මීමුරේට කාපට් පාරක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මීමුරේට කාපට් පාරක් තැනීම අරඹයි..

    maxresdefault-2.jpg


    දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්‍රවේශවීමට ඇති මාර්ගයේ හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට මීමුරේ දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීම 2021 ජනවාරි 17 වන දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    මෙහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 13 ක් වන අතර මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 235 කි. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යට‍තේ NEM කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ පරිසර පද්ධතියට හා එහි ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන ලෙස මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මීමුරේ වැසියන් කාලයක් තිස්සේ මෙම මාර්ගය සංවර්ධනය කරන දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය සිදුකරන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

    එම මාර්ගය 2013 වසරේ එවකට හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය සෑදීම ආරම්භ කර කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ නමුත් 2015 යහපාලන රජය පත්වීමෙන් අනතුරුව එහි වැඩකටයුතු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමන ලදී නැවත 2013 වසරේ ආරම්භ කළ මාර්ග සංවර්ධන ක්‍රියාවලියේ දිගුවක් ලෙස වර්තමාන රජය අද මෙය ආරම්භ කරනවා.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා , මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඩුගල්ල , මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් භාර අධ්‍යක්ෂ විජයපාල, ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    මාධ්‍ය ඒකකය
    මහාමාර්ග අමාත්‍යාංශය

    ටොයියා නී මෙන්න මෙහෙ වරෙව් 🤩🤩
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඇමරිකාව අමරිගෝ වෙස්පුචි හොයාගත්ත වගේ මීමුරේ හොයාගත්තේ සෝමරත්න දිසානායක ...එනිසා ඔය පාර සෝමරත්න දිසානායක නමින් නම් කරමු ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ටොයියා නී මෙන්න මෙහෙ වරෙව් 🤩🤩
    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ ටෝයියනේ මෙන්න මෙහෙ වරෙව්

    මෙන්න මෙහෙ වරෙව් බයියනේ නට නටා වරෙව්
    තොපිට හරිම වාසියක් නට නටා වරෙව්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීමුරේට පාර හදන්ඩත් අපේ ආණ්ඩුවක් එනකන් ඉන්ඩ උනා ,ගුපියො අවුරුදු 5ක් ආණ්ඩු කරාට හදපු දෙයක් නැනෙ අඩුම ගානෙ පාලම් බෝක්කුවත් හදාගන්ඩ බැරි උනා කාලකන්නි හැත්ත .
     
    • Haha
    Reactions: 2osama

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇමරිකාව අමරිගෝ වෙස්පුචි හොයාගත්ත වගේ මීමුරේ හොයාගත්තේ සෝමරත්න දිසානායක ...එනිසා ඔය පාර සෝමරත්න දිසානායක නමින් නම් කරමු ...
    Koi kaleda danne oya?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මීමුරේ ගමන නියම ආතල් එක ඔය දුෂ්කර පාරේ ඔය විදියටම යන එකේ කියලයි මමනම් හිතන්නේ.....
    ඔවු ගැස්සෙන එකෙත් ආතල් එකක් තියෙනවා මචං . ඒත් ගෙදර තියෙන්නේ Jeep එකක් නෙවෙයි නම් ගමන අත අරින්න වෙනවා . යන්න පුළුවන් වාහන වල උණත් ටයර් නම් ගිහිල්ලා අපුවහම ගන්න දෙයක් නැහැ 😬
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    Koi kaleda danne oya?
    2004 සුරිය අරණ ෆිල්ම් එකෙන් පස්සේ තමයි කළු කොට කැත සින්හල්ලු මි මුරේ යන්න පටන් ගත්හේ එතකල් ඕකුන් ඔහොම ප්‍රදේශයක් ලංකාවේ තියනවා කියලවත් දන්නේ නැ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4 X 4 experience eka ganna wenney naha meeta passey :baffled:
    ඒ ගමේ ජිවත් වෙන අහිසක මිනිස්සුන්ට ඔය 4*4 නැනෙ, ඒ මිනිස්සුන්ට අඩුම.ගානෙ බයිසිකයක යන්ඩ හරි පුලුවන් වෙන්ඩ පාර හදල දෙන්ඩ ඕන..
     
    • Like
    Reactions: me2cool

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    එම මාර්ගය 2013 වසරේ එවකට හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය සෑදීම ආරම්භ කර කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ නමුත් 2015 යහපාලන රජය පත්වීමෙන් අනතුරුව
    අනේ බන්, නාකි මයිනා අවුරුදු 2 කටම කිලෝමීටර් 3ද හදල තියෙන්නේ? දවසට මීටර් 4 ගානේද හදල තියෙන්නේ?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,854
    113
    හෝම් ස්වීට් හෝම්
    end of Meemure village life.... :(
    ඒක ඉවර උනේ සෝමේ අංකල් ෆිල්ම් එක හදපු දවසේ ඉදං
    හැබැයි දැන් නං පාර හදන්නේ ගස් ටිකක් කපාගන්න මිසක් මීමුරේට ඇති ආදරේකට නෙවේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඒ ගමේ ජිවත් වෙන අහිසක මිනිස්සුන්ට ඔය 4*4 නැනෙ, ඒ මිනිස්සුන්ට අඩුම.ගානෙ බයිසිකයක යන්ඩ හරි පුලුවන් වෙන්ඩ පාර හදල දෙන්ඩ ඕන..

    Eka aththa.. api yanne awuruddata sarayayi naththan desarayayi..
     
    • Like
    Reactions: erozan