මීළග ජනපති බැසිල්..Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    මීලග ජනාධිපතිවරණයට බැසිල් බව පොහොට්ටුව නිල වශයෙන් කියයි…


    z_p01-Basil-Rajapaksa.jpg



    2024දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් සහ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමටත් නොහැකි නිසා ඊට සුදුසුම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

    එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව පැවසීය.

    කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි ද පැවසූ ඔහු විවිධ ප්‍රකාශ කර පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ නොවන බවද සඳහන් කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් යැයිද ඔහු කියා සිටියේය.

    බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් ඔහුට හෝ පොහොට්ටුව වැට්වවීමට කිසිදු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

    -lcn-

    මේ විනාශයෙන් බේරගන්න තමයි විමල් වළි ඇද්දේ..ගලබොඩ අත්තේ හාමුදුරුවොත් කිව්වා උන්වහන්සේට පාර්ලිමේන්තුවට එන්න බැරි කලේ බැසිල් කියලා..ඒ වගේම බදියුදින්ට කැලෑ කපන්න අවසර දුන්නෙත් බැසිල් කියලා ලොකු රාවයක් ගියා..:shocked:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මොනා කරන්නද බන් විපක්ශෙ හොද එකෙකුත් නෑනෙ දෙන්න. සජිත්ට වඩා බැසිල් සර් නම් හොදයි - බයි ලොජික්ස් 1073
     
    • Like
    Reactions: Solo Rider