මීයාව ඔබනවද?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබ පරිගණක මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද??

    එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු කරන ලදි.


    Chamikawpblogspotcom11_zpsdb879aa7.jpg


    පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී ඔහු අභාවප්‍රාප්ත වුනා...

    මේ මවුසයේ අතීතය ඔහු වෙනුවෙන් කල සොයා බැලීමක්..
    තොරතුරු පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ...
    කියවලා බලන්න අදහසක් දක්වන්න..

    වර්තමානයේ මවුසය යනු පරිගණකය හා සම්බන්ධම කොටසක් වුවත් අතීතයේ මවුසයක් පරිගණකය හා සම්බන්ධව තිබුනේ නැති අතරම ග්‍රැපිකල් මුහුනතක්ද තිබුනේ නැත.සියලු දත්ත ඇතුලත් කිරිමට තිබුනේ යතුරු පුවරුව පමනි.

    මවුසයක් පිලිබඳ අදහසක් ගෙන දෙන එම ආකාරයේ මුල්ම යන්ත්‍රය නිපදවනු ලැබුවේ 1952 දී Tom Cranston හා Fred Longstaff යන දෙපල විසින් කැනේඩියානු නාවික හමුදාව වෙතයි.
    Chamikawpblogspotcom1_zpsb61b3d5b.jpg

    එයට විශාල බෝලයක් යොදාගෙන තිබු අතර එය Track Ball ලෙස හදුන්වන ලදි.

    1963 දී පරිගණකයේ මවුසය නැමැති අද අපි භාවිතා කරන කොටස Stanford Reserch Institute තුලදී සොයා ගනු ලැබුවේ Douglas Carl Engelbart විසිනි. 1961 දී මවුසය පිළිබඳ අදහසක් ඔහුට පැමිණ තිබුනේ පරිගණක ග්‍රැපික් ශිල්පය පිළබඳ වු රැස්වීමක සිටියදීයි.
    Bill English හා කටයුතු කරයමින් අවසානයේ ඔහු ලී කවරයක් තුල තැනු ලොව ප්‍රථම මවුසය ලියෙන් තැනු කුඩා පෙට්ටියක් තුල යකඩ රෝද දෙකක් හා කුඩා විදුලි පද්ධතියකින් හා රතු බටනයකින් සමන්විත ව 1968 දී Fall Joint Computer Conference හීදී ලොවට ඉදිරිපත් කරන ලදි.එය Xහා Y ​සහිත අක්ෂ ක්‍රමයකින් ක්‍රියාත්මක වන ලදි.

    Chamikawpblogspotcom2_zps05650485.jpg

    අනේ අපොයි!! අවුරුදු 56 කදී “හාඩ් ඩිස්කයට“ වුන පෙරලියක හැටි...

    ඊට අවුරුදු අටකට පසුව එනම් 1972 දි ඔහු හා එකතුව වැඩ කල

    Bill English බෝල මවුසය ලෙස එය දියුනු කරන ලදි. එකල ඔහු සේවය කලේ Xerox Parc විද්‍යාගාරය හා එකතුව වු අතර එය ඔවුන් නිපද වු කුඩා පරිගණකයේ ප්‍රධාන කොටසක් වුනා.

    Xerox Alto Computer System නම් වුන එහි භාවිතා කිරීමට පහසු තිරයක් සහිත වුනා.

    Chamikawpblogspotcom3_zps13759847.jpg


    ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different

    1980 පසුව මවුසයේ ඉතා ඉක්මන් දියුණුව උදාවුන අතර දුවිලි නිසා නිතර ලෙඩ වන බෝල මවුසය වෙනුවට ඔප්ටිකල් මවුස හදුන්වා දුන්නා...
    Chamikawpblogspotcom4_zps4ca1601d.jpg

    Chamikawpblogspotcom6_zps81d381ec.jpg

    ඔබ විශ්වාස කරනවාද?? 1991 දී ප්‍රථම වයර රහිත මවුසයක් Logitec සමාගම හදුන්වා දුන්නා.
    එය Mouseman Cordless ලෙස හැදින්වුවා.

    Chamikawpblogspotcom7_zpsef0711b3.jpg

    අදවන විට එය වඩාත් දියුණු තත්වයට පත්ව ඇත. ප්‍රධාන පරිගණක සමාගම් විවිධාකාර මවුසයන් සොයා ගැනීම වෙළඳ පොලට ඉදිරිපත් කරමින් සිටී.


    Chamikawpblogspotcom8_zps4b56b6ab.jpg

    Chamikawpblogspotcom9_zps55b99fc3.jpg





    Chamikawpblogspotcom10_zps523e2c02.jpg

    මේ තියෙන්නේ විවිධ ආකාරයේ අමුතු වර්ගයේ මවුස් නිපැයුම්...
    Chamikawpblogspotcom5_zps7cccb56f.jpg

    පහුවෙන කොට වෙනස් වීම මේ වගේ වෙයිද මන්දා.......

    Chamikawpblogspotcom12_zpscb8e2a06.jpg

    නැද්ද මං අහන්නේ??

    උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව




     
    Last edited: