මීවනපලානේ හිමිගේ බස හැසිරවීම

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
පින්වත් Sataninhell,

මම ලියුවේ AIDS/ඩෙංගු ආදිය ගැන රෝහල් ආදියේ කෙරෙන ප්‍රතිකාර ගැන කල හැකි සීමාවන් සහ ස්වරූපයන් සලකායී. ඔබ සර්වප්‍රකාරයෙන් රෝග නැසීමක් ගැන නම් අදහස් කලේ ඊට ඇත්තේ එකම එක ක්‍රමයයි. ඒ රෝග මූලය නැසීමෙන් පමණක්මයි. එනම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් පමණක්මයි. වෙන ක්‍රමයකින් සර්වප්‍රකාරයෙන් රෝග නසන්න බැහැ.

ඉතින් එසේ සර්වප්‍රකාරයෙන් රෝග නසන්න නම් යන්නේ ඊට ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් පමණක්මයි. ඒ අනුපූර්ව ලෙස සංයෝජන ධර්ම ප්‍රහානය කර අවසානයේ මතු නූපදින ලෙස සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ක්ෂය කිරීමෙන්. ඒ නිසයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ලෙසින් වන මාර්ගඵලයන් හිදී අනුපූර්ව සංයෝජන ධර්ම ප්‍රහානයක් පැනවෙන්නේ. එසේ අනුපූර්ව උපක්‍රමයෙන් නැතිව පළමුව තෘෂ්ණාව ක්ෂය කර ඉන් පසුව සංයෝජන ධර්ම නැසීමක් පැනවෙන්නේ නැහැ. ඊට හේතුව නම් රෝගය කුමක්ද, රෝගයට මුල කුමක්ද, රෝගය නැසීම කුමක්ද, රෝගය නසන ප්‍රතිපදාව කුමක්ද යන කිසිම දෙයක් ගැන පූර්ණ වැටහීමක් ආරම්භයේදී යම් පුද්ගලයෙකුට ඇති කර ගන්න බැරි වීමයි. ඒ නිසා අනුපූර්ව උපක්‍රමයෙන් තමයි රෝගයේ මූලය නසන්නේ.

ඉතින් ඒ ආකාරයට හිතුවොත් මීවනපලානේ හිමියන්ට උපකාර කරන්න යනවා නම් රෝග ව්‍යාප්තියට අනුරූපව වට පිටාවේ අයත් නිවැරදි කරගෙන යන අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න වෙන්නේ.

නමුත් මම පෙර කී පරිදි අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම සලකා තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ. ඔවැනි කාරණාවන්ට යොමු වන අය කාලය අකාලය සලකා බලන්නත් ඕනෑ, තමන් කරන්න යන දේ සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද ලෙස සලකා බලන්නත් ඕනෑ, වැඩ සහිත දෙයක්ද නැත්නම් වැඩ සහිත නොවේ දැයි සලකා බලන්නත් ඕනෑ, අන් සුදුසු අයගේ උපකාර ලබන්න පුළුවන්ද බැරිද ලෙස සලකා බලන්නත් ඕනෑ, ඒ කරන දේ වලින් සංඝයාගේ අරගල, කලහ ආදී නොයේක ගැටළු ඇති වේවිද නොවෙවිද ලෙස සලකා බලන්නත් ඕනෑ.

සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හැම විටම පහසු වන්නේ නැහැ. උදාහරණයකට මීවනපලානේ හිමි සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම ගැන පහත වීඩියෝව දැක්විය හැකියී. කෙටියෙන් කීවොත් සාකච්ඡාව අසාර්ථක වීම එහිදී දැකිය හැකියී. එපමණකින් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් "කැමතිනම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා" ආදි ලෙස පවසන අයෙක් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න අපහසුයි.

කෙසේ නමුත් සමහර අය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න කොහෙත්ම බැහැ. දැඩිව මිත්‍යා දෘෂ්ටියක් ග්‍රහනය කරගෙන මම සත්‍ය දනිමී, මම සත්‍ය දකිමී යැයි යම් අයෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අපහසුයි නිවැරදි දේ දකින්න. මෙහෙම කීවත් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් අපහසු බවක් නම් පෙනෙනවා.

එහෙම සූත්‍රයේ යමක් නොතිබූ පමණින් නොමැති කරුණක් ගැන "චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය, අන් අයට නොපැවසිය යුතුය." යන අර්ථයෙන් අවසන් නිගමනයකට යන්නේ කොහොමද? එහෙම අවසන් නිගමනයකට යන්න ප්‍රමානවත් තරම් හේතු සූත්‍රයේ ලියවිලාවත් නැහැනේ. එහෙම බැරි බවට උදාහරණයක් ලෙසනේ මම දේවදත්ත ගැන විස්තරය දැක්වූවෙ.

මම ලියූ දේ ඔබ දැක්වූ වාක්‍ය ඛණ්ඩ මතම පදනම් කර ලියන ලදැයි නොසලකන්න. එහෙම ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව මටත් පසුව වැටහුනා. නිවැරදි කරන විට නිවැරදි කෙරුනේ මම ලියූ අන්තිම ජේද දෙක පමණයි. ඉන් උඩ ජේදය නිවැරදි කරන්න අතපසු උනා. සැකෙවින් නැවත කීවොත්:

චොදනා සූත්‍රයේ ඇති කරුණු පමණක් සලකා ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමට අවකාශයක් නැත. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමටද අවකාශයක් නැත.

"හුදෙක්" යන වචනය නැතිව "එහි සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

"හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ නොතිබෙන සුභාෂිතයක් උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ තිබෙන අන් සූත්‍ර හා විනය කරුණු උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා.

ඒ නිසා "හුදෙක්" යන වචනය නොමැතිව "චොදනා සූත්‍රයේ සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

Skylark

මම ඉසේල්ලත් සදහන් කලේ , තමන් ලෝකෝත්තර මාර්ගයක යනවා නම් , ඊට පරිබාහිරව , අන් අය නිවැරදි කරමින්, එසේ කිරීමට අඩු අවකාශයක් ඇති තැන් වල ගැටෙමින් සිටිනවාට වඩා , එය මග හැර යාම වඩා උචිතයි කියලයි . තවත් අයෙකුට පවතින වැරැද්ද නිවැරදි කර පසුව තමන්ගේ අභිවෘධිය ගැන කල්පනා කිරීමටද හැකිය. මම එහි කිසිම අකුශලයක් , වැරද්දක් නොදකිමි. ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රඥාව අනුව ලබාගන්න අවභෝදයයි.

මා හට , මෙයට අදාල වන භික්ෂුව කෙරෙහි වැයකිරීමට කාලයක් නොමැති නිසා , මම ඒ මහන "විවේචනය " නොකිරීමට යොමුවේ. ඒ නිවැරදි ලෙස ඒ භික්ෂුවට / ඔහුගේ අනුගාමිකයන්ට වැරදි පෙන්වීමට නම් , ඊට කලින් මම ඒ භික්ෂුවගේ ධර්මය හොදින් අද්‍යනය කල යුතු නිසා සහ, මගේ දැනුම හැටියට දැනට ලබාගත හැකි නිවැරදි බුදුදහම ත්‍රිපිටකය තුල ඇතයි (එනයින් වෙන දහමක අවශ්‍ය තාවයක් හට නොගනී) යන දැකීම / අවබෝධය නිසාය යන පදනමේ සිට කරුණු ගෙන හැර දැක්වුයේ.

ත්‍රිපිටකයේ කොතැනවත් , සාමුහික ලෙස නිවන්මගට යොමු විය යුතුයි සදහන් නොවේ. එලෙසෙම නිවන් මගට යොමු නොවූ අය අවශයෙන්ම එයින් මුදවා ගත යුතු යයිද සදහන් නොවේ. තවද, ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා , වඩා උචිත වන්නේ වැරදි යයි හැඟෙන දහම මගහැර යාම මිස , එය නිවැරදි කිරීමට එහි ගැටී ගැටී සිටීම නොවේ.

