඩු කරනවා..

    ආරන්චි විදිහට ගොඩක් මේකෙන් නැති වෙලා..නමුත් මිනිස්සුන්ට ගානක් නෑ
    මනුස්සකම මිය ගිහිල්ලද,,ආත්මාර්ථකාමිබව ඉහවහ ගිහිල්ලද

    තමන්ටම වෙන්න ඕනෙද දුකක් කනගාටුවක් ඇතිවෙන්න
    සත්තු නොවී මිනිස්සු විදිහට ඉපදුනා කියල වෙනසක් නැද්ද...හැගීමක්,,යුතුකමක්..නැත්තෙ ඇයි

    ජාති ආගම් කුල මල මොනා උනත් මිනිස්සු මිනිස්සු හැටියට හැගිමක් තියෙන්නෙ ඕන නේද



     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    දුකයි තමා ඒත් මෙන්න මේකයි ඔතන අැත්ත තත්වේ..


    ඔකුන් යන්නේ න බන් ඔතනින්. ගිය පාර 2014 විතර ගොටා ඔය මිනිස්සුන්ට ගෙවල් දෙන්න ලැස්ති උනා කුනු ප්‍රශ්නෙට වඩා ඔය අසික්කිත ජිවන රටාව නවත්තලා කොලඹ මනුස්ස පාට කරන්න. ඔකුන් කැගැහුවා හම්බන්තොටින් ගෙනත් පදින්චි කරන්න හදනවා කොලඹ අපි කොහෙවත් යන්නේ නැ මෙවා දාලා කියලා. දැන් ඉරා ගත්තනේ.. කුනු කන්දේ ප්‍රශ්නේ වෙනයි. ඔකුන්ගේ ගෙවල් දාල නොයන ප්‍රශ්නේ නම් කුනු කන්දෙන් සයිඩ් බිස්නස්. නහයක් නෙමෙයි බන් කොටින්ම අපායක්. හවසකට ගිහින් බලහන්කො. ඒත් උන් යන්නෙ නැ.

    ඔව් බන්. දැන් රනිල්ගෙයි මයිත්‍රිගෙයි පලු යවයි. හැබැයි ඔකට වැඩක් නැ එකෙක්ගෙවත් පලු යවල. ඔය මිනිස්සුන් ඔතනින් යන්නේ නැ. උන් කුනු කන්ද අයින් කරන්න දෙන්නෙත් නැ. දැන් ඔතන මැරුනු උන්ගේ උන් දැත් බදාගෙන අඩයි කුනු අයින් කරන්න කියලා. හැබැයි ඔක අයින් කරන්න සෙට් උනොත් ගමේ උන් ඉඩ දෙන්නේ නැ. කුනු කන්ද අයින් කරනවට වඩා ලාබයි ඔතන මිනිස්සු අයින් කරන එක ගොටා හැදුවේ ඒක කරලා ඔතන සදහටම කුනු කේස් එකට ගන්න. කවුරු මොනවා කිව්වත් කුනු මේ අපේ ගම්වල එකතු වෙන ගානට නෙමෙයිනේ බන් කොලඹ එකතු වෙන්නේ. ලක්ශ ගානක් උන් එනවා යනවා. වතුර බොතලයක් බීලා විසික් කරත් ඒකත් කුනු නේ. කුනු එකතු වෙන එක වලක්වන්න සක්කරයටවත් බැ. එකතු වෙන කුනුවලට කරන දේ තමා වැදගත්. ඒක කරන්න දෙන්නේ නැ ඔතන බිස්නස් එක කරන උන්. උබ කියන්නේ 11ක් මැරිලා ගෙවල් කැඩුනහම, ඔක සම්පූර්න දේශපාලකයොන්ගේ වැරැද්ද් නම් ඔකේ උන් නිකා ඉදියි. අර සාගල කාරය එහෙම ගියාම එහෙනම් ඇට තලයි මීතොට මුල්ලේ උන්. සද්ද නැතුව ඉන්නේ උන් දන්නවා උන්ගෙත් අවුලක් තියන බව.

    ඔය සීන් අපි ඇස් දෙකට් දැක්කා බන්. මීට මාසෙකට වගේ උදදි මේ වගේම ත්‍රේඩ් එකක් ගියාම මම ඔක කිව්වා වැඩි කල් යන්නේ නැ ඔය කන්ද නාය යනවා කියලා. මෙගා පොලිස් සීන් එකෙන් ස්මර්ට් සිටි අනන් මන් ප්‍රොජෙක්ට් වලට පාටලිකාරයා ඔය කන්ද ගැන ප්‍රොජෙක්ට් ඉල්ලුවා. අපිත් දන්න විදියට් ගොඩ වෙලා බැලුවා කොරන්න දෙයක් තියනවද කියලා. එහෙම ඉන්වෙස්ට් කරල කරන්න තරම් දෙයක් නැ බන්. දැන් තියෙන්නේ ලෙයර් හැටියට පොලිතින් උඩ පස් තට්ටු. ඒ පස් තට්ටු පොලිතින් උඩින් එහෙට මෙහෙට ලෙස්සලා යනවා. ඇයි බන් දිරන ජාති ඔක්කොම දිරලා ගොඩ ගැහෙන්නේ පොලිතින් තට්ටුව උඩ. ඊට උඩින් ආයේ පොලිතින් වැටුනහම ටියාර ලේයර් කේක් වගේ තට්ටු පිටින් ගැලවෙන එක ආයේ අහන්නදෙයැක්යැ.

    ඔක පුච්චලා පොර හදලා පෙට්‍රල් හදලා ඒ මනස්කාන්ත කතා බන්. එහෙම කරලා ලාබ ගන්න සීන් බැ. පුච්චනවනම් හයි හීට් එකෙන් පුච්චන්න ඔනා, ඔතන එහෙම පුච්චන්න දෙයක් වෙන් කරන්න බැ බන්. ගොඩක් තියෙන්නේ පස් එක්කලා පොලිතින්. එහෙම වෙන් කරලා පුච්චන්න යන ගාන ගොඩක් සැරයි. අනික පුච්චන්න බැ නිකන් වෙන ඉන්දනයක් මගින් තමා කුනු පුච්චන්න වෙන්නේ හයි හීට් එකේ ෆර්නස් එකක මුකුත්ම ඉතුරු නොවෙන්න. ඔකට අපි නම් කියපු විසදුම තමයි නිව් යොක් වල කලා වගේ. ඔක අවුරුදු 20-30ක ප්‍රොජෙක්ට් එකක් හැටියට කෘතිම බූමියක් හදන්න යොදාගන්න කියලා. ඒ කියන්නේ ඩුබායි උන් මූදේ වැලි පුරවලා දූපත් හදනවා වගේ. බේස් එකකට වැලි පුරවල. ඒක උඩ ඔය කුනු දාලා අවුරුදු 20-30 සෙට් වෙන්න අරින්න. ඊට පස්සේ ඔක තනිකරම බිල්ඩින් ගහන සයිස් එකේ හරි වගාවක් කරන සයිස් එකේ හරි ඉඩමක්.. එතකොට ඉඩම් ප්‍රශ්නෙත් ගොඩ යනවා. මුලින් ඔකට මුදේ ගොඩ කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා මුන් ඒකල පැත්තේ වගුරක් ගොඩ කරන්න සෙට් උනා. ඒක ඊට හපන් කේස් එකක්. වගුරුබිම් ගොඩ කරනවා කියන්නේ ගන්වතුර එන සීන් එකක්නේ. ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඔය අස්සෙ ගෙවල් හදන් ඉන්න උන් භාගෙට භාගයක් ජීවත් වෙන්නෙ ඔය කුණුගොඩෙන් බන්
    ප්ලාස්ටික්, කඩදාසි එකතු කරන සෙට් එකක් ඉන්නවා
    ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන උන් තව සෙට් එකක් ඉන්නවා
    කුණු අස්සෙ කුඩු, ගංජා, තුවක්කු, බෝම්බ ගහන සෙට් එකක් ඉන්නවා
    ඉතින් ගොඩක් උන් කැමති නැහැ ඕක අයින් වෙනවට

    :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෝම්බෙකිං ගොඩක් වෙලාවට මැරෙන්නෙ තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන මිනිස්සු ඔය පැති වල බහුතරය ඉන්නෙ කුඩු කාරයොයි රස්තියාදු කාරයොයි හොරුයි කියලයි සමාජ සම්මතේ තියෙන්නෙ ඒ නිසා එහෙම උන් මලාට බහුතරය දුක් වෙන්නෑ :no: :no:
    මං ගැන කියනව නං මට දුකයි ඔහොම උන් එක පාර දෙතුන් දාහක්වත් මලේ නැති එකට :( :(
    මොනව කරන්නද ආයෙ වතාවක් කඩං වැටෙන්න කියල ප්‍රාර්ථනා කරනව එහෙම උන්ගෙ ඇඟට :yes: :yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    පව් ඉතින් පොඩි ලමය්ත් මැරිල
    අර අය්ය කෙනෙක් කියල තියෙන කතව කියෙව්වම නන් පිස්සු වගෙ
    ඇත්ත වෙන්න්ත් ඇති සමහර විට
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බෝම්බෙකිං ගොඩක් වෙලාවට මැරෙන්නෙ තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන මිනිස්සු ඔය පැති වල බහුතරය ඉන්නෙ කුඩු කාරයොයි රස්තියාදු කාරයොයි හොරුයි කියලයි සමාජ සම්මතේ තියෙන්නෙ ඒ නිසා එහෙම උන් මලාට බහුතරය දුක් වෙන්නෑ :no: :no:
    මං ගැන කියනව නං මට දුකයි ඔහොම උන් එක පාර දෙතුන් දාහක්වත් මලේ නැති එකට :( :(
    මොනව කරන්නද ආයෙ වතාවක් කඩං වැටෙන්න කියල ප්‍රාර්ථනා කරනව එහෙම උන්ගෙ ඇඟට :yes: :yes:

    :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දුකයි තමා ඒත් මෙන්න මේකයි ඔතන අැත්ත තත්වේ..
    ඔන්න ඔකයි තත්වේ මචන්. දුකයි තමයි මනුස්ස ජිවිත ගැන. ඒත් විහින් නහිනවා නම් මොනවා කරන්නද?
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඇත්ත කතා&#3520

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඇත්ත කතාව

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දෙපැත්තම වැරදි :) වැස්ස කාලෙට ලාවට ගඳක් එනවා අපේ ගෙවල් පැත්තටත්.. ඒ අපි හද්ද ඈත ඉඳලා.. කුණුගොඩ ගාව ඉන්න උන් කොහොම ඉන්නවද මන්දා :baffled: