පින්වත් Sataninhell,
මම ලියුවේ AIDS/ඩෙංගු ආදිය ගැන රෝහල් ආදියේ කෙරෙන ප්‍රතිකාර ගැන කල හැකි සීමාවන් සහ ස්වරූපයන් සලකායී. ඔබ සර්වප්රකාරයෙන් රෝග නැසීමක් ගැන නම් අදහස් කලේ ඊට ඇත්තේ එකම එක ක්‍රමයයි. ඒ රෝග මූලය නැසීමෙන් පමණක්මයි. එනම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් පමණක්මයි. වෙන ක්‍රමයකින් සර්වප්රකාරයෙන් රෝග නසන්න බැහැ.
ඉතින් එසේ සර්වප්රකාරයෙන් රෝග නසන්න නම් යන්නේ ඊට ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් පමණක්මයි. ඒ අනුපූර්ව ලෙස සංයෝජන ධර්ම ප්‍රහානය කර අවසානයේ මතු නූපදින ලෙස සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ක්ෂය කිරීමෙන්. ඒ නිසයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ලෙසින් වන මාර්ගඵලයන් හිදී අනුපූර්ව සංයෝජන ධර්ම ප්‍රහානයක් පැනවෙන්නේ. එසේ අනුපූර්ව උපක්‍රමයෙන් නැතිව පළමුව තෘෂ්ණාව ක්ෂය කර ඉන් පසුව සංයෝජන ධර්ම නැසීමක් පැනවෙන්නේ නැහැ. ඊට හේතුව නම් රෝගය කුමක්ද, රෝගයට මුල කුමක්ද, රෝගය නැසීම කුමක්ද, රෝගය නසන ප්‍රතිපදාව කුමක්ද යන කිසිම දෙයක් ගැන පූර්ණ වැටහීමක් ආරම්භයේදී යම් පුද්ගලයෙකුට ඇති කර ගන්න බැරි වීමයි. ඒ නිසා අනුපූර්ව උපක්‍රමයෙන් තමයි රෝගයේ මූලය නසන්නේ.
ඉතින් ඒ ආකාරයට හිතුවොත් මීවනපලානේ හිමියන්ට උපකාර කරන්න යනවා නම් රෝග ව්‍යාප්තියට අනුරූපව වට පිටාවේ අයත් නිවැරදි කරගෙන යන අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න වෙන්නේ.
නමුත් මම පෙර කී පරිදි අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම සලකා තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ. ඔවැනි කාරණාවන්ට යොමු වන අය කාලය අකාලය සලකා බලන්නත් ඕනෑ, තමන් කරන්න යන දේ සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද ලෙස සලකා බලන්නත් ඕනෑ, වැඩ සහිත දෙයක්ද නැත්නම් වැඩ සහිත නොවේ දැයි සලකා බලන්නත් ඕනෑ, අන් සුදුසු අයගේ උපකාර ලබන්න පුළුවන්ද බැරිද ලෙස සලකා බලන්නත් ඕනෑ, ඒ කරන දේ වලින් සංඝයාගේ අරගල, කලහ ආදී නොයේක ගැටළු ඇති වේවිද නොවෙවිද ලෙස සලකා බලන්නත් ඕනෑ.
සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හැම විටම පහසු වන්නේ නැහැ. උදාහරණයකට මීවනපලානේ හිමි සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම ගැන පහත වීඩියෝව දැක්විය හැකියී. කෙටියෙන් කීවොත් සාකච්ඡාව අසාර්ථක වීම එහිදී දැකිය හැකියී. එපමණකින් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් "කැමතිනම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා" ආදි ලෙස පවසන අයෙක් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න අපහසුයි.
කෙසේ නමුත් සමහර අය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න කොහෙත්ම බැහැ. දැඩිව මිත්‍යා දෘෂ්ටියක් ග්රහනය කරගෙන මම සත්‍ය දනිමී, මම සත්‍ය දකිමී යැයි යම් අයෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අපහසුයි නිවැරදි දේ දකින්න. මෙහෙම කීවත් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් අපහසු බවක් නම් පෙනෙනවා.
එහෙම සූත්‍රයේ යමක් නොතිබූ පමණින් නොමැති කරුණක් ගැන "චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය, අන් අයට නොපැවසිය යුතුය." යන අර්ථයෙන් අවසන් නිගමනයකට යන්නේ කොහොමද? එහෙම අවසන් නිගමනයකට යන්න ප්‍රමානවත් තරම් හේතු සූත්‍රයේ ලියවිලාවත් නැහැනේ. එහෙම බැරි බවට උදාහරණයක් ලෙසනේ මම දේවදත්ත ගැන විස්තරය දැක්වූවෙ.
මම ලියූ දේ ඔබ දැක්වූ වාක්‍ය ඛණ්ඩ මතම පදනම් කර ලියන ලදැයි නොසලකන්න. එහෙම ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව මටත් පසුව වැටහුනා. නිවැරදි කරන විට නිවැරදි කෙරුනේ මම ලියූ අන්තිම ජේද දෙක පමණයි. ඉන් උඩ ජේදය නිවැරදි කරන්න අතපසු උනා. සැකෙවින් නැවත කීවොත්:
චොදනා සූත්‍රයේ ඇති කරුණු පමණක් සලකා ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමට අවකාශයක් නැත. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමටද අවකාශයක් නැත.
"හුදෙක්" යන වචනය නැතිව "එහි සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.
"හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ නොතිබෙන සුභාෂිතයක් උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ තිබෙන අන් සූත්‍ර හා විනය කරුණු උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා.
ඒ නිසා "හුදෙක්" යන වචනය නොමැතිව "චොදනා සූත්‍රයේ සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.
Skylark
මම ඉසේල්ලත් සදහන් කලේ , තමන් ලෝකෝත්තර මාර්ගයක යනවා නම් , ඊට පරිබාහිරව , අන් අය නිවැරදි කරමින්, එසේ කිරීමට අඩු අවකාශයක් ඇති තැන් වල ගැටෙමින් සිටිනවාට වඩා , එය මග හැර යාම වඩා උචිතයි කියලයි . තවත් අයෙකුට පවතින වැරැද්ද නිවැරදි කර පසුව තමන්ගේ අභිවෘධිය ගැන කල්පනා කිරීමටද හැකිය. මම එහි කිසිම අකුශලයක් , වැරද්දක් නොදකිමි. ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රඥාව අනුව ලබාගන්න අවභෝදයයි.
මා හට , මෙයට අදාල වන භික්ෂුව කෙරෙහි වැයකිරීමට කාලයක් නොමැති නිසා , මම ඒ මහන "විවේචනය " නොකිරීමට යොමුවේ. ඒ නිවැරදි ලෙස ඒ භික්ෂුවට / ඔහුගේ අනුගාමිකයන්ට වැරදි පෙන්වීමට නම් , ඊට කලින් මම ඒ භික්ෂුවගේ ධර්මය හොදින් අද්‍යනය කල යුතු නිසා සහ, මගේ දැනුම හැටියට දැනට ලබාගත හැකි නිවැරදි බුදුදහම ත්‍රිපිටකය තුල ඇතයි (එනයින් වෙන දහමක අවශ්‍ය තාවයක් හට නොගනී) යන දැකීම / අවබෝධය නිසාය යන පදනමේ සිට කරුණු ගෙන හැර දැක්වුයේ.
ත්‍රිපිටකයේ කොතැනවත් , සාමුහික ලෙස නිවන්මගට යොමු විය යුතුයි සදහන් නොවේ. එලෙසෙම නිවන් මගට යොමු නොවූ අය අවශයෙන්ම එයින් මුදවා ගත යුතු යයිද සදහන් නොවේ. තවද, ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා , වඩා උචිත වන්නේ වැරදි යයි හැඟෙන දහම මගහැර යාම මිස , එය නිවැරදි කිරීමට එහි ගැටී ගැටී සිටීම නොවේ.
එලෙසම , මට අවබෝධ වන ලෙස, චෝදනා සූත්‍රයේ "චෝදක මහණ" ලෙසම සදහන් වන්නේ, එහි ගිහියෙකු ලෙස අවකාශ ඇති කලානම් ,නිවැරදි දහම නොදැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින නිසා වෙනි. අනෙක් අතට , ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. ) , අනෙකුත් කරුණක් සම්භාන්දයේ නම් එනම් ඉතිහාසය වැනි කරුණු සම්භන්දයෙන් නම් එහි පිළිගත හැකි ස්වතාවරයක් ගොඩ නගා ගත යුතුය (සැලකිය යුතු දැනුමක් ලබා ගත යුතුය). ඒඅනුව චෝදනා සුත්රහි සදහන් වන
අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.
යන කරුණු සියල්ල ම සපුරාලිය හැකිය.