එලෙසම , මට අවබෝධ වන ලෙස, චෝදනා සූත්‍රයේ "චෝදක මහණ" ලෙසම සදහන් වන්නේ, එහි ගිහියෙකු ලෙස අවකාශ ඇති කලානම් ,නිවැරදි දහම නොදැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින නිසා වෙනි. අනෙක් අතට , ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. ) , අනෙකුත් කරුණක් සම්භාන්දයේ නම් එනම් ඉතිහාසය වැනි කරුණු සම්භන්දයෙන් නම් එහි පිළිගත හැකි ස්වතාවරයක් ගොඩ නගා ගත යුතුය (සැලකිය යුතු දැනුමක් ලබා ගත යුතුය). ඒඅනුව චෝදනා සුත්‍රහි සදහන් වන
අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.

යන කරුණු සියල්ල ම සපුරාලිය හැකිය.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මම ඉසේල්ලත් සදහන් කලේ , තමන් ලෝකෝත්තර මාර්ගයක යනවා නම් , ඊට පරිබාහිරව , අන් අය නිවැරදි කරමින්, එසේ කිරීමට අඩු අවකාශයක් ඇති තැන් වල ගැටෙමින් සිටිනවාට වඩා , එය මග හැර යාම වඩා උචිතයි කියලයි . තවත් අයෙකුට පවතින වැරැද්ද නිවැරදි කර පසුව තමන්ගේ අභිවෘධිය ගැන කල්පනා කිරීමටද හැකිය. මම එහි කිසිම අකුශලයක් , වැරද්දක් නොදකිමි. ඒ ඒ පුද්ගලයන්ගේ ප්‍රඥාව අනුව ලබාගන්න අවභෝදයයි.

අවකාශ අඩු වැඩි බව ප්‍රමුඛතාවය ආදිය තීරණය කිරීමට භාවිතා කලත් බුදුරජානන් වහන්සේත් අවකාශ අඩු තැන් නොසලකා හැර නැහැ. සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වර්ගයේ ගාමණී සංයුක්තයේ ගාමණි වර්ගයයේ ඛෙත්‌තූපම සූත්‍රයෙන් [ ඛෙත්‌තූපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp10/596 ] ඒ බව තේරුම් ගන්න පුළුවන්. එහි මෙසේ සඳහන්:

"ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි."

අන් කාරණාවක් නම් මීවනපලානේ හිමි සම්බුද්ධ සාසනය තුලම හිද පරවාදයක් ඉස්මතු කිරීම ගැටළුවක් වීම. එහිදී ශ්‍රාවක උපාසක උපසාසිකාවනුත් බුදුරජානන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා නම් ඒ පරවාදය මඩින්න ඕනෑ. අන් කරුණුත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු උවත් එම පරවාද මැඩීම යන කරුණට අදාලව විමසනවානම් මීවනපලානේ හිමි එහිමියන්ගේ වැරැද්ද තේරුම් ගනීද, නොගනීද යන්න සැලකිය යුතු කරුණක් නොවෙයි. සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ ඉද්ධිපාද සංයුක්තයේ චාපාල වර්ගයේ චෙතිය සූත්‍රය [ චෙතිය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/34 ] ඇසුරෙන් එය වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයොගක්‍ෂේම බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි"

බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නේ තමන්ගේ අභිවෘද්ධියත්, අන් අයගේ අභිවෘද්ධියත් යන කරුණු දෙකම වෙත ශ්‍රාවකයින් යොමු වීම අගය කරමින්. ඒ නිසා එම කරුණු දෙකම කරන අය උත්තම පුද්ගලයෝ ලෙස දැකීම සුදුසුයි. එවන් උත්තම ක්‍රියාවන් පැසසීමත් සුදුසුයි. එසේ කෙරුමට අන් අයව යොමු කිරීමත් සුදුසුයි. ඒ පරිදි කරුණු සඳහන් සූත්‍ර බොහෝ ගණනක් තිබෙනවා. සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයයේ ඡවාලාත සූත්‍රය [ ඡවාලාත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/202 ] බැලීමෙන් ඒ ගැන වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි."

මා හට , මෙයට අදාල වන භික්ෂුව කෙරෙහි වැයකිරීමට කාලයක් නොමැති නිසා , මම ඒ මහන "විවේචනය " නොකිරීමට යොමුවේ. ඒ නිවැරදි ලෙස ඒ භික්ෂුවට / ඔහුගේ අනුගාමිකයන්ට වැරදි පෙන්වීමට නම් , ඊට කලින් මම ඒ භික්ෂුවගේ ධර්මය හොදින් අද්‍යනය කල යුතු නිසා සහ, මගේ දැනුම හැටියට දැනට ලබාගත හැකි නිවැරදි බුදුදහම ත්‍රිපිටකය තුල ඇතයි (එනයින් වෙන දහමක අවශ්‍ය තාවයක් හට නොගනී) යන දැකීම / අවබෝධය නිසාය යන පදනමේ සිට කරුණු ගෙන හැර දැක්වුයේ.

ඉතින් එය බෙහෙවින්ම ඔබට අදාල කාරණාවක්නේ. ඒ නිසා ඔබ "කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි මුලින්ම පැවසීම වෙනුවට "කතාව නම් ඇත්ත වුනත් හාමුදුරු නමක් විවේචනය කිරීම මට කරන්න බැරිය." වගේ දෙයක්නේ කියන්න තිබ්බේ.

"කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි ඔබ කීවාම අන් අය ඔබේ ප්‍රකාශය බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දෙයක් ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

ඊට අමතරව "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." ආදී ඔබ පැවසූ දේත් කිසිම ධර්මයට සහ විනයට අනුකූල පදනමක් නැති සහ ධර්මයට හා විනයට විරුද්ධ දේනේ. ඉතින් අන් අය ඔබේ ඔවැනි ප්‍රකාශ බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දේ ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

ත්‍රිපිටකයේ කොතැනවත් , සාමුහික ලෙස නිවන්මගට යොමු විය යුතුයි සදහන් නොවේ. එලෙසෙම නිවන් මගට යොමු නොවූ අය අවශයෙන්ම එයින් මුදවා ගත යුතු යයිද සදහන් නොවේ. තවද, ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා , වඩා උචිත වන්නේ වැරදි යයි හැඟෙන දහම මගහැර යාම මිස , එය නිවැරදි කිරීමට එහි ගැටී ගැටී සිටීම නොවේ.

මෙසේ සිතා අන් අය ගැරහීමෙන් වැලකීම, අන් අයට දහම් අවබෝධයට උපකාර නොකිරීම ආදිය ධර්මයට හා විනයට අනුකූල නොවන බව පෙර දැක්වූ ඛෙත්‌තූපම සූත්‍රය, චෙතිය සූත්‍රය සහ ඡවාලාත සූත්‍රය ඇසුරෙන් වටහා ගත හැකියී.

"ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී. ඊට එක් හේතුවක් නම් එවන් කරුණක් නොදැකපු පමණින් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම නොදැන ත්‍රිපිටකයේ එවන් දෙයක් නොමැත යැයි තීරණය කිරීම වැරදි වීමයි. ඊට තවත් හේතුවක් නම් මේ දක්වාත් බලපු සූත්‍ර සහ විනය සැසදීමේදී ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. ඊට තවත් හේතුවක් නම් විශේෂයෙන් සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. මේ හේතූන් නිසා "ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී.

එහිදී "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී. මොකද සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් එසේ සැලකීම නිවැරදි බව පෙනෙනවා. බලපු සූත්‍ර සහ විනය සැසදීමේදීත් එය එසේ සැලකීම සූත්‍ර සහ විනයට ගැලපෙන ලෙස ඇති බව පෙනෙනවා. ඒ නිසා "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී.

එලෙසම , මට අවබෝධ වන ලෙස, චෝදනා සූත්‍රයේ "චෝදක මහණ" ලෙසම සදහන් වන්නේ, එහි ගිහියෙකු ලෙස අවකාශ ඇති කලානම් ,නිවැරදි දහම නොදැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින නිසා වෙනි. අනෙක් අතට , ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. ) , අනෙකුත් කරුණක් සම්භාන්දයේ නම් එනම් ඉතිහාසය වැනි කරුණු සම්භන්දයෙන් නම් එහි පිළිගත හැකි ස්වතාවරයක් ගොඩ නගා ගත යුතුය (සැලකිය යුතු දැනුමක් ලබා ගත යුතුය). ඒඅනුව චෝදනා සුත්‍රහි සදහන් වන

යන කරුණු සියල්ල ම සපුරාලිය හැකිය.

ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ නැති කලා නම්, නිවැරදි දහම දැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින්නේ නැහැ. සූත්‍ර හා විනය දෙස නොබලා නිවැරදි තර්කයෙන් බැලුවත්, සූත්‍ර හා විනයට අනුවත් මනා පරිද්දෙකින් ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ පැවතීම බෙහෙවින්ම ඵලවත් දෙයක් ලෙස පෙනෙන්නේ. ඒ නිසා ගිහියෙකු විසින් මහණුන් විවේචනයට කිසිම අවකාශයක් නැතය කියා තිබුනානම් තමයි බුදු සසුනේ විකෘති බවක් ඇති වන්නේ.

"ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. )" යැයි කොහොම කියන්නද? දෙව්දත් භික්ෂූවක් වී සතර මාර්ගඵලයන් ගෙන් එකක් වත් නොලබා අපා ගත වුනා. නමුත් සෝවාන්, සකෘදාගාමී හා අනාගාමී ඵල සාක්ෂාත් කරපු බොහෝ ගිහියන් සිටියා. ඒ නිසා "ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත." යන්න අසත්‍ය ප්‍රකාශයක්.

ඉතින් "ත්‍රිපිටකයේ ඇතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ එපා කියලා තිබුනත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"තමාට හිත පිණිස ද අන් අයට හිත පිණිස ද පිළිපන් අය අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

Skylark
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
අවකාශ අඩු වැඩි බව ප්‍රමුඛතාවය ආදිය තීරණය කිරීමට භාවිතා කලත් බුදුරජානන් වහන්සේත් අවකාශ අඩු තැන් නොසලකා හැර නැහැ. සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වර්ගයේ ගාමණී සංයුක්තයේ ගාමණි වර්ගයයේ ඛෙත්‌තූපම සූත්‍රයෙන් [ ඛෙත්‌තූපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp10/596 ] ඒ බව තේරුම් ගන්න පුළුවන්. එහි මෙසේ සඳහන්:

"ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි."

අන් කාරණාවක් නම් මීවනපලානේ හිමි සම්බුද්ධ සාසනය තුලම හිද පරවාදයක් ඉස්මතු කිරීම ගැටළුවක් වීම. එහිදී ශ්‍රාවක උපාසක උපසාසිකාවනුත් බුදුරජානන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා නම් ඒ පරවාදය මඩින්න ඕනෑ. අන් කරුණුත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු උවත් එම පරවාද මැඩීම යන කරුණට අදාලව විමසනවානම් මීවනපලානේ හිමි එහිමියන්ගේ වැරැද්ද තේරුම් ගනීද, නොගනීද යන්න සැලකිය යුතු කරුණක් නොවෙයි. සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ ඉද්ධිපාද සංයුක්තයේ චාපාල වර්ගයේ චෙතිය සූත්‍රය [ චෙතිය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/34 ] ඇසුරෙන් එය වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයොගක්‍ෂේම බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි"

බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නේ තමන්ගේ අභිවෘද්ධියත්, අන් අයගේ අභිවෘද්ධියත් යන කරුණු දෙකම වෙත ශ්‍රාවකයින් යොමු වීම අගය කරමින්. ඒ නිසා එම කරුණු දෙකම කරන අය උත්තම පුද්ගලයෝ ලෙස දැකීම සුදුසුයි. එවන් උත්තම ක්‍රියාවන් පැසසීමත් සුදුසුයි. එසේ කෙරුමට අන් අයව යොමු කිරීමත් සුදුසුයි. ඒ පරිදි කරුණු සඳහන් සූත්‍ර බොහෝ ගණනක් තිබෙනවා. සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයයේ ඡවාලාත සූත්‍රය [ ඡවාලාත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/202 ] බැලීමෙන් ඒ ගැන වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි."

ඉතින් එය බෙහෙවින්ම ඔබට අදාල කාරණාවක්නේ. ඒ නිසා ඔබ "කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි මුලින්ම පැවසීම වෙනුවට "කතාව නම් ඇත්ත වුනත් හාමුදුරු නමක් විවේචනය කිරීම මට කරන්න බැරිය." වගේ දෙයක්නේ කියන්න තිබ්බේ.

"කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි ඔබ කීවාම අන් අය ඔබේ ප්‍රකාශය බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දෙයක් ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

ඊට අමතරව "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." ආදී ඔබ පැවසූ දේත් කිසිම ධර්මයට සහ විනයට අනුකූල පදනමක් නැති සහ ධර්මයට හා විනයට විරුද්ධ දේනේ. ඉතින් අන් අය ඔබේ ඔවැනි ප්‍රකාශ බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දේ ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

මෙසේ සිතා අන් අය ගැරහීමෙන් වැලකීම, අන් අයට දහම් අවබෝධයට උපකාර නොකිරීම ආදිය ධර්මයට හා විනයට අනුකූල නොවන බව පෙර දැක්වූ ඛෙත්‌තූපම සූත්‍රය, චෙතිය සූත්‍රය සහ ඡවාලාත සූත්‍රය ඇසුරෙන් වටහා ගත හැකියී.

"ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී. ඊට එක් හේතුවක් නම් එවන් කරුණක් නොදැකපු පමණින් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම නොදැන ත්‍රිපිටකයේ එවන් දෙයක් නොමැත යැයි තීරණය කිරීම වැරදි වීමයි. ඊට තවත් හේතුවක් නම් මේ දක්වාත් බලපු සූත්‍ර සහ විනය සැසදීමේදී ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. ඊට තවත් හේතුවක් නම් විශේෂයෙන් සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. මේ හේතූන් නිසා "ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී.

එහිදී "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී. මොකද සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් එසේ සැලකීම නිවැරදි බව පෙනෙනවා. බලපු සූත්‍ර සහ විනය සැසදීමේදීත් එය එසේ සැලකීම සූත්‍ර සහ විනයට ගැලපෙන ලෙස ඇති බව පෙනෙනවා. ඒ නිසා "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී.

ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ නැති කලා නම්, නිවැරදි දහම දැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින්නේ නැහැ. සූත්‍ර හා විනය දෙස නොබලා නිවැරදි තර්කයෙන් බැලුවත්, සූත්‍ර හා විනයට අනුවත් මනා පරිද්දෙකින් ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ පැවතීම බෙහෙවින්ම ඵලවත් දෙයක් ලෙස පෙනෙන්නේ. ඒ නිසා ගිහියෙකු විසින් මහණුන් විවේචනයට කිසිම අවකාශයක් නැතය කියා තිබුනානම් තමයි බුදු සසුනේ විකෘති බවක් ඇති වන්නේ.

"ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. )" යැයි කොහොම කියන්නද? දෙව්දත් භික්ෂූවක් වී සතර මාර්ගඵලයන් ගෙන් එකක් වත් නොලබා අපා ගත වුනා. නමුත් සෝවාන්, සකෘදාගාමී හා අනාගාමී ඵල සාක්ෂාත් කරපු බොහෝ ගිහියන් සිටියා. ඒ නිසා "ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත." යන්න අසත්‍ය ප්‍රකාශයක්.

ඉතින් "ත්‍රිපිටකයේ ඇතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ එපා කියලා තිබුනත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"තමාට හිත පිණිස ද අන් අයට හිත පිණිස ද පිළිපන් අය අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

Skylark

ඔබ පවසන කාරනා ප්‍රඥා ගෝචර වේ. මගේ අදහස වුයේ , ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි . එලෙසම බහුතර ගිහියන් අවශයෙන්ම ධර්මයේ නොහැසිරෙන නිසා ඔවුන් සංඝයා විවේචනය කිරීම නොකළ යුතු බවයි. නමුත් ඔබ ගෙන හැර දැක්වූ දහම් කරුණු "සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්" යන්න මානව පසක් වේ.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ඔබ පවසන කාරනා ප්‍රඥා ගෝචර වේ. මගේ අදහස වුයේ , ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි . එලෙසම බහුතර ගිහියන් අවශයෙන්ම ධර්මයේ නොහැසිරෙන නිසා ඔවුන් සංඝයා විවේචනය කිරීම නොකළ යුතු බවයි. නමුත් ඔබ ගෙන හැර දැක්වූ දහම් කරුණු "සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්" යන්න මානව පසක් වේ.

පින්වත් Sataninhell,

ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. මොකද නොදැනුවත්ව ධර්මය විකෘති කරන නමුත් නිවැරදි දේ වටහා ගැනීමට හැකි අය ඉන්නවා. නමුත් යම් අයෙක් මහා පරිමානයෙන් ධර්මය විකෘති කලත් එපමණකින් ඒ පුද්ගලයා නිවැරදි දේ කුමක්දැයි වටහා ගන්න බැරිම පුද්ගලයෙක් ලෙස සලකන්න බැහැ. ඒ නිසා පළමුව උත්සාහ කර බැලීම සුදුසුයි. අඩු තරමින් එසේ උත්සාහ කරන කෙනාගේ දහම් ඇස ඒ ක්‍රියාවෙන් වැඩි වැඩියෙන් පෑදෙනවා.

තවත් කරුණක් නම් ධර්මය විකෘති කරන අය සහ විකෘති කිරීම් ගැන කිසිවක් නොකර හිටියොත් එය සම්මා සම්බුද්ධ සාසනයේ වහ වහා අතුරුදහන් වීමට හේතුවක් වෙනවා. කිසිවක් නොකර හිටියොත් අධර්මය සහ අවිනය පතුරුවන අය ටිකෙන් ටික ඒ අධර්මය සහ අවිනය පැතිරවීම කර ගෙන ගියාම යම් කාලයකදී කුමක්ද ධර්මය, කුමක්ද අධර්මය, කුමක්ද විනය, කුමක්ද අවිනය කියලා තෝරා බේරා ගන්න අමාරු වෙනවා. මොකද ඒ තරමටම බහුල ලෙසින් අධර්මය සහ අවිනය පැතිරුනාම ධර්ම සහ විනය ලෙස බහුලවම සලකන්නෙත් අධර්මය සහ අවිනය වීම නිසා. අන්‍ය ආගමිකයෙක් උනත් බුදු සසුනට ප්‍රසාදයක් නැතිව බුදුන් දෙසූ ධර්මය හා විනය ලෙසින් අධර්මය සහ අවිනය පතුරුවන්න ගත්තොත් ඒත් වෙන්නේ ඔය හානියමයි. ඒ නිසා ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ. එපරිද්දෙනුත් ධර්මය විකෘති කිරීම වැලැක්වීමට ක්‍රියා කිරීම නිෂ්ඵල නොව ඵල ඇති ක්‍රියාවක් ලෙස දකින්න පුළුවන්.

තවත් සමහර ධර්මය විකෘති කරන අය වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න යැයි ඉල්ලා හිටියත් ඒ පුද්ගලයින්ව නිවැරදි නොකරන්න යෑම සුදුසු අවස්ථාවල් තිබෙනවා. උදාහරණයකට බුදුන්ට, දහමට සහ සඟුන්ට අකාරණව දොස් පවරන, බැන වදින, හිරිහැර කරන පුද්ගලයින් ඉල්ලුවත් ඔවුන්ව නිවැරදි කරන්න යෑම සුදුසු නැහැ. නමුත් එහිදීත් ඔවුන් යම් ධර්ම විකෘතියක් කරනවානම් ඔවුන්ව නිවැරදි නොකර අන් පරිද්දෙකින් ඒ විකෘතිය විකෘතියක් ලෙසින්ම අන් අයට වටහා ගන්න සැලැස්වීමට කටයුතු කරන්න ඕනෑ. එයිනුත් ධර්මය සහ විනය විකෘති වීම වැලකෙනවා.

ඔය ආදී හේතුන් නිසා ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ.

සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ මහානාම සූත්‍රයට අනුව [ මහානාම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/248 ] ශ්‍රාවක උපාසකයෙකු හෝ උපාසිකාවක වීමේ අවම නිර්නායකය නම් තිසරණ සරණ ගිය බවයි. ඒ නිසා ඔබ පවසා ඇති "බහුතර ගිහියන් අවශයෙන්ම ධර්මයේ නොහැසිරෙන නිසා" යන්නෙහි වරදක් තිබෙනවා. ඒ නිසා නාම මාත්‍රික ගිහියන් පැත්තකින් තියමුකො. තම තමන්ගේ දහම් අවබෝධයේ පමණ අනුව කවරක් යහපත්ද, කවරක් අයහපත්ද ලෙස ඒ ඒ පුද්ගලයාගේ දහම් අවබෝධයට අනුරූප සීමාවන් තුල නිවැරදිව තීරණය කරන්න ගිහියන්ට හැකියීනේ. උදාහරණයකට ගිහියන් මුදල් භාවිතා කරනවා, නමුත් සංඝයාට මුදල් භාවිතා කිරීම අකැපයි. ඉතින් මහා පරිමාණ ධර්ම අවබෝධයක් නැති උවත් සුළුවෙන් හරි බුදුරජානන් වහන්සේ ගැන, දහම් ගැන සහ සඟුන් ගැන ප්‍රසාදයක් ඇති ගිහියෙක් සංඝයා මුදල් භාවිතා කිරීම නුසුදුසු බව දැන ඒ කරුණින් යම් භික්ෂූන් වහන්සේ නමක්ව මනා ආකාරයකින් විවේචනය කරනවා නම් එය උතුම් ක්‍රියාවක්. එසේ චූදිත භික්ෂූවත් ඒ ගැන සලකා තමන්ගේ වැරැද්ද නිවැරදි කර ගත්තොත් කෙතරම් භාග්‍යයක්ද? අනිත් අතට එසේ නිවැරදි වන භික්ෂූන් තමන්ව නිවැරදි කරපු අයගේ යහපත ගැන විශේෂයෙන් සලකනවා. ඒ කෘතගුණ දැක්වීම සත්පුරුෂ ස්වරූපයක් නිසා. ඒ නිසා වඩාත් සුදුසු දේ තමයි තම තමන්ගේ දහම් අවබෝධයේ තරම සලකා කෙසේ චෝදනා කිරීමද සුදුසු කියලාත් විමසා බලා සුදුසු පරිද්දෙකින් කටයුතු කිරීම. සෑම ගිහියෙක්ම තමන්ගේ ධර්මය සහ විනය ගැන වැටහීම අඩු නම් ධර්මය සහ විනය ගැන වැඩි වැටහීමක් ලබා ගන්න උත්සාහ ගැනීම සුදුසුයි. එහිදී ගැරහීමම උතුම්ය, දහම් ඉගෙන ගෙන අන් අය ගරහමින් ඔවුන්ට දහම් අවබෝධය ලබා දෙමි ආදී ලෙස හිතා නොවෙයි දහම් අවබෝධයට උත්සාහ කල යුත්තේ. එහිදී උත්සාහ කල යුත්තේ ධර්මය අවබෝධ කරමි, එයම උතුම්ය යන අදහසින්.

තවද සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්‌මික සූත්‍රය [ දාරුකම්‌මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/194 ] හොදින් කියවා බලන්න. එහිදී ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව භික්ෂූන්වහන්සේලාව ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙන බව දැකිය හැකියී. ඉතින් සකාරණව බිදිය නොහැකි සුභාෂිතය ත්‍රිපිටකයේත් එපරිද්දෙන්ම ඇති බව ඔබට දැකිය හැකියී.

Skylark

--
මහානාම සූත්‍රය දක්වා ඇති ඡේදයේ මුලින් පැවති වරදක් පසුව නිවැරදි කරන ලදී.
 
Last edited: