මීපැණි වල පොඟවන ලද නෙල්ලි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මීපැණි වල පොඟවන ලද නෙල්ලි

    මීපැණි වල පොඟවන ලද නෙල්ලි අනුභව කරොත් ලැබෙන විශ්මිත වාසි මෙන්න

    පලතුරු වලින් සුපිරිම පළතුරක් වන නෙල්ලි වල ඇති සුවිශේෂී ගුණාංගයන් නිසා ආයුර්වේදය තුල එය ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටිනවා. නෙල්ලි සහ මීපැණි එකට අනුභව කලොත් විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම ඔබට ලබාගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

    [FONT=Malithi_Web]සම වයසට යාම වළක්වනවා
    නෙල්ලි සහ මීපැණි යනු අකල්හී වයසට යාම කියන තත්වය වළක්වාලමින් ඔබේ සම පෝෂණය කරන ඉතාමත්ම ගුණදායී සංයෝගයකි. එය පරිභෝජනය කරන විට ඔබේ සමට ස්වාභාවික දීප්තියක් ලැඛෙන අතර සම නැවත පුනර්වර්ධනය වීමක්ද සිදුවෙනවා. මීපැණි වල පොගවන ලද නෙල්ලි තේ හැන්දක් දිනපතා පරිභෝජනය කරනවානම් ශරීරය තිරිහන් කරගන්නට ඔබට පුළුවන්. සමහරු නෙල්ලි වියලා කුඩු බවට පත්කර ගබඩා කරගැනීමටද පුරුදුව සිටිනවා. අවශ්‍ය නම් එම කුඩු වලින් තේ හැන්දක් මීපැණි ස්වල්පයක් සමග උනත් ඔබට පරිභෝජනය කලහැකියි.

    සෞඛ්‍ය දෝෂයන් සඳහා
    මීපැණි වල පොගවන ලද නෙල්ලි අනුභව කරනවිට බොහොමයක් ලෙඩ රෝග වලින් ඔබව ස්වාභාවිකවම ආරක්ෂා වෙනවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරමින් සෙංගමාලය කියන සෞඛ්‍යය තත්වයට ප්‍රතිකාර කිරීමේ සුවිශේෂී හැකියාවක්ද ඊට තිඛෙනවා. ඊට අමතරව ශ්වාසනාලිකා ප්‍රදාහය, ඇදුම සහ අනෙකුත් ශ්වසන දෝෂ සඳහාද මෙම සංයෝගය දිව්‍යමය ඖෂධයකි. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් නෙල්ලි සහ මීපැණි අනුභව කිරීමේදී ශරීරයේ ඇති ෆ්‍රී රැඩිකල්ස් උදාසීන වන නිසා පිළිකාවන් වැළඳීමද වැළකෙනවා.

    ආසාදනයන් ඇතිවීම වැලැක්වීම
    මෙම සංයෝගයටම ඉගුරු යුෂ ස්වල්පයක් එකතු කරගත්තොත් කැස්ස සහ උගුරේ ඇතිවෙන නොරිස්සුම් තත්වයන් සඳහා ක්ෂණික සහනය සලසා ගන්නට ඔබට පුළුවන්. මීපැණි වල සහ නෙල්ලි වල බලවත් ප්‍රතිබැක්ටීරියාකාරක ගුණාංගයක් අන්තර්ගතව තිඛෙන නිසා අසාදන තත්වයන් සමග හොඳින් සටන් කිරීමේ පුදුමාකාර හැකියාවක් ඊට තිඛෙනවා.

    ජීරණ දෝෂයන් සඳහා
    ආහාර ගැනීමට පෙර මෙය පරිභෝජනය කිරීමෙන්, ජීරණය වැඩිදියුණු වෙන අතර ආහාර රුචිය වැඩිවීමක්ද සිදුවෙනවා. මලබද්ධය නිසා ඇතිවෙන වේදනාව වගේම ඖෂධ ලබාගන්නා විට ඇතිවෙන වේදනාව සමනය කිරීම සඳහාද මෙම සංයෝගයට ඇත්තේ සුවිශේෂී හැකියාවකි.

    විෂහරණය
    විටමින් සී වලින් පොහොසත් නෙල්ලි මීපැණි සමග සංයෝග වන විට ඔබේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය වඩාත් හොඳින් ඉවත් කිරීමේ හැකියාවක් ඊට ලැඛෙනවා. වතුර සහ මීපැණි එකතුකොට සකසාගත් නෙල්ලි යුෂ එකක් උදෑසන පානය කරනවානම් ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය බර අඩුවෙනවා.

    ප්‍රජනන දෝෂයන් සඳහා
    නෙල්ලි සහ මීපැණි නිතර පරිභෝජනය කරනවිට කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ප්‍රජනන දෝෂයන් සමනය වෙනවා. ඊට අමතරව මාසික ආර්තවයේදී සිදුවෙන මස්පිඩු පෙරලීම කියන තත්වය සමනය කිරීමේ සහ අවිධිමත් ආර්ථවය කියන තත්වයට ප්‍රතිකාර කිරීමේ සුවිශේෂී හැකියාවක්ද ඊට තිඛෙනවා.

    හිසකෙස් වල දෝෂයන් සඳහා
    නෙල්ලි යනු හිසකෙස් නිෂ්පාදන සඳහා භාවිතා කරන ප්‍රසිද්ධ අමුද්‍රව්‍යයකි. දුර්වල හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහ අවර්ණවී ඇති හිසකෙස් මෘදු සහ දීප්තිමත් කරගැනීමට ඔබ කලයුතු වන්නේ මීපැණි සහ නෙල්ලි සාරය හිසකෙස් වල ගැල්වීම පමණයි.

    කුඩා දරුවන් සඳහා
    පිරිසිඳු නෙල්ලි ගෙඩි මීපැණි වල ගිල්වා තබනවානම් බොහෝ කාලයක් තබාගන්නට ඔබට පුළුවන්. ටික කලක් යන විට එය ජෑම් වැනි ස්වභාවයකට පත්වෙන නිසා ඔබේ කුඩා දරුවා එය රසකර අනුභව කරාවි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ඔබේ දරුවාගේ ඇස් වල පෙනීම වැඩිදියුණු කරන විටමින් සහ ඛනිජ වර්ග එහි බහුලවම අන්තර්ගතව තිඛෙනවා.

    මීපැණි වල පොගවන ලද නෙල්ලි අනුභව නොකරනවානම් ඉන් ඔබට සිදුවෙන්නේ විශාල පාඩුවක් බව මෙය කියවන විට ඔබට අවබෝද වෙන්නට ඇති. එම නිසා අදම නෙල්ලි සහ මීපැණි සංයෝගය අනුභව කිරීමට ඔබත් පුරුදු වන්න.
    [/FONT]
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඕව කළු කොට කැත සින්ඝලු රවට්ටන්න හදන කථා මාත් බඩ අඩුවෙන්න කියල මීපැණි සුදුලුනු කැවා මාස තුනක් අපිරියාවේ බැ but කොහොම හරි කැවා මෙලෝ මගුලක් උනේ නැ සල්ලි අපරාදේ
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව කළු කොට කැත සින්ඝලු රවට්ටන්න හදන කථා මාත් බඩ අඩුවෙන්න කියල මීපැණි සුදුලුනු කැවා මාස තුනක් අපිරියාවේ බැ but කොහොම හරි කැවා මෙලෝ මගුලක් උනේ නැ සල්ලි අපරාදේ

    කවුද උබට කියුවෙ බන් බඩ අඩුවෙනව කියල :lol: ඕකෙන් කොලොස්ට්‍රෝල් නම් අඩු වෙනව.. :yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඕව කළු කොට කැත සින්ඝලු රවට්ටන්න හදන කථා මාත් බඩ අඩුවෙන්න කියල මීපැණි සුදුලුනු කැවා මාස තුනක් අපිරියාවේ බැ but කොහොම හරි කැවා මෙලෝ මගුලක් උනේ නැ සල්ලි අපරාදේ


    Bara adu karaganna one nan ra ta la rasne unu wathurata Mee peni+dehi dala bonna. Hebei bada witharak newei mulu egama tika tika adu wenawa. masayak karala balanna. Samaharu kiyanawa ohoma kalama le pichchenawa kiyala. Eka nan man danne na.


    කවුද උබට කියුවෙ බන් බඩ අඩුවෙනව කියල :lol: ඕකෙන් කොලොස්ට්‍රෝල් නම් අඩු වෙනව.. :yes:

    :yes::yes::yes: