මීලඟ කොරෝනා ඛේදවාචකය ලංකාව විය හැකිය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මීලඟ කොරෝනා ඛේදවාචකය ලංකාව විය හැකිය

    ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’


    (ටී.කේ.ජී.කපිල)

    චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.

    මේ අතර චීනයේ සිට සිසුන් 173 ක් රැගෙන ගුවන් යානයක් 28 දින රාත්‍රී හෝ අද (29) අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද , එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත මේ වනතුරු පැමිණ නොමැත .

    එහෙත් ඊයේ (28) සවස 6.20 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද , එදිනම රාත්‍රී 9.05 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ අද (29) දින අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

    එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා , ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබේ .

    එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත් , වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා තිබේ.

    මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්.

    පෙරේරා මහතා මෙසේ පැවසීය . චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ , නිවැරැදි නොවන ක්‍රමයක් .

    මෙම සිසුන් කෙලින්ම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත් ,ඉන්පසුව ඔවුන් ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත් , ඔවුන් එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවත් සදහන් කළේය .

    එම කාළයෙන් පසුව එම සිසුන් වෙතින් නව කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් තම නිවෙස් වෙතත් , එවැනි රෝග ලක්ෂණ ඇති නම් එම සිසුන් අංගොඩ අයි.ඩී.එච්.උණ රෝහල වෙත ගිලන් රථ මගීන් යොමු කළ යුතු බවත් වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා සදහන් කළේය .

    මෙය දඩුවමක් නොවන බවත් , ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සදහා මෙය ඉතාමත් යෝග්‍ය බව ද වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    මීළගට චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය අද (29) රාත්‍රී 6.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම හිතන විදිහට මේ අය එන එක නවත්තන්න බෑ. ඒ වගේම මේ අයව දවස් ගානක් නිරෝදනය කරන්න පහසුකම් ලංකාවට නැත.ඒක නිසා මේ ය ගෙවල් වලට යවන්නේ:D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Originally Posted by thinking_guy View Post
    කොරෝනා වයිරසය ලංකාවට ආව කියල මම දැනගත්තෙත් අද උදේ පත්තරෙන් හිටන්.
    මේක ගැන පරීක්ෂණ කරන්න වහාම කොමිටියක් පත්කරනව.

    දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය ඇමති ඉන්නෙ ලංකාවෙ. ජනතාව බිය විය යුතු නෑ.

    උදෑසන ප්‍රවුර්ති : චීන ජාතිකයින්ට ඔන් ඇරයිවල් වීසා දීම නවතන ලෙස ජනපති නියෝග කරයි.
    රාත්‍රී ප්‍රවුර්ති : නැවතත් චීන ජාතිකයින්ට ඔන් ඇරයිවල් වීසා ලබා දීම අරබන ලෙස අගමැති දන්වයි.

    ලෙඩේ පැතිරෙයි කියල දැනගෙන හිටියත් මේ තරම් පැතිරෙයි කියල හිතුවෙ නෑ.

    අද ඉඳන් පාර්ලෙමේන්තු යන්න එපා කියල අපේ තාත්ත කිව්වා.

    උන රෝගීන්ට ප්‍රමාණවත් රෝහල් ඇඳන් පහසුකම් නැතිවීමට පසුගිය රාජපක්ෂ රජය වග කිව යුතුයි.
    රාජපක්ෂ රෙජීමයේ දුෂණ නිසා පසුගිය සමයේ රටේ සෞඛ්‍ය තත්වය දැඩි පිරිහීමකට ලක් උනා කියල
    ඔබ තමුන්නාන්සේලාට මම අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතනව.

    ඔබ තුමන්ලා දන්නව ඇති චීනය වගේ දියුණු රටකත් මේ රෝගයෙන් 300 දෙනෙක් විතර මරණයට පත් උනා.
    ලංකාව තුන් වන ලෝකයේ රටක් වෙලත් මරණ 2000 පමණයි වාර්තා උනේ. අපිට අපේ සෞඛ්‍ය ශේස්ත්‍රය ගැන
    ආඩම්බර වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මරණයට පත් වූ රෝගීන්ගේ පවුල් ගැන සොයා බලන්න විශේෂ කමිටුවක්
    පත් කරනව.