මීළඟ ඇමරිකානු ගොඳුර

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මීළඟ බටහිර ගොදුර

3c0a9969f3c502c617d054074fb7-grande.jpg



"ලිබියාවේ කාර්යභාරය අවසානයි. දැන් අපගේ මීළඟ ක්‍රියාදාමය සිරියාවයි"යයි නවදිල්ලියේ ප්‍රංශ තානාපති කාර්යාලයේ පැවැති උත්සවයක්‌ ඇමතූ
ප්‍රංශ විදේශ ඇමැති ඇලන් ජුසේ විසින් පවසා ඇත.

ප්‍රංශ විදේශ ඇමැතිගේ මේ ක්‍රියාදාමයෙන් සනාථ වන්නේ ලිබියාවට කළ දේම සිරියාවට සිදු කිරීමට නේටෝ බළකායට අවශ්‍ය බවයි.



මෙයට දෙමසකට පෙර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ගෙන ආ අතර චීනය සහ රුසියාව විසින් ඊට එරෙහිව නිශේධ බලය භාවිත කිරීමෙන් එම යෝජනාව ප්‍රතික්‌ෂේප විය.



ඇමරිකාව විසින් ඉරාකය පරාජය කිරීමෙන් පසු එවකට සිටි ඇමරිකානු ජනාධිපති ජෝර්ජ බුෂ් සිරියානු රජය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල උපදෙස්‌ පිළිගත යුතු බව කියා සිටියේය. මෙයට සමගාමීව ප්‍රකාශයක්‌ කළ ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්‌විල්ඩ් පැවසුවේ සිරියාව ත්‍රස්‌තවාදයට උදව් කරන බවයි.



සිරියාවේ නායකයාව සිටි නවිස්‌ අල් අසාද්ගේ මරණින් පසු නව සිරියානු පාලකයා වූයේ බෂිර් අල් අසාද්ය. බෂිර් අල් අසාද් මෑතකදී ලෙබනන් පුවත්පතක්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වමින් ඇමරිකාව විසින් ඉරාකය අල්ලාගත් බවටත් මැද පෙරදිග කටයුතුවලින් ඇමරිකාව පන්නා දැමීමට අරාබි රටවල් ඉදිරියට පැමිණිය යුතු බවත් පවසනු ලැබීය. මේ ප්‍රකාශය ඇමරිකානු පාලනයේ උදහසට ලක්‌විය. මේ අතර ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට්‌ කමිටුවේ නියෝජිත ජෝන් මැකේන් පැවසුවේ ඇමරිකානු ලැයිස්‌තුවේ මුලින්ම සිටින්නේ සිරියාව බවයි.


623930-11-03-31-bashar-al-assad.jpg

බෂිර් අල් අසාද්




මානුෂික ක්‍රියාදාමය මුවාවෙන් සිරියාව ආක්‍රමණය කිරීම සඳහා නේටෝ බළකායට ඉඩදීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණක්‌ වී තිබේ. ලෝක ආර්ථික සමුළුව අමතමින් මැකේන් මෙසේ පැවසීය. “ලිබියාවේ දියත් කළ හමුදා මෙහෙයුම දැන් අවසානයි. සිරියාවේ සිවිල් ජීවිත රැක ගැනීම පිණිස හමුදාව මැදිහත් වීමක්‌ සඳහා දැන් අවධානය යොමුවී තිබෙනවා”.



මාකේස්‌ගේ මේ ප්‍රකාශයට සහය පිණිස බටහිර මාධ්‍ය විසින් සිරියාවේ සිවිල් වැසියන් 3000 ක්‌ද, ළමුන් 187 ක්‌ද මියගොස්‌ ඇති බවට ප්‍රචාරය කර තිබේ. ඒ සමගම තවදුරටත් ප්‍රකාශයක්‌ කළ මාකේන් සමූල ඝාතනය ක්‍රියාදාමයෙන් ගැලවීමට අසාද්ට නොහැකිය. හැබැයි ඒ වැරැද්ද කළා. ඒ නිසා ඔහුට වන්දි ගෙවීමට සිදුවුණා යෑයි මැකේන් තවදුරටත් පවසා ඇත.



මේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ සිරියාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමද් නවාස්‌ පැවසුවේ විදේශ මැදිහත් වීමක්‌ තුළින් සිරියාව විනාශ මුඛයට ළංවන බවයි. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන්ටද සිරියාවේ රජය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාව මතුවී ඇත. ඇය මේ ප්‍රකාශය කර පැය කීපයක්‌ ගතවීමට පෙර ජෝන් මැකේන් පැවසුවේ සිරියානු හමුදාවේ සෙබළුන් රජය අත්හැර සිරියානු ප්‍රාන්ත කමිටුව නමැති සංවිධානයකට සම්බන්ධවී ඇති බවයි.



ජෝන් මැකේන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ කැනඩාවේ සිරියානු තානාපති අන්දේ අහමද් ඉරාකයේ විනාශකාරී ආයුධ තිබෙන බව පවසමින් ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කළා. එහෙත් සොයාගත් දෙයක්‌ නැත යෑයි කියා සිටියේය.



එහෙත් ඇමරිකාව විසින් සිරියාව ඉලක්‌ක කර ඇත්තේ පසුගිය අප්‍රේල් මස සිටය. මැයිසස්‌ රූපට්‌ නමැති මාධ්‍යවේදියා දක්‌වන අන්දමට බටහිර අධිරාජ්‍යවාදී හමුදා යාන්ත්‍රණය දැන් සිටම සිරියාවේ මෙහෙයුමට සූදානම් වී සිටී. මෙය ජනාධිපති ඔබාමාගේ විශාල ක්‍රියාව යෑයිද ඔහු හඳුන්වා ඇත.

මේ පසුබිම මැද ඇමරිකාව යළිත් වරක්‌ සූදානම් වන්නේ සිරියානු නායකයාටද නඩු නැති මරණයක්‌ අත්කරදීම බව පැහැදිලිය.



එලෙස ඇමරිකානු ඉලක්‌කය සාර්ථක වූවොත් ඊළඟ ඉලක්‌කය ඉරානයයි. එහෙත් ඉරානය න්‍යෂ්ටික අවි භාවිත කළහොත් යන ප්‍රශ්නය ඇමරිකානුවන් හමුවේ පවතී.





නමුත් අවිගත්තෝ කෙදිනක හෝ අවියෙන්ම නසිති...





30/10/2011 දිවයින දියග පුවත්පත ඇසුරෙනි
 
Last edited:
  • Like
Reactions: buddikagayan

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
අපේ උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
උන් අපේ යාලුවොනේද?



උන්ගේ ඔක්කොම මිත්‍රකම් මූනට විතරයි...
උන්ට උඩින් යන්න හදන ඕන රටකට අයිතිවෙන්නේ ලිබියාවේ ඉරණම තමා...

 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උන්ගේ ඔක්කොම මිත්‍රකම් මූනට විතරයි...
    උන්ට උඩින් යන්න හදන ඕන රටකට අයිතිවෙන්නේ ලිබියාවේ ඉරණම තමා...


    :nerd:
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
    ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
    සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

    ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
    ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
    අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
    උන් අපේ යාලුවොනේද?

    දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ :(


    ඔව ඔව මිත්‍රයි තමයි බන.... උන් අපිත් එක්ක තරහ උනත් අපි මිත්‍ර වෙන්න ඕනේ ? නැත්නම් බැ නේ :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
    ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
    සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

    ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
    ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
    අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
    උන් අපේ යාලුවොනේද?

    දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ :(


    :yes:
     
    • Like
    Reactions: pavithra_uk and gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
    ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
    සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

    ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
    ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
    අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
    උන් අපේ යාලුවොනේද?

    දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ :(

    මේකනේ යාලුව,මිත්‍රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්‍රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්‍රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ :yes:
    මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?

    ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ? :confused:
     
    • Like
    Reactions: yasas bandara
    Nov 2, 2011
    990
    76
    0
    අනේ බන්ස් මමනම් ඇමරිකාවට කඩේ ගියේ නෑ..:sorry: :no:
    මම Genuine මහා කලු සිංහලයෙක්:) :yes: සිරාවටම
    (ඉස්සර මුතුන් මිත්තො සුද්දන්ට ගහපු කඩු කිනිසි එහෙමත් ගෙදර තියේ තාම
    උන් අපිට ගහපු කාල තුවක්කු උන්ඩෙකුත් තියේ)

    සුද්ද අඩුම ගානෙ මට පාන් කෑල්ලක්වත් දුන්නයෑ ..:P

    ubanevi ban ~titi~ :yes:
    ekige tatta new zealand lu
    itin batahira ne
    5.gif

    meki bageta suddiyak
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ බන්ස් මමනම් ඇමරිකාවට කඩේ ගියේ නෑ..:sorry: :no:
    මම Genuine මහා කලු සිංහලයෙක්:) :yes: සිරාවටම
    (ඉස්සර මුතුන් මිත්තො සුද්දන්ට ගහපු කඩු කිනිසි එහෙමත් ගෙදර තියේ තාම
    උන් අපිට ගහපු කාල තුවක්කු උන්ඩෙකුත් තියේ:P

    සුද්ද අඩුම ගානෙ මට පාන් කෑල්ලක්වත් දුන්නයෑ ..:P
    :lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    ubanevi ban ~titi~ :yes:
    ekige tatta new zealand lu
    itin batahira ne
    5.gif

    ඈහ්හ්...එහෙම සීන් එකක්ද..!:eek:
    අවුලක් නෑ තාත්ත නිව්සීලන්ඩ් උනාට අම්ම ශ්‍රීලංකන්නෙ..!:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඈහ්හ්...එහෙම සීන් එකක්ද..!:eek:
    අවුලක් නෑ තාත්ත නිව්සීලන්ඩ් උනාට අම්ම ශ්‍රීලංකන්නෙ..!:D
    ඕවා බොරු කතා ගනන් ගන්න එපා ;